දේවපතිරාජ විද්‍යාලය

ආරම්භය

Devapathiraja College
දේවපතිරාජ විද්‍යාලය
Devapathiraja College Emblem
Location
Map

ඛණ්ඩාංක6°06′11″N 80°08′55″E / 6.1030079°N 80.1486151°E / 6.1030079; 80.1486151 80°08′55″E / 6.1030079°N 80.1486151°E / 6.1030079; 80.1486151
තොරතුරු
වර්ගයජාතික පාසල්
ආදර්ශ පාඨය"විජ්ජා උපපතතං සෙට්ඨා"
Vijja Upapaththan setta
ආරම්භ කලේ1920
ආදිකර්තෘසර් අර්නස්ට් ද සිල්වා
විදුහල්පතිසැම් ද සිල්වා මහතා
ශ්‍රේණිClasses 6 – 13
බාලක/බාලිකාබාලක / බාලිකා (මිශ්‍ර)
වයස් පරාසයව්වුය්රස්ද 12 - 19
Enrollment2200
අනුබැඳියබෞද්ධ

20 වන ශතවර්ෂයේ මුල් අවධියේදී, රජ්ගම ජනතාව සමාජීය හා මූල්‍ය ගැටලු රැසකට මුහුණ දුන්හ. බොහෝ අයට නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව නොලැබුණු අතර, ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් නූගත් බවට පත් වූහ. එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා තම පාරම්පරික නිවසත් ඊට යාබද අක්කර අටක ඉඩමත් පාසලක් බවට පත්කිරීමට අඩිතාලම දැමුවේය.

1920 දී තනි ගොඩනැගිල්ලක් ඉදිකරන ලද අතර දේවපතිරාජ අමාත්‍යවරයා සිහිපත් කිරීම සඳහා පාසල දේවපතිරාජ විද්‍යාලය ලෙස නම් කරන ලදී. දරුවන් අට දෙනෙකුගෙන් පාසල ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ පෙරේරා මහතාය. 1926 – 1935 කාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සර්ලින් ද සොයිසා මහතා පාසල දියුණු කිරීමට විශාල සේවයක් කළා. අධ්‍යාපනය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සිදු වූ අතර සිසුන්ට රජයේ විභාගවලට ද පෙනී සිටිය හැකි විය.

1929 දී දිවංගත ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතා , ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ සුප්‍රසිද්ධ ගායන ශිල්පිනී සරෝජිනී නායිදු දේවපතිරාජ විද්‍යාලයට පැමිණියා.

බාලක හා බාලිකා පාසල්

ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වූ විට පාසල බාලිකා හා පිරිමි ලෙස බෙදා තිබුණි. 1932 දී, පාසල ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් සඳහා පිළිවෙලින් උදෑසන සහ දහවල් සැසි දෙකෙන්ම ආරම්භ විය. 1942 පෙබරවාරි 07 වැනි දින විද්‍යාලයේ දෙවන ගොඩනැගිල්ල එවඩ්නේ ද සිල්වා මැතිනිය විසින් විවෘත කරන ලද අතර, අනතුරුව, බාලිකා විද්‍යාලය වෙනම පිහිටුවන ලදී.

තව දුරටත් දියුණු වීම

නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට ආරම්භ වීමට පෙර සිටම දේවපතිරාජ සිසුන් එම පහසුකම් අත්විඳ ඇත. හිටපු විදුහල්පති එෆ්.එම්.රාජකරුණා මහතාගේ කාලයේ දී ඔහු සිසුන්ට අධ්‍යාපනය පමණක් නොව ආහාර, පොත්පත්, නිල ඇඳුම් ආදිය ලබාදීමට මුල පිරුවේය. තවද, ඔහු වෘත්තීය පුහුණුව හඳුන්වා දුන් අතර පාසල් හැර යන අය සඳහා වඩු කාර්මික පාසලක් සහ රෙදි වියන පාසලක් ස්ථාපිත කළේය. ද සොයිසා මන්තී‍්‍රතුමා විදුහල්පතිව සිටි කාලයේ අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ආරම්භ කළා.

එෆ්.එම්.රාජකරුණා මහතාගේ කාලයේ පාසලට මලල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලැබුනි. දේවපතිරාජ මලල ක්‍රීඩා බොහෝ දකුණු පළාත්වල සහ සමස්ත ලංකා ක්‍රීඩා කටයුතුවල පාසලේ නම දීප්තිමත් කරයි. 1961 දී පිට පළාත් 'ටැබ්ලට් කුසලානය' පාසලට ගෙන ඒමට ඔවුන්ට හැකි විය.

1960 දී පාසල රජයේ පාසලක් බවට පත් වූ අතර තවත් නව ගොඩනැගිල්ලක් පාසල් භූමියට එක් විය. 1968 දී පාසල් දන්ත ශල්‍යකර්ම ඒකකය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් විවෘත කරන ලදී.

පී විජේවර්ධන මහතාගේ කාලයේ පාසල් ශිෂ්‍යභට, බාලදක්ෂ, පෙරදිග තූර්ය වාදක කණ්ඩායම බිහි විය. ඉන්පසුව සංගීතය භාර ගුරුවරයා වූ ධනපාල මෙන්ඩිස් මහතා පාසලට සුවිශේෂී සේවයක් කළේය. 1971 දී පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ පාසල් ඉතිරි කිරීමේ බැංකුව පිහිටුවන ලදී. මෙහි තවත් දෙමහල් ගොඩනැගිල්ලක් පාසලට එකතු විය. 1976 වසරේ උසස් පෙළ අංශයට විද්‍යා හා වාණිජ විෂය ධාරාවන් දෙකම හඳුන්වා දෙන ලදී.

බාලක හා බාලිකා පාසල් ඒකාබද්ධ කිරීම

දේවපතිරාජ පිරිමි විද්‍යාලය සහ බාලිකා විද්‍යාලය යන දෙක එකට සම්බන්ධ වූ අතර පාසල මධ්‍ය විද්‍යාලයක් දක්වා උසස් කරන ලදී. පසුව එම විද්‍යාලය දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලය ලෙස නම් කරන ලදී. එම වසරේම පාසල සිය 75 වන සංවත්සරය සමරන ලද අතර, පාසල ජාතික විද්‍යාල මට්ටමට උසස් කරන ලදී.

නව භූමියක පාසල පිහිටුවීම

සුනාමි ව්‍යසනයෙන් පසු පාසල රට අභ්‍යන්තරයට ගෙන ගොස් නව පාසල 2008 දී විවෘත කරන ලදී. නව පාසල් පරිශ්‍රය වඩා ඉඩකඩ සහිත වන අතර ළමයින් වැඩි පහසුකම් භුක්ති විඳිති. මේ වන විට විදුහල්පති කේ.එස්.ඩබ්ලිව්.ජේ.ද සිල්වා මහතා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස පාසල නඟා සිටුවීමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ