ෆොන්ටෙරා

සීමාසහිත ෆොන්ටෙරා සමූපකාර සමූහ ව්‍යාපාරය යනු නවසීලන්ත ගොවීන් 10,600 විසින් හිමිකත්වය දරන නවසීලන්ත බහුජාතික කිරි පට්ටි සමුපකාරයකි. [2] ලොව මුළු කිරි පට්ටි නිෂ්පාදිත අපනයනයන්ගෙන් දළ වශයෙන් 30% වෙනුවෙන් මෙම සමාගම වග කියන අතර, [3] NZ$19.87 බිලියන ඉක්මවන ආදායමක් සහිතව,[1] නවසීලන්තයේ විශාලතම සමාගම වෙයි.

සීමාසහිත ෆොන්ටෙරා සමූපකාර සමූහ ව්‍යාපාරය
වර්ගයසමූපකාර
පිහිටුවනු ලැබුවේ2001 (2001)
මූලස්ථානයඕක්ලන්ඩ්, නවසීලන්තය
ප්‍රධාන පුද්ගලයෝ
  • ජෝන් විල්සන්, සභාපති
  • තියෝ ස්පයිරිංග්ස්, ප්‍රවිනි
කර්මාන්තයනිෂ්පාදක, සිල්ලර වෙළෙන්දා
නිෂ්පාදිතකිරි, බටර්, චීස්, අයිස්-ක්‍රීම්
ආදායම නසී$19,871මි (2010-11)[1]
ක්‍රියාත්මක ආදායම නසී$965මී (2010-11)[1]
ලාභය නසී$771මී (2010-11)[1]
මුළු වත්කම්නසී$15,530මී (2010-11)[1]
මුළු සමකොටස්නසී$6,541මී (2010-11)[1]
සේවාදායකයෝ17,000[2]
අනුබද්ධ සමාගම්ඇන්කර්, ඇන්මම්, ඇන්ලීන්, මේන්ලන්ඩ් චීස්, ටිප් ටොප්
වෙබ් අඩවියfonterra.com

ෆොන්ටෙරා සමාගම සබැඳි අන්තර්ජාතික ගැටළු

සන්ලු ලදරු කිරිපිටි ජාවාරම

නවසීලන්තය විසින් ඉරාකයට හමුදා යැවීම

ක්‍රි.ව. 2010දී කල විකිලීක්ස් හෙලිදරවුවකට අනුව අ.එ.ජ. විසින් ඉරාකය ආක්‍රමණය කල පසු නවසීලන්තය විසින් 2003දී තම හමුදා ඉරාකවට යවා ඇත්තේ ෆොන්ටෑරා සමාගමට කිරි සැපයීමේ කොන්ත්‍රාත්තු දිගටම ලබාගැනීම‍ සඳහාම වේ.

ඉතිහාසය

හැමිල්ටන් නගරයට උතුරින් පිහිටි ටෙ රාපා කිරි පට්ටි නිෂ්පාදිත කම්හල.

බොහෝ බටහිර රටවල ලෙසම, නවසීලන්තයෙහිද, කර්මාන්ත ක්ෂේත්‍රයෙහි මූලික සංවිධානාත්මක ව්‍යුහයෙහි බොහෝ කලක සිට පැවතීමට කිරි පට්ටි සමූපකාරයන් සමත්වී ඇත. පළමු කිරි පට්ටි සමූපකාරය 1871දී ඔටාගා හි පිහිටුවන ලදි. 1920 වන විට, කිරි පට්ටි නිෂ්පාදිත සකස්කරන කම්හල් 600 ක් ක්‍රියාත්මකව තිබූ අතර ඒවායින් 85% පමණ අයත්ව තිබුණේ සමූපකාර සංගම් වලටය. [4] 1930 ගණන් වලදී සමූපකාර සංගම් 500 පමණ තිබූ මුත්[5] දෙවන ලෝක යුද්ධයට පසුව, ගමනාගමන කටයුතු, සකස්කිරීමේ තාක්ෂණය සහ ශක්ති ප්‍රභව පද්ධතීන්හී වැඩිදියුණුව හේතුවෙන්, එකාබද්ධවීමේ නැඹුරුතාවයක් පෙන්නුම් කල අතර, සමූපකාර සංගම් ඒකාබද්ධ වීමෙන් ඒවා විශාල වෙත්ම සංඛ්‍යාවෙන් අඩු විය.[6]

ආශ්‍රිත ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆොන්ටෙරා&oldid=265214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ