ෆ්‍රෙඩී සිල්වා

හල්පෙ ලියනගේ මොරිස් ජෝසෆ් ද සිල්වා (උපත 1938 පෙබරවාරි 06 - විපත 2001 ඔක්තෝබර් 29), හෙවත් ෆ්‍රෙඩී සිල්වා, යනු ශ්‍රී ලංකා සිනමා නළුවෙකු හා පසුබිම් ගායකයෙකුද වෙයි.[1] ඔහු රිදී තිරයහි 1973 සිට 2002 දක්වා රැදී සිටියේය. ෆ්‍රෙඩී ප්‍රකට වූයේ 1960, 1970 සහ 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විකට නළුවා ලෙසය.[2][3] ඔහු චිත්‍රපට 450කට අධික සංඛ්‍යාවක පෙනී සිටි අතර ඉන් 300ක් සිංහල සිනමාවේ පනස් වසර සැමරුමේදී ප්‍රදර්ශනය කෙරුණේය.[4]

ෆ්‍රෙඩී සිල්වා
Freddie Silva
උපත
හල්පෙ ලියනගේ මොරිස් ජෝසෆ් ද සිල්වා

මැයි 18, 1938(1938-05-18)
මියගිය දිනයඔක්තොම්බර් 29, 2001(2001-10-29) (වයස 63)
රාවතාවත්ත, ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයසාන්ත සෙබස්තියන් විදුහල
රැකියාවනළුවෙක්, පසුබිම් ගායකයෙක්
සක්‍රීය වසර1963-2002
කලත්‍රයා(යන්)කමලා සිල්වා
මානෙල් චන්ද්‍රලතා
දරුවන්ජනේෂ් සිල්වා
චාන්දනී සිල්වා
සම්මානරණ තිසර සම්මානය
ආගමරෝමානු කතෝලික

පෞද්ගලික ජීවිතය

සිල්වා 1938 මැයි 18 වැනි දින ශ්‍රී ලංකාවේ මොරටුව පුවක්කරඹ ප්‍රදේශයේදී පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීය. සිල්වාගේ පියා මොරටුව නගර සභාවේ අවේක්ෂකයෙකු වූ අතර ඔහුගේ මව ගැලවීමේ හමුදාවේ සාමාජිකාවකි. වැඩෙන විට ඔහු ගායනයට හා නැටුම් වලට වශී විය. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඔහුගේ උසස් අධ්‍යාපනය විය.[5]

සිල්වා 2001 ඔක්තෝබර් 29 දින සිද්දමුල්ලේදී මිය ගියේය.[5]

ගායකයෙකු ලෙස

ෆෙ‍්‍රඩී කලා ලොවට එක් වනුයේ ගායකයෙකු හැටියටය. සාදයකය වූයේ 1950 දී ෆ්‍රෙඩී ඇලන්සන් මෙන්ඩිස් තරඟ වටයට ගැයූ බාර් බාර් බාර් ගීතයයි. ඔහුගේ ගායනය බලා සිටි එවකට අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල එයින් කෙතරම් වසඟයට පත් වූවා ද යත්, ඔහු ෆ්‍රෙඩීගෙන් ඒයි කොල්ලෝ උඹේ කකුල් වලට ස්ප්‍රීන් හයි කරලද? ඇසීය. ෆ්‍රෙඩී රස්සාවක් සොයමින් සිටින බව එතුමාට පවසා ඇත. එසැණින්ම ලියුමක් ලියා ෆෙ‍්‍රඩී අත තැබුවේ "ලිවි විජේමාන්න" මාර්ගයෙන් ගුවන් විදුලියට ගොස් ගීත ගයන්න ඉඩ හසර ලබා දෙමිනි.

ෆෙ‍්‍රඩීගේ මුලින්ම් පටිගත කල ගීතය මොට්ටපාලයි. ඔහු ඉන්පසුව නැවතත් බාර් බාර් ගීතය නැවුම් මුහුණුවරකින් පී.ඇල්.ඒ. සෝමපාල සමඟින් ගායනා කරනු ලැබූවා. එය සාර්කත්වයටම ලඟා වූයේය. විකට ගී ගායනයේදී ඔහු ගීත කලාවේ අලුත් පෙරැළියක් කළේ "බොරු කකුල් කාරයෝ", "ගිනි බෝල බෝල", "අලුත් කලාවක්" වැනි උපහාසාත්මක ගීත ශෛලියක් හඳුන්වා දෙමිනි. මෙම ගීත රචනා කිරීමේදී ෆෙ‍්‍රඩී සිල්වා සමඟ දායක වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔවුන් හඳුන්වා දුන් ගීත අතර "ආරොං මාමා", "පාන් කිරිත්තා", "නෑදෑයෝ", "හඳ මාමා", "කැකිල්ලෙ රජ්ජුරුවෝ", "පරන කෝට්" (ලොකුම හිනාව චිත්‍රපටයට) ගීතයන් වඩාත් ප්‍රසිද්ධ වූයේය. [5]

වෘත්තීය ජීවිතය

1963 දී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සමඟ අහඹු හමුවීමක් හරහා සිල්වාට ඔහුගේ පළමු තිර භූමිකාව ලැබුණි. ඒ වන විට ඔහු ජීවත් වූයේ එච්.ආර්. ජෝතිපාල සහ රෝයි ද සිල්වා සමග ආරාධිත විනෝදාස්වාදකයෙකු ලෙස නිතර සාදවලට සහභාගි වෙමිනි. පෙරේරා, එල්. එස්. රාමචන්ද්‍රන් සහ විජිත මල්ලිකා සමඟින් සුහද සොහොයුරෝ චිත්‍රපටයේ සිල්වා රඟපෑමට යොමු කලේය. ඔහු පුෂ්පරාණි සමඟ "දිය රැල්ල වෙරළේ හැපි හැපී" ගායනා කරමින් වෙරළේ නැටුමකට පෙනී සිටි අතර ප්‍රධාන වශයෙන් හාස්‍ය චරිත සඳහා රංගනයෙන් දායක විය.

සිල්වාගේ චරිතාංග රංගනයන් සැකය (1965), ලසඳා (1974) සහ සුකිරි කෙල්ල (1975) වැනි චිත්‍රපටවල දක්නට ලැබිණි. 1975 චිත්‍රපටයේ ඔහු මානසික ආබාධිත චරිතයක් නිරූපණය කළ අතර එම චරිතයට සූදානම් වීම සඳහා කොරළවැල්ලේ සැබෑ ආබාධිත පිරිමි ළමයෙකු සමඟ ජීවත් විය. 1980 දශකය වන විට, චිත්‍රපටය අසාර්ථක වේ යැයි බියෙන් සිල්වා නොමැතිව චිත්‍රපටයක් කිරීමට නිෂ්පාදකයින් මැලි විය. එවිට ඔහු අතිරික්ත ජීවිතයක් ගත කළ අතර සුළු මුදලක් ඉතිරි කළේය. 1989 වසරේ ප්‍රමුඛ පෙළේ සිනමා සතිපතා සරසවිය මගින් රණතිසර සම්මානයෙන් ද සිල්වා පිදුම් ලැබීය. ඔහුගේ මිතුරා විජය කුමාරතුංග (ඔහු සමඟ චිත්‍රපට දහයක පමණ පෙනී සිටි අවසාන චිත්‍රපටය වූ ‘‘යුක්තියද ශක්තියද’’) ඝාතනයට ලක්වීම හැරවුම් මොහොතක් උදා විය. ඔහු මෙම සිදුවීම සිනමාවේ පරිහානියට හේතු වූ බව සඳහන් කරයි. 1992 දී නිර්මාණය වූ චිත්‍රපට 26 න් 15 ක පෙනී සිටීමට සිල්වා තවමත් කාර්යබහුල විය.

තමා ගැයූ මුල්ම ගීයෙන්ම අතිශයෙන්ම ජනප්‍රිය වූ ෆෙ‍්‍රඩී සිනමාවට එක් වූයේ සුහද සොහොයුරෝ චිත්‍රපටයේ රඟපාමිනි. "දියරැල්ල වෙරළේ හැපි හැපී" ගීතයට ඔහු රඟපෑමෙන් මෙන්ම ගායනයෙන් ද දායක වූයේය. ජනප්‍රිිය විකට නළු "එල්. එම්. පෙරේරා" පසුබිම් ගායනා කළ අවස්ථා දෙකක් හැරුණු කොට සෙසු සෑම අවස්ථාවකම ෆෙ‍්‍රඩීගේ ගායනා වෙනුවෙන් පෙනී සිටියේද ඔහුමය. ළසඳා චිත්‍රපටයේ පමණක් ෆෙ‍්‍රඩී වෙනුවෙන් ජෝතිපාල ගී ගැයුවේය.

චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ෆෙ‍්‍රඩී සිංහල සිනමාවට දායක වූයේය. චිත්‍රපටයක තිරනාටක පිටපත පැත්තකට දමා ක්ෂණයකින් හාස්‍ය උපද වන්නට ෆ්‍රෙඩීට තිබුණේ දුර්ලබ හැකියාවකි. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් ඒ අවදියේදී මළ ගෙදරකට හෝ ලෙඩෙකු බැලීමට රෝහලකට යෑමට ෆෙ‍්‍රඩී පසුබෑවේ රසිකයන් ඔහු වට කර ගත් හෙයිනි. ඒ නිසා ජනප්‍රිය නළුවා ලෙස ඔහු සරසවිය සම්මාන උළෙලේ අභිෂේක ලැබුවේය. සිනමාවට ඔහුගේ කැපවීම වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ දී රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

පවුල

ෆ්‍රෙඩී සිල්වා කමලා ස්වර්ණලතා පෙරේරා සමඟ ඇති එකම විවාහයෙන් දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ පුත් ජනේෂ් සිල්වා ද නළුවෙකු සහ ගායකයෙකු විය.[6][7] ෆ්‍රෙඩීගේ දියණිය චාන්දනී සිල්වා ගායිකාවක් සහ නිළියක්. ඇය මේ වන විට ඔහුගේ පියාගේ සහ සහෝදරයාගේ උරුමය තබා ගැනීමට කටයුතු කරයි.

ජනේෂ් සිල්වා 1962 ජනවාරි 26 වන දින උපත ලැබූ අතර අධ්‍යාපනය සඳහා කොළඹ කේරි විද්‍යාලය වෙත ඇතුළත් විය. ඔහු විවාහ වී සිටියේ හේමමාලා සමඟ වන අතර ඔවුන්ට ජනිත් සිල්වා එක් පුතෙක් සිටී.[8]2012 ජූනි 10 වැනිදා ජනේෂ් මිය ගියේ පිළිකාවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියදීය. ජනේෂ් සිල්වා චිත්‍රපට 10+ ක රඟපෑ විකට නළුවෙක් ලෙස ප්‍රසිද්ධයි.[9]

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆ්‍රෙඩී_සිල්වා&oldid=593995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ