ෆ්ලොරන්ස් නයිටිංගේල්

ෆ්ලොරන්ස් නයිටිංගේල්, OM, RRC (උසුරුවනුයේ /ˈflɒɾəns ˈnaɪtɪŋɡeɪl/; 12 මැයි 1820 – 13 අගෝස්තු 1910), පසුව "පහනක් අතින් ගත් ආර්යාව" ලෙසින් හැඳින්වුනු, පුරෝගාමී හෙදියක, ලේඛිකාවක සහ සුපතල සංඛ්‍යානවේදියක වූවාය.

ෆ්ලොරන්ස් නයිටිංගේල්

උපත12 මැයි 1820(1820-05-12)
ෆ්ලොරන්ස්හි, ටස්කනි හි මහා ආදිපාද දනව්ව
විපත13 August 1910(1910-08-13) (වයස 90)
පාක් වීදිය, ලන්ඩන්, එක්සත් රාජධානිය
වෘත්තියහෙදිය හා සංඛ්‍යානවේදී
ආයතනයන්සෙලිමියේ බැරැක්ක, ස්කුටාරි
විශේෂඥතාවයරෝහල්ස්වස්ථතාව හා සනීපාරක්ෂාව
ප්‍රසිද්ධයට හේතුනූතන හෙද වෘත්තියට පූරෝගාමී වීම
සංගණ්‍ය ත්‍යාගයන්රාජකීය රතු කුරුසය (1883)
ඕඩර් ඔෆ් මෙරිට් (1907)
ෆ්ලොරන්ස් නයිටිංගේල් ගේ මහ ගෙදර වූ, දැනට පාසලක් වන, එම්බ්ලි පාක්.
ඊස්ට් වෙලෝ හි ශාන්ත මාගරට්ගේ දේවස්ථානයෙහි සුසාන භූමියෙහි ඇති ෆ්ලොරන්ස් නයිටිංගේල් ගේ සොහොන.

ජිවිත කතාව

මුල් දිවිය

ටස්කනි මහා ආදිපාද දනව්ව හි, ෆ්ලොරන්ස්හි, විලා කොලොම්බයියා හි, ධනවත්, ඉහළ-පෙලැන්තියෙහි, වැදගත් නෑදෑයන් ඇති, බ්‍රිතාන්‍ය පවුලක ඉපදුනු ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ලැබුයේ ඇය උපන් නගරය අනුසාරයෙනි. ෆ්ලොරන්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ පාර්තිනෝපේ (වැහැරෙන්නේ [pɑ:'θi:nəpɪ]) ද මේ ආකාරයටම නම් තැබුණේ, ග්‍රීක ජනපදයක් වන දැනට නේපල්ස් හි කොටසක් වන, ඇය උපන් ස්ථානය අනුවමය.

ඇයගේ මව්පියන් වූයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් (1794–1874) සහ ෆ්‍රාන්සස් ("ෆැනී") නයිටිංගේල් විවාහයට පෙර ස්මිත් (1789–1880) වේ. විලියම් නයිටිංගේල් උපත ලැබුයේ විලියම් එඩ්වඩ් ෂෝ ලෙසිනි. ඔහුගේ මව මේරි විවාහයට පෙර ඉවාන්ස් යනු පීටර් නයිටිංගේල් නමැත්තෙකුගේ ලේලියක් වූ අතර, මොහුගේ අන්තිම කැමති පත්‍රයෙහි කොන්දේසි ප්‍රකාර විලියම් ෂෝ හට ඩර්බිෂයර් හි මෙහුගේ ලියා හර්ස්ට් වතු යාය හිමි වූවා පමණක් නොව, නයිටිංගේල් නම හා වංශ විහ්නයද අයත් විය. ෆැනී ගේ පියා (ෆ්ලොරන්ස්ගේ මාතෘ පාර්ශවයෙන් සීයා) වූයේ අවලංගු වාදී විලියම් ස්මිත් වේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ