හොරස්

හොරස් යනු අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන් ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් පූර්ව ඓතිහාසික ඊජිප්තු සිට ටොලමයික රාජධානිය සහ රෝමානු ඊජිප්තුව දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස ඊජිප්තුවේදීන් විසින් සලකන ලදි.[1]මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ සංකලනාත්මක සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය. [2] ඔහුව බොහෝ විට චිත්‍රණය කරනු ලබන්නේ lanner උකුස්සා හෝ peregrine උකුස්සාලෙස, හෝ උකුසු හිසැති මිනිසෙකු ලෙස ය.[3]

හොරස්
ආදි ඊජිප්තුවරුන්ගේ ජාතික අධිගෘහිත දේවතාවා ලෙස සලකනු ලබන්නේ හොරස් ය.ඔහුව සාමාන්‍යයෙන් චිත්‍රණය කරනු ලබන්නේ සමස්ත ඊජිප්තු රාජධානියේ රාජ්යත්වය සංකේතවත් කරන pschent ,හෝ රතු සහ සුදු ඔටුන්නක් පැළඳ සිටින උකුසු-හිසැති මිනිසෙකු ලෙස ය.
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයනෙඛෙන්, එඩ්ෆු
සංකේතයහොරස්ගේ ඇස
පෞද්ගලික තොරතුරු
වල්ලභයාසෙර්කෙට් (වැඩිමහලු හොරස් ලෙස), හාතෝර් (එක් ප්‍රභේදයක)
දෙමාපියන්ඔසිරිස් සහ අයිසිස්
සොයුරු/සොයුරියන්ඔසිරිස්, අයිසිස්, සෙත්, සහ නෙෆ්තිස් (වැඩිමහලු හොරස් ලෙස), අනුබිස් (ලාබාල හොරස් ලෙස)
පැවතෙන්නාඉම්සෙට්, හාපි, ඩුවාමුටෙෆ්, කෙබෙහ්සුනුඑෆ් (හරෝඑරිස් ලෙස), අයිහි

ප්‍රථමයෙන් ම වාර්තාගත හොරස්ගේ රූපකාය වන්නේ,මුල් ම ජාතික දෙවියන් ලෙස සලකනු ලබන, උත්තර ඊජිප්තුවේ නෙකේන් නම් අධිගෘහිත දෙවියායි.ඔහු කාලයත් සමඟ මරණයෙන් පසු ඔසිරිස් ලෙසත්,ජීවිත කාලයේ දී හොරස් ලෙසත් සලකනු ලැබූ රජු වේ. [1]බෙහෙවින් ම සුලබව හමුවන පවුල් නෑකම අනුව හොරස් අයිසිස් සහ ඔසිරිස්ගේ පුතා වන අතර,ඔසිරිස්ගේ උරුමකරු ලෙස සහ ඔසිරිස්ගේ ඝාතකයා වන සෙත්ගේ ප්‍රතිවාදියා ලෙස, ඔසිරිස් පුරාවෘත්තයේ මූලික භූමිකාවක් රඟදක්වයි. තවත් ප්‍රවාදයක හාතෝර් ඔහුගේ මව ලෙසත් සමහර අවස්ථාවලදී බිරිඳ ලෙසත් දක්වයි.[1] හොරස් බොහෝ කාර්යභාරයන් ඉටු කළ අතර,රාජ්‍යත්වයේ සහ ආකාසයේ දෙවියන් වීම බෙහෙවින් විශේෂ ය.

ශබ්ද නිෂ්පත්තිය

G5
ḥr "හොරස්"
රූපාක්ෂර වලින්

ඊජිප්තු චිත්‍රාක්ෂර ලේඛනවල හොරස් වාර්තාගත වන්නේ ḥr.w "උකුස්සා";ශබ්ද උච්චාරණය ħaːruw ලෙස යළි ගොඩනඟා ඇත."දුරස්තර මිනිසා" හෝ "ඉහළින් ම සිටින්නා" ලෙසින් අමතර තේරුම් ද පවතී.[4] කාලයත් සමඟ භාෂාව වෙනස්වීම් වලට ලක්වන විට,කොප්ටික් hoːɾ  හෝ ħoːɾ ආකාරයට විවිධ ව දක්වෙන අතර ,එය පුරාණ ග්‍රීක බසට හැරවී ඇත්තේ Ὧρος Hōros ලෙස ය.(එම කාලයේ උච්චාරණය hoːɾos ලෙස විය). එය අතීත ඊජිප්තු සහ කොප්ටික් [[theophoric නම්]වල , Har-si-ese "අයිසිස්ගේ පුතා,හොරස්" ආදී ලෙස දැක්වේ.

නෙකේනි, නෙකේන්,එනම් උකුස්සාගේ නගරයේ දී වන්දනාවට පාත්‍ර වූ තවත් උකුසු දෙවියෙකු විය හැකි ය.පූර්වයේ හොරස්ව හැඳුනුම් කළේ ඔහු ලෙස ය.

නාමර් ඵලකයේ,  ක්‍රිස්තු පූර්ව 31 වන සියවස සමයේ නාමර් ඵලකයෙහි හොරස් චිත්‍රණය කර ඇත්තේ උකුස්සෙකු ලෙස ය.

ආශ්‍රිත ලිපි

  • Sky deity
  • Hawk of Quraish

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=හොරස්&oldid=674917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ