සෙට්

සෙට්,සෙත්,සුතෙක්(Sutekh) යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් හැරදා යාම් වලට අවනීතියට ,නපුරට සහ දරුණු ක්‍රියාවන් වලට අධිපති දෙවියන් විය. හදුනා ගත නොහැකි සත්වයෙකුගේ හිසක් ඇති මේ දෙවියන් හට සිවල් හිසක් ඇති බවද සමහරක් පවසයි.එයට හේතුව වන්නේ මොහුගේ දරුවන් දෙදෙනාටම සිවල් හිස් ඇති නිසාය.ග්‍රීකයන් තම ටයිෆූන් දෙවි නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරින්ය. ඇබිඩොස් ත්‍රිකෝණයේ දුෂ්ඨයා නිරුපණය කරන සෙත් නැමදුවේ ඉහල මිසරය හි ඔම්බොස් වලදීය. සමහර තැන් වල රා විසින් ලෝකය පාලනය කිරීමට ඔසිරිස් හට ලබා දුන් විට එයට කෝප වූ සෙට් විසින් රා දෙවියන්ගේ සතුරා වූ ඇපෙප් නාගයා නිර්මාණය කල බව සදහන් වේ.

සෙට්
සෙට් සත්වයා නම් සත්වයාගේ හිසක් මේ දෙවියන් හට ඇත.
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයඔම්බොස්
සංකේතයසෙට් සත්වයා,?
පෞද්ගලික තොරතුරු
වල්ලභයානෙෆ්තිස්, අනාත්, ඇස්ට්‍රාටෙ
දෙමාපියන්ගෙබ්, නුට්
සොයුරු/සොයුරියන්ඔසිරිස්, අයිසිස්, නෙෆ්තිස්, වැඩිමහල් හෝරස්
පැවතෙන්නාඇනුබිස්, වෙප්වවෙට්, මාගා

ඔසිරිස් මිත්‍යාව අනුව සෙත් විසින් තම සොයුරු ඔසිරිස් දෙවියන් රනින් තැනූ මිනීපෙට්ටියකට දමා නයිල් ගගට විසිකර ඇත. එහිදී එය බැබිලෝනියාව අසල නගරයකට පාවී ගොස් වෙරලේ ගොඩ ගසා ඇත.

පවුල

සෙට් යනු ගෙබ්, (පෘථිවිය) සහ නුට්, (අහස) යන දෙවිවරුන්ගේ දරුවන් අතරින් කෙනෙකුය.  ඔහුගේ සහෝදර සහෝදරියන් වන්නේ ඔසිරිස්, අයිසිස්, සහ නෙෆ්තිස් ය.  ඔහු නෙෆ්තිස් සමඟ විවාහ වී ඇනුබිස් දෙවියන්ට සහ වෙප්වවෙට් දෙවියන්ට පියෙකු වූ අතර සමහර තැන්වල ඔහු විදේශීය දේවතාවියන් වන අනාට් සහ අස්ටාර්ටේ සමඟ විවාහ සබඳතා පැවැත්වීය.මෙම සබඳතා වලින් මාගා නම් කිඹුල් දෙවියෙකු උපත ලැබූ බව කියනු ලැබේ.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සෙට්&oldid=506349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ