සුදු ජනතාව

සුදු ජනතාව හෝ සුදු ජාතිකයන් යනු ලා පැහැති සමක් ඇති, බොහෝවිට යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයින් හැඳින්වීමට භාවිත කරන ජනවාර්ගික වර්ගීකරණයකි. මෙම අර්ථ දැක්වීම සන්දර්භය, ජාතිකත්වය සහ දෘෂ්ටි කෝණය අනුව වෙනස් විය හැක.

ග්‍රීක-රෝම මානවවංශ ලේඛණ සහ වෙනත් පුරාතණ හෝ මධ්‍යතන මූලාශ්‍ර වල ජන කොට්ඨාසයන් "සුදු" ලෙස සමේ වර්ණයෙන් හඳුන්වා තිබුනද, ඔවුන් හට එක් "සුදු ජාතියක්" පිළිබඳ සංකල්පයක් නොතිබුණි. "සුදු ජාතිය" (White race) සහ "සුදු ජනයා" (White people) යන යෙදුම් ප්‍රධාන යුරෝපීය භාෂා වලට එක් වූයේ 17 වන ශතවර්ෂයේ අග භාගයේ දි පමණ ‍ය. ඒ ජාතිවාදී වහල්ක්‍රමය සහ යුරෝපීය යටත්විජිත වල සමාජ තරාතිරම් යන සන්දර්භයන්හි දී "එක්සත් සුදු ජාතියක්" යන සංකල්පය යුරෝපයේ පිළිගැනීමට ලක් වීමත් සමගයි. නූතන යුගයට පෙර යුරෝපීය ජනයා තමන් "සුදු" යැයි හඳුන්වා නොගත් අතර තම ජනවර්ගය සහ පරපුර යනාදිය ජාතිකත්වය මත අර්ථ දැක්වූහ.

නූතන මානවවිද්‍යාඥයන් සහ වෙනත් විද්‍යාඥයන් මිනිස් ජනගහණ අතර ජෛවවිද්‍යාත්මක වෙනස්කම් ඇති බව පිළිගන්නා නමුත්, එක්සත් "සුදු ජාතිය" ක් යන සංකල්පය හුදෙක් සමාජය විසින් නිර්මිත සංකල්පයක් මිස විද්‍යාත්මක සංකල්පයක් නොවේ යැයි පිළිගනියි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සුදු_ජනතාව&oldid=542670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ