සීඩික් ජනයා

සීඩික් (හෙවත් ඇතැම්විට සේඩික්, හෝ සීජික්, උච්චාරණය: [ˈsəədʑɪq]; චීන: 賽德克族) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම නැන්ටෞ ප්‍රාන්තය සහ හුවාලියෙන් ප්‍රාන්තයේ ජීවත්වන තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ භාෂාව ද සීඩික් නම් වේ.

සීඩික්
賽德克族
සේඩික්/සීජික්
මෝනා රුඩාඕ
මුළු ජනගහනය
20,000 (2008), 9,353 පමණ (2015 නොවැම්බර්)[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
හුවාලියෙන් සහ නැන්ටෞ ප්‍රාන්තය (තායිවානය)
භාෂා
සීඩික්, මැන්ඩරින්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
අතායල්, ටෘකු, කාවලන්, තායිවාන ආදිවාසීන්

2008 අප්‍රේල් 23 දින ඔවුන්ව නිල වශයෙන් තායිවානයේ 14වන ස්වදේශික ජන කොට්ඨාසය ලෙස පිළිගන්නා ලදී. මුලින් සීඩික් ජනයා හා ඔවුන්‍ගේ සමීපතමයන් වන ටෘකු ජනයා වර්ගීකරණය කරන ලද්දේ අතායල් නම් ජන කොට්ඨාසය ය‍ටතේ ය.[2]

ප්‍රධාන සිදුවීම්

වුෂේ සිදුවීම් (霧社事件)

1897 සිට, ජපන් ජාතිකයන් විසින් මාර්ග ඉදිකිරීම් වැඩසටහනක් ආරම්භ කළ අතර, එමගින් ඔවුන්ව ස්වදේශික ජනයාගේ භූමිය වෙත යොමු කරන ලදී. මෙය ආක්‍රමණයක් ලෙස දිස් විය. සබඳතා සහ මතභේද උග්‍ර වූ අතර, ස්වදේශික ජනයා කිහිප දෙනකු මරාදැමිණි. 1901දී ජපනුන් සමග සටනක දී ස්වදේශික ජනයා විසින් ජපන් සෙබලුන් 670 දෙනකු පරාජය කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 1902දී ජපනුන් විසින් වුෂේ හුදකලා කරන ලදී.

1914 සහ 1917 අතර කාලයේ, ජජන් හමුදා ආක්‍රමණකාරී 'සමාදාන' වැඩ පිළිවෙලක් ගෙනගමින් ‍විරෝධය පෑ බොහෝ ජනයා මරාදැමූහ. මේ කාලයේ 馬赫坡社හි නායකයා වූ මෝනා රුඩාඕ ජපන් පාලනයට විරෝධය පලකළේ ය. ඔහුගේ ප්‍රයත්නයන් දෙවරක්ම අසාර්ථක වූයේ ඔහුගේ සැලසුම් සතුරන්ට අනාවරණය වූ නිසායි. සිය තෙවන ප්‍රත්නයේ දී කණ්ඩායම් දොළහකින් කණ්ඩායම් හතක්ම ජපන් හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට සංවිධානය කරවන ලදී.

ෂින් චෙං සිදුවීම් (新城事件)

ජපනුන් විසින් ස්වදේශික කාන්තාවන් කිහිප දෙනකු දූෂණය කරන ලදී. එනිසා ස්වදේශික නායකයන් දෙදෙනකු සහ මිනිසුන් විසිදෙනකු එක්වී ජපන් සෙබලුන් දහතුන් දෙනකු ඝාතනය කළහ.[3][4][5][6][7][8][9][10]

ටෘකු යුද්ධය (太魯閣之役)

ජපනුන්ට ටෘකු ගෝත්‍රය යටත් කරගැනීමට අවශ්‍ය විය. මෙම ප්‍රදේශය වටලා වර්ෂ අටකට පසුව ඔවුහු ප්‍රහාර එල්ල කළහ. එය හි දී ස්වදේශික ජනයා දෙදහසක් විරෝධය පෑහ.[11][12][13][14][15][16][17][18][19] ජපනුන් ආදිවාසීන්ට එරෙහිව සටන් කිරීමට මැෂින් තුවක්කු 200ක් සහ සෙබලුන් 10,000ක් යොදා ගත් නමුත්, ජපන් ආණ්ඩුකාර-ජනරාල්වරයා වූ සකුමා සමාටා හට ද මෙම යුද්ධයේ දී දරුණු තුවාල ඇතිවූ අතර, අනතුරුව ඔහු මියගියේ ය.[20][21]

රෙන්චිගුවාන් සිදුවීම් (人止關事件) 1902

තැනිතලාව යටත් කරගැනීමෙන් පසුව, ජපන්නු වූෂේහි පාලනය සියතට ගැනීමට සමත් වූහ. ජපනුන්ට විරෝධය පෑ ඇතැම් තග්ඩායා ජනයාට වෙඩි තබා මරාදමන ලදී. මේ හේතුවෙන් නැවතත් සටන් උග්‍ර විය.[22][23][24] මෙය වුෂේ සිද්ධියට හේතු විය.

සිමෙයියුවෑන් සිද්ධිය (姊妹原事件) 1903

රෙන්චිගුවාන්හි දී ලද හානියට පළිගැනීමක් ලෙස 1903දී ජපනුන් විසින් දඬුවම් දීමේ ප්‍රයාණයක් දියත් කරන ලදී.[25][26][27][28][29]

මාධ්‍ය තුළ

2011 තායිවාන ඓතිහාසික නාට්‍යයක් වූ සීඩික් බාලේ තුළ ප්‍රධාන වශයෙන්ම සීඩික් ජනයා නිරූපණය කෙරිණි. මෙමගින් 1930 වුෂේ සිද්ධිය සමග මුල් කාලීන 1902 人止關 සහ 1903 姊妹原 සිදුවීම් ද නිරූපණය කෙරිණි.[30] වුෂේ සිද්ධිය චිත්‍රපට තුළ තෙවරක්ම නිරූපණය කොට ඇත. මේ අතරට 1957 චිත්‍රපටයක් වූ ක්විං ෂැන් ජි ෂුවේ (青山碧血) යන චිත්‍රපටය ද අයත් වේ.[31] මෙය 2003 රූපවාහිනී කතාමාලාවක් වූ ඩනා සකුරා (zh) තුළ ද නිරූපණය කොට ති‍බේ.

වැදගත් ජනයා

  • ඉවන් නාවි, ස්වදේශික ජන කවුන්සිලයේ නියෝජ්‍ය අමාත්‍ය

මේවාත් බලන්න

  • තායිවානයේ ජන විකාසනය
  • තායිවාන ආදිවාසීන්

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සීඩික්_ජනයා&oldid=678394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ