සිකුරු හතේ

සිකුරු හතේ යනු 2007 වර්ශයේ තිරගත කරන ලද සිංහල විනෝදාත්මක චිත්‍රපටියකි. මෙය ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ශණය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතය වන මංගල ජය කපු මහතාගේ චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරයි.

සිකුරු හතේ
අධ්‍යක්‍ෂණයගිරිරාජ් කෞෂල්‍ය
රචනයගිරිරාජ් කෞශල්‍ය
තිර රචනයගිරිරාජ් කෞශල්‍ය
කතාවස්තුවගිරිරාජ් කෞශල්‍ය
නිශ්පාදනයනිව් ඉම්පීරියල් ටෝකීස් (හාන්ස් ඇන්ටන් වැන්ටරෙක්ස්)
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයරවීන්ද්‍ර ගුරුගේ
අජිත් රාමනායක
සංගීතයතරුපති මුණසිංහ
Production
company
දි වීඩියෝ ටීම්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 16, 2007 (2007-08-16)

කතාව

මංගල ජය යනු කපු මහතෙකි. ඔහු මූලිකත්වය ගෙන කරන ලද විවාහයන් බොහෝමයක් අසාර්ථක වී ඇත. මංගල ජය බීමතට ඇබ්බැහි වූවෙකි. ඔහුගේ බිරිඳ නිතරම ඔහුට බැන වදියි. විවාහ වන වයසේ සිටින ඔහුගේ දියණියටද සහකරුවෙක් තාම නැත. මේ පිලිබඳව ඔහුගේ බිරිඳ විමසන විට ඔහු නිතරම ඒකිගේ සිකුරු හතේ යැයි පවසයි. දිනක් මොහු විසින් විවාහ කිරීමට නියමිත යුවතියකගේ කොල්ලා ඇතුලු පිරිසක් පැමිණ මොහුට තර්ජනය කිරීමට යාමේදි පොලිස් නිලධාරියෙකු මොහුව බේරාගැනේ. මංගල ජය ට පොලිස් නිලධාරියාට කෑම බීම අරන් දීමට සිදුවෙයි. පොලිස් නිලධාරියා මංගල ජයට තම පොලිස් ලොක්කාගේ දියණියට කටයුත්තක් සිදු කරදීමේ වැඩේ බාර දෙයි. මංගල ජය මේ සඳහා තමන්ට කලින් හමුව තිබූ පොහොසත් පවුලක තරුණයෙක් මේ සඳහා යෝජනා කරයි. දෙපිරිසම වැඩේට කැමතිවෙයි. මෙම තරුණයා බලාපොරොත්තු වන්නේ ශීලාචාර අහිංසක ගැහැණු ළමයෙකි. නමුත් පොලිස් ලොක්කාගේ දි‍යණිය තරමක් සංකර තරුණයකි. මංගල ජය මේ බව තරුණයාට වසන් කරයි.

නමුත් තරුණයා දිනක් නාන තටායක අශීලාචාර ලෙස හැසිරෙන මෙම තරුණය දැක තමන්ව රැවටුවේ ඇයිදැයි අසයි. ඇය පවසන්නේ තමන් කිසිත් නොදන්නා බවත් මංගල ජය මේවා සැලසුම් කල බවත්ය. තරුණයා තුවක්කුවක් රැගෙන මංගල ජය ගේ නිවසට පැමිණ ඔහුට බැන වදියි. මංගල ජය සැඟවී සිටින අතර ඔහුගේ දියණිය පැමිණ තරුණයා ව අස්වසා ලයි. තරුණයා සංසුන් වී අවසානයේ කපු මහතාගේ දියණිය විවාහ කරගැනීමට කැමති බව පවසයි.

රංගනය

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ, කැළුම් ශ්‍රීමාල්, ගිරිරාජ් කෞශල්ය
  1. නිලට නිලේ නිල් කැටේට - කසුන් කල්හාර, උරේෂා රවිහාරි
  2. සමන්මලී මගේ මලී - රොඩ්නි වර්ණකුල
  3. ඉරහඳ දෙපසේ නම් - සුනිල් පෙරේරා, බන්දුල විජේවීර
  • ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, තරුපති මුණසිංහ
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සිකුරු_හතේ&oldid=431319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ