සිංහලේ

19 යන සියවස දක්වා ලක්දිව සිංහලේ ලෙස හැඳින්විනි [1] ක්‍රි.ව. 1815 මාර්තු දෙවන දින උඩරට ගිවිසුම සමග සිංහලේ පාලනය ඉංග්‍රීසි ජාතිකයන්ට බාරවිය. රාජධානියට නැවතතත් දේශීය රජෙකු පත්කරගැනීම සඳහා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලට ප්‍රතිචාරයක් ලෙස ක්‍රි.ව. 1817දී සමස්ථ ලංකා දිවයිනම බ්‍රිතාන්‍ය ලංකාව ලෙස තනි පාලනයකට නතුකරගැනීමත් සමග සිංහලේ අහෝසිවිය. 1948 නිදහස ලැබීමත් සමග අහෝසි වූ සිංහලේ නැවතත් (සිංහල රාජ්‍යය‍) ශ්රි ලංකාව ලෙස හැදින්වීමට පටන් ගැනුනි.

සිංහලේ රාජධානිය

සිංහලේ හී කොඩිය
කොඩිය
අගනුවරසෙංකඩගල(අවසන් අගනුවර)
පොදු භාෂාවන්සිංහල
ආගම
බුද්ධාගම, හින්දු ,සිංහල දේවාගම
රජයරාජධානිය
සිංහලේ රජ 
අනුප්‍රාප්ති වනුයේ
බ්‍රිතාන්‍ය ලංකාව

උඩරට රජතුමෙකු යටතේ එම ප්‍රදේශයෙහි වාසය කල රොබට් නොක්ස් ගේ පොතෙහි මෙම රාජ්‍යය සඳහා සිංහලෙ ලෙසින් සඳහන් නොවෙයි. ඔහු මෙම ප්‍රදේශයෙහි ජීවත්වූයේ දෙවන රාජසිංහ රජුගේ සමයෙහි වන අතර 1659 දී පමණ රජුගේ අත්අඩංගුවට පත්ව ඇත. ඔහුගේ ග්‍රන්ථයෙහි උඩරට රජු හැඳින්වීමට භාවිතා කරන්නේ කන්දෙ උඩ රජු වශයෙනි. (සිංහලේ අගනුවර පිහිටා ඇත්තේ මහනුවර බැවිනි) රජු විසූ කන්දෙ පළාත සහ යටනුවර පළාත් ප්‍රධාන පළාත් ලෙසින් නොක්ස් සඳහන් කරයි. මේ කාලය වන විට රටෙහි පහතරට ප්‍රදේශ ලන්දේසීන් යටතේ පැවතිණි. [2] [3]

2 වන සියවසෙහිදී ටොලමි විසින් නිර්මාණය කරන ලද ලෝක සිතියමෙහි [4] මෙරට හැඳින්වෙන්නේ තැප්‍රොබේන් ලෙසිනි. එය කිසිසේත් සිංහල හුරුවක් සහිත වචනයක් නොවන බැවින් එය එකල සිංහල දීපයට ඔහු තැබූ නමක් ලෙස උපකල්පනය කළ හැක.

වෙනත් භාෂා ඌරුවෙන් භාවිතා වූ පද

  • පෘතුගීසි ඌරුව: සෙයිලාඹ් [5]
  • ලන්දේසි ඌරුව: සේලාන් [6]
  • ඉංග්‍රීසි ඌරුව: සිලෝන් [6]

වෙනත් වදන්

සිංහලේ හැඳින්වීමට කට වහරේ සිංහල දේසේ යන වදනද භාවිතාවී ඇත. අතිතයේ ප්‍රාචීණ භෘෂා උරුවට [උපහරණ ඇවැසිය]යමින් සිංහල අකුරු ලිවීමෙදී ශබ්ධය සඳහා හල් කිරීම නොයෙදීමේ සම්ප්‍රදාය මත යමින් සමහර ලේඛණ වල සිංහලෙ ලෙස දක්වා ඇත. මෙම ලේඛණය තුල සිංහලේ සහ බ්‍රිතාන්‍යයන් ඒ වන විටත් යටත්කරගෙන තිබූ ප්‍රදේශ ඇතුලත් සමස්ත දිවයින හැඳින්වීමට ලංකාව යන වදන භවිතා වේ.ඉතා ආදියේ "සීහල","සීහලක" ,"සිංහල" හා ඒ හා සම්බන්ධ නම් වලින්ම උපත ලද "සින්හලාන්", "සෙලාන්" ,"සේය්ලාන්" ,"සිලෝන්" හා "සිහෝල්" ආදී නම් වලින් හැඳින්විණි . සංස්කෘත පොත්වල සිංහල නාමය බහුලව යොදා ඇත .සමන්තපාසාදිකාව ආදී පාලි අටුවාවන්හි එය ”සීහල” ලෙස සිටී.දෙමල පොත්වල ”සිංගලම් ” සහ "සීහලම්" ලෙසද සමහර තැනක ”ඊළම් ” ලෙසද ඇත.අරාබීහු "සීහලදීපය" ලෙසවූ යෙදුම "සරන්දිබ්" , "සෙරන්ඩිබ්" සහ ”සින්ගල්දිබ් ” ලෙස යොදා ඇත.ටොලමි ”සලිකේ ”ලෙස යෙදුවේ ද සින්හලයමය.චීන ජාතිකයන් "සෙලාන්" ලෙසත් ඒ අනුව යමින් ජපන් ජාතිකයෝ "සේරෝන්" නමින් හඳුන්වති.කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ "සින්හලදීපේ මයුර ග්රාමේ කුලා නාම නදී" යනුවෙන් දෙපොලකම ඇත .

වදන යොදන අවස්ථා

සිංහලේ ලෙස

12 වන සියවසයේ ලීලාවතී රැජින,කල්‍යාණවතී රැජින සහ 6 වන පැරකුම්බා රජ දවස ”ත්‍රි සිංහලේ ” ලෙස ව්‍යවාහාර විය. එය ක්‍රි.ව 4 සියවසේ රචිත පළමු වංශ කතාව වන දීපවංශයේ "ලන්කාදීපෝ අයං ආහු සීහෙන සින්හලා ඉති" ලෙස දක්වා තිබේ. එනම් ලංකා දිවයින සිංහයා නිසා සිංහලේ නමින් හැඳින්විණි යන්නයි. සිංහලය, සින්හලෙ සහ සිංහලේ යනු එකම ශබ්දයේ ව්‍යාකරණිය වූ ව්‍යවහාරයන්ය.

නීතිය

උඩරට ගිවිසුම

ක්‍රි.ව. 1815 වසරෙහිදී අත්සන් කෙරුණු උඩරට ගිවිසුමේ සිංහල පිටපතට අනුව උඩරට විවිධ ප්‍රදේශ හඳුන්වා ඇත්තේ ඇත්තේ "සිංහලෙ" ලෙසිනි. එම ගිවිසුමේ 10 පලකම රටේ නම සිංහලේ ලෙස හදුන්වා ඇත.

කලා නිර්මාණ

  • රත්නදීප ජන්ම භූමි ගීතයේ

සිංහල දේසේ ලෙස

චීන ජාතික සැන්සා හිමි යන්ගේ දේශාටන වාර්තාවේ (7 වන සියවස) "සින්චාලෝකෝ” හෙවත් "සිංහ දේශය" ලෙස හදුන්වා ඇත. [7] බුරුමයේ ධම්ම චේතියරජු(ක‍්‍රි ව 1459) විසින් පිහිටවන ලද කල්‍යාණි සෙල්ලිපියේ ”සිහල දේශ” ලෙස හඳුන්වා ඇත.

සිංහලේ පිළිබදව හෙළ මතවාදය නම් අතීතයේ පටන් ලංකා දීපය හෙළ දීපය නමින් හැදින්වූ බවයි. හෙළ යනු සූර්යා යන අරුත ගෙන ඒ. මෙම හෙළ ගෝත්‍ර හතරකි එනම් යක්ෂ, අසුර, රක්ෂස හා නාග ලෙසිනි. මෙම ගෝත්‍ර හතර සිව් හෙළය නමින් හැදින්විය. සිව් හෙළ - සිහල -සිංහල යන ආකාරයෙන් පරිනාමය වී ඇත. විවිධ ආක්‍රමන හා සංක්‍රමන මැද සිව්හෙළ සිය අන්‍යතාවය පවත්වාගෙන ගියේය. නමුත් මහිංදාගමනයෙන් පසු සෑම හෙළගෝත්‍රයක්ම පොදුවේ බුදු දහම වැළද ගැනීම නිසා ගෝත්‍ර අන්‍යතාවය වියැකී ජාතියක් බවට පත්විය. එලාර ආක්‍රමනය මැඩලීමට සෑම හෙළයෙක්ම ගෝත්‍ර බේදය අතර හැර එක් ජාතියක් ලෙසින් එක්විය. දුටු ගැමුණු සමයෙන් පසු සියල්ලෝම එක් සිංහල ජාතියක් ලෙසින් සැලකින. එම නිසා සිංහලයන්ගේ ජාතික රාජ්‍යය යන අරුතෙන් සිංහලය, සිංහලේ, සිංහලද්ධීපය නමින් හැදින්වේ.

කලා නිර්මාණ

  • ඔලිඳ තිබෙන්නේ ... ජන කවිය
  • සෙංකඩගල පුර දලදා බුදු රැස්... ගීතය

සිංහල දීපය ලෙස

මහාවංශයේ 72 පරිචේදයේ -135-138 ගාථා වල - ”මට සිංහල කඩුවක් දෙව ,මේ කඩුව සිංහල පටුත්වය ඇත්තක් නොවේ,…… මා ඇත ආයුධ ගන්වන්ට සමර්තයෙක් මේ "සිංහලද්වීපයේ නැත". තවද එහි 104 ගතාවේ මෙසේ ඇත. "එරට ප්‍රතිපාදනය කොට සොලී දේශයෙන්ද පඬි රටින්ද ගන්නා ලද්දාවූ බොහෝ අසුන් හා මිනිසුන්ද ඇතුන්ද වහා සිංහල දීපයට එවීය" ලෙස සදහන්ය.[8]ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ(ක‍්‍රි ව 325 - 380) අලහාබාද් ප‍්‍රශස්තියේ ”සිංහල ද්විප” වශයෙන් මෙම දිවයිනට නම්දී ඇත.[9] චීන ජාතික ඉජින් හිමියන් (7 වන සියවස) විසින් ලියා ඇති පොත්වල "සිහල ද්වීපය" ලෙස සටහන්ව ඇත.[10]

උප බෙදීම්

මධ්‍යකාලීන යුගය

තුන් සිංහලේ

සෙංකඩගල යුගය

සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සිංහලේ&oldid=536689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ