සන්නිදර්ශකයා

සන්නිදර්ශකයකු යනු කිසියම් පඨිතයක අන්තර්ගතය දෘශ්‍යමය නිරූපණයක් ලෙස නිර්මාණය කිරීම මඟින් එකී ලිවීම තවත් උසස් තත්ත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවයක් අත්කරගත් ග්‍රැෆික් චිත්‍ර ශිල්පියෙකි. ලිවීමක් තුළ පැහැදිලි කිරීම අසීරු සංකීර්ණ සංකල්පයන් හෝ ද්‍රව්‍යයන් පැහැදිලි කිරිම සඳහා මෙන්ම සුබපැතුම්පත් හෝ පොත්, සඟරා ආදිය සඳහා කවර සිතුවම් හෝ පෝස්ටර් වැනි ප්‍රචාරණයන් සඳහාද සන්නිදර්ශක යොදාගනු ලැබේ.

tiny globe
කොන්ස්ටන්ටීන් සොමොවු ගේ සන්නිදර්ශනයක් (1909)

වර්තමානයේ බොහොමයක් සන්නිදර්ශකයෝ සිය ජීවිකාව උපයා ගන්නේ ළමා පොත්, ප්‍රචාරණය, පුවත්පත් හෝ සඟරා ආදියට සිය නිර්මාණ දායකත්වය ලබාදීමෙනි. මෙම ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායිකවම තීන්ත සහ පෑන උපයෝගී කරගනිමින් නිර්මාණ කරන චිත්‍ර ශිල්පීහු අධිපතිත්වය දරති.

පරිගණකවලින් මෙම කර්මාන්තය ඉමහත් වෙනසකට භාජනය කොට ඇති අතර වර්තමානයේ වානිජ සන්නිදර්ශකයන් බොහොමයක් සිය නිර්මාණ කටයුතු සඳහා පරිගණක යොදාගනු ලැබේ.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික සන්නිදර්ශක න්‍යායන් තවමත් පොත් සන්නිදර්ශන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියව පවතී. දිය සායම්, තෙල් සායම්, පැස්ටල්, ලී කැටයම්, ලයිනෝකඩ සහ පෑන් හා තින්ත සාම්ප්‍රදායිකව යොදාගනු ලැබූ සන්නි දර්ශක ශිල්පක්‍රමයන් විය.

සන්නිදර්ශකයකු වීම සඳහා විධිමත් සුදුසුකමක් අවශ්‍ය නොවේ. කෙසේවෙතත් පිළිගත් සන්නිදර්ශකයින් කිසියම් ආකාරයක චිත්‍ර පාසැලක හෝ විද්‍යාලයකට බැඳී විවිධ ඇඳීමේ ශිල්පක්‍රමයන් පිළිබඳව පුහුණුව ලබාගත්තෝ වෙති. චිත්‍ර කලා විද්‍යාලයන් හා විශ්ව විද්‍යාල සන්නිදර්ශනය පිළිබඳ නව පාඨමාලාවන්, උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ මේ විෂය සඳහා ශාස්ත්‍රවේදී උපාධියක් හඳුන්වාදී ඇත. හඳුන්වාදී ඇති අතර එය වෘත්තියට ඇතුලත්වීමේ නව මාර්ගයන් බවට පත්ව ඇත.

බොහොමයක් සන්නිදර්ශකයෝ ප්‍රකාශකයින් (පුවත්පත්, පොත් හෝ සඟරාවන්හි) හෝ ප්‍රචාරණ ආයතන විසින් නිදහස් සේවා පදනම මත බඳවාගත්තෝ වෙති. විද්‍යාත්මක හා තාක්‍ෂණික සන්නිදර්ශකයන්ගෙන් බහුතරයක් තොරතුරු ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් ලෙසින් හඳුන්වනු ලැබේ. මොවුන් අතරින් විශේෂඥයින් වන්නේ මිනිස් සිරුර සන්නිදර්ශනය කරන වෛද්‍ය විද්‍යාත්මක සන්නි දර්ශකයින්ය. මේ සඳහා වසර ගණනාවක සෞන්දර්යාත්මක මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක පුහුණුවක්ද අවශ්‍ය වෙයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සන්නිදර්ශකයා&oldid=472722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ