ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

1815 උඩරට ගිවිසුම
(ශ්‍රී වික්‍රම රාජසිංහ වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ශ්‍රී ලංකාවේ රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. දකූණු ඉන්දීය තෙළිඟු සම්භවයක් ඇති ඔහු සිංහලේ නායක්කාර රාජ වංශයට අයත් විය. කන්නසාමි නම් වු මොහු 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
ශ්‍රීලංකාවේඅවසාන රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
රාජ්‍ය සමය1798 - 1815 පෙබරවාරි 10
අභිෂේකය1798
පූර්වප්‍රාප්තිකයාශ්‍රී රාජාධි රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාතුන්වන ජෝර්ජ් රජ, එක්සත් රාජධානිය
වල්ලභයාවෙන්කටරංග රාජම්මාල්
වෙන්කටම්මා
මූදුචුන්නම්මා
වෙන්කට ජම්මාල්
දරුවන්රාජාධි රාජසිංහ (d. 1843)
ලෙච්චමී දේවී (d. 1856)
රාජ නාච්චියාර් දේවී (d. 1860)
වංශයNayaks of Kandy
පියාශ්‍රී වෙන්කට පෙරුමාල්
මවසුබ්බම්මා නායක්
අත්සනශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අත්සන

රාජ්‍යත්වය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න සහ අසිපත (ජාතික කෞතුකාගාරය, කොළඹ)

මුල් දිවිය

මොහු රාජාධිරාජ සිංහ රජුගේ බිසව වූ උපේන්ද්‍රම්මාගේ සොහොයුරියගේ පුතාය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය. ඔහු මහනුවර නායක්කර් රජ පරපුරේ අන්තිමයා වූවා මෙන්ම ශ්‍රී ලංකාවේද අන්තිම රජු විය. ඔහුගේ පාලන කාලය තුළ ලංකාවේ අනිකුත් පෙදෙස්වල ද බ්‍රිතාන්‍ය යටත් විජිතය ස්ථාපනය විය.

රාජාධි රාජසිංහගෙන් පසු රජකමට පත්වීම සඳහා තවත් අයෙකු සිටියේය. ඔහු උපේන්ද්‍රම්මා බිසවගේ සහෝදරයාය. ඔහුට රජ කමේ උරුමයට වැඩි අයිතියක් තිබිණ. කෙසේ වෙතත් අගමැති පිළිමතලාවේ, දකුණු ඉන්දීය කුමාරයා රජකමට තේරුවේය. වාර්ථාවන අන්දමට ඔහු එසේ කළේ විශාල සැලසුමක් හිතේ දරා ගෙනයි. එනම් සිහසුන අනියම් වශයෙන් ලබා ගෙන ඔහුගේම වූ නව රජ පරපුරක් පවත්වාගෙන යාමය. රජකමට පත් වීමෙන් පසු තරුණ රජුට කුමණ්ත්‍රණ ගණනාවකට මුහුණ දීමට සිදු විය.

අභ්‍යන්තර ගැටුම්

ඔහුගේ පාලන කාලය තුළදී ලන්දේසීන්ගෙන් පසු මුහුදු බඩ ප්‍රදේශයේ බලය අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ උඩරට රාජ්‍යයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූහ. එහෙත් පිළිමතලාවේ බ්‍රිතාන්‍යයන් සමග රහස් ගිවිසුම් පවත්වා ගෙන ගියේ බ්‍රිතාන්‍යයින්ට එරෙහිව ආරවුල් කිරීමට රජු පෙළඹෙන අයුරිණි. එවිට උඩරට රාජධානිය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයින්ට සාධාරණ හේතුවක් ඉස්මතුවෙයි. පසුව රාජ ද්‍රෝහි වීමේ හේතුව මත පිළිමතලාවේ මරා දැමීමට රජුට සිදු විය. එසේ කරන ලද්දේ ඊට පෙර එම වරද සම්බන්ධයෙන් දෙවරක් සමාව දී තිබීමෙන් පසුවයි.

අලුතෙන් අගමැති (නොහොත් පළමු අධිගාර්) පදවියට පත් වූ ඇහැළේපොල, පිළිමතලාවගේ බෑණාය. ඔහු විසින් සංවිධානය කරන ලද කැරැල්ල රජු විසින් මැඩ පැවැත්වීමෙන් පසු ඇහැළේපොල කොළඹට පලා ගොස් බ්‍රිතාන්‍යයන් හා සම්බන්ධ වූයේය. ඔහුට යටත් වන ලෙස රජතුමා දන්වා සිටියේය. සති තුනක් ගත වීමෙන් පසුව ද ඔහු යටත් නොවීම නිසා කෝපයට පත් රජු ඔහුගේ මුළු පවුලම මරා දමන ලෙස නියෝග කළේය. මෙම දඬුවම ගැන විස්තර රට පුරා පතල කරන ලද්දේ ඒ ගැන ශෝක වූවන් විසිණි. කෙසේ වුවද මෙම තොරතුරුවල නිරවද්‍යතාවය ප්‍රශ්නකාරීය.

පිටුවහල් කිරීම

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධජය

බ්‍රිතාන්‍යය හමුදාව එම අවස්ථාවේ උඩරට බලා ගමන් කළහ. ඔවුන්ගේ මෙම ගමනට රජු බලයෙන් පහ වීම අපේක්ෂා කළ මහජනතාවගේ උදව් ද ලැබිණි. රජු සිර භාරයට ගෙන රාජකීය සිරකරුවෙකු ලෙසින් මදුරාසියේ වෙල්ලෝර් කොටුව වෙත ගෙන යන ලදී. මීට රජ පවුලේ සෙස්සෝ ද ඇතුළත් වූහ.

බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුට සහ බිසවුන් දෙදෙනාට දෙන ලද සුළු දීමනාවෙන් රජු ජීවත් විය. මෙම දීමනාව රජුගෙන් පසුවත් ඔහුගේ ඤාති වර්ගයාට දිගටම ගෙවා ගෙන එන ලදී. එසේ අවුරුදු 133 ක් එය ගෙවමින් සිට 1948 දී නිදහස ලැබීමත් සමග ගෙවීම නතර කරන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
සිංහලේ නායක්කාර් රාජ වංශය
උපත: ? 1780 මරණය: ජනවාරි 30 1832
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ශ්‍රී රාජාධි රාජසිංහ රජ
සිංහලේ රජ
1798 – පෙබරවාරි 10, 1815
අනුප්‍රාප්තික
සිංහලේ රජ තනතුර අහෝසි විය.
1948 දී නැවත පිහිටවූ එම තනතුරට හයවන ජෝර්ජ් රජ පත්විය
ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස
එවකට එක්සත් රාජධානියේ සහ යටත් විජිතයන්හි රජ කල
තුන්වන ජෝර්ජ් රජ පත්විය


🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ