ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව ‍වි‍ශේෂ ස්ථානයක් හොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු, මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 අන්ක 59 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින ඇමරිකානු ජාතික johne exter මහතා විසින් ශී ලංකා මහ බැංකුව පිහිටවන ලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව
[[Image:[[ගොනුව:]]|252px|]]
මූලස්ථානයColombo
ඛණ්ඩාංක6°56′04″N 79°50′33″E / 6.934519°N 79.842396°E / 6.934519; 79.842396 79°50′33″E / 6.934519°N 79.842396°E / 6.934519; 79.842396
ස්ථාපනය28 අගෝස්තු 1950; වසර 73 කට පෙර (1950-08-28)
GovernorDr. Nandalal Weerasinghe (Governor)
K M M Siriwardana (Deputy Governor)
T M J Y P Fernando (Deputy Governor)
N W G R D Nanayakkara (Deputy Governor)[1]
මෙම රටෙහි මහ බැංකුවSri Lanka
ව්‍යවහාර මුදලSri Lankan Rupee
ISO 4217 කේතයLKR (Rs)
වෙබ් අඩවියcbsl.gov.lk
පුර්වගාමියාCurrency Board System

අරමුණු

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවමින් ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ ඵලදායී සම්පත් සංවර්ධනයක් ඇති කිරීමයි. ඒ සඳහා ඡනතාව දිරිමත් කිරිමයි. මෙකී අරමුණු කරා ළඟා වන විට,

  • ආර්ථික හා මිල ස්ථායීතාව
  • මුල්‍ය ස්ථායීතාවය

පවත්වා ගැනීමට උත්සාහ කළහ. මිල ස්ථායීව පවත්වා ගෙන යාම තුළින් ඔවුහු ව්‍යවහාර මුදල්වල අගය සුරක්ෂිත කර දීම අපේක්ෂා කරයි.එවැනි සමාඡ රාමුවක් තුළ උද්ධමනය අඩු මට්ටමකට ගත හැකිය. එසේම එවිට ආර්ථිකයට සිය විභව වර්ධන හැකියාවද අත්පත් කර ගත හැකිය. දිගු කාලීන ධරණීය ආර්ථික වර්ධනයක් අපේක්ෂිතය. කාර්‍යක්ෂම මුල්‍ය ස්ථාවරයක් ඇති කිරීම තුළින්ද මහ බංකුව අරමුණු ගත කර ඇත්තේ ඵලදායී සම්පත් සංවර්ඩනයක් ඇති කිරීමයි. එසේම මේ නිසා තැම්පත්කරුවන්ට මෙන්ම ආයෝඡකයින්ට හිතකර තත්වයක් උදා කරයි. මන්ද මේ නිසා ආයෝඡනය හා ආර්ථික වර්ධනය පුළුල් වන බැවිනි. ඉහත දක්වා ලු ආකාරයට අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහ බැංකුව තුළ දක්නට ඇති පාලන ව්‍යුහයද ඉතා වැදගත් කරුණකි.

පාලනය

‍ශ්‍රී ලංකා මහ බංකුව සංස්ථාපිත ඒකකයක් නොවේ. මේ නිසා මෙහි සංස්ථාපිත වගකීම මුදල් නීති පනත යටතේ මුදල් මණ්ඩලයට පැවරී ඇත. මුදල් මණ්ඩලය පාලන අධිකාරිය ලෙස සියලු ප්‍රතිපත්තිමය තීරණ සහ කළමනාකරණය,පරිපාලනය සිදු කරයි. මෙම වගකීම් ක්‍රියාත්මක කිරීමේදී දෙනෙකුගේ සහයයෝගය ලබා ගනියි.

  • මහ බැංකු අධිපති
  • මුදල් අමාත්‍යංශයේ ලේකම්
  • විධායක නොවන සාමාඡිකයන් 03

සංවිධානය

මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීමට සාමාඡික තිදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. පාලන ව්‍යුහය අභ්‍යන්තර හා බාහිර විගණනයකට යොමු කිරීම සඳහා විගණන කමිටුවක්ද පාලනය තුළ දක්නට ඇත. එයද මුදල් මණ්ඩලයේ අනු කමිටුවකි. එසේම මහ බැංකුවට අවදානම් කළමනාකරණය කිරීමේ විධිමත් ක්‍රමයක් සකස් කර ගැනීමට මෙම විගණන කමිටුව සහය ලබා දෙයි. මහ බැංකුවේ අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමේදී සංවිධාන කාර්යය සඵලත්වය අත්‍යවශ්‍ය වේ. මෙහි සංවිධාන ව්‍යුහය කාර්ය මුලික පදනමක් මත ගොඩනැගී ති‍බේ. ප්‍රධාන අරමුණු සහ කාර්යයන් 04ක් යටතේ සකස් වු සැලැස්මක් මෙහිලා දැකිය හැක.

  • මිල ස්ථායීතා කාණ්ඩය යටතේ

ආර්ථික පර්යේෂණ,සංඛ්‍යාන,දේශිය මෙහෙයුම්,ඡාත්‍යන්තර මෙහෙයුම් ආදී දෙපාර්තමේන්තු වේ.

  • මුල්‍ය ක්‍රම ස්ථායීතා කාණ්ඩය ය‍ටතේ

බැංකු අධීක්ෂණ,බැංකු නොවන මුල්‍ය ආයතන,ගෙවීම් හා පියවීම,ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තු සංවිධානය වී ඇත.

  • නියෝජ්‍යායතන සේවා කාණ්ඩය යටතේ

රාජ්‍ය ණය,විනිමය පාලන,ප්‍රාදේශීය සංවර්ධන,සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු පිහිටුවා ඇත.

  • තවද විවිධ දෙපාර්තමේන්තු අන්තර්ගත වන පරිදි

සංයුක්ත හා සහය සේවා කාණ්ඩයක් ද වේ.මෙහි ප්‍රධාන වශයෙන් මුල්‍ය කටයුතු,ලේකම්,නීති,ප්‍රවෘත්ති, මානව සම්පත්,සුබසාදනය,ආරක්ෂක ආදී වු දෙපාර්තමේන්තු අන්තර්ගත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ අධිපතිවරුන් 2කි. එක් නියෝජ්‍ය අධිපතිවරයෙක් මිල ස්ථායීතා කාණ්ඩය ද ,අනෙකා මුල්‍ය පද්ධති ස්ථායීතා කාණ්ඩය භාරවද සිටියි.ඉතිරි කාණ්ඩවල අධීක්ෂණ කටයුතු නියෝජ්‍ය අධිපතිවරු අතර බෙදා දී ඇත.තවද මෙහිදී සහකාර අධිපතිවරුන් 06 දෙනෙකුගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් 24 දෙනෙකුගේ ද සහය ලබා ගනී.

කාර්යයන්

ඉහතදී සාකච්ඡාවට බඳුන් කළේ ශ්‍රි ලංකා මහ බැංකුව අරමුණු ගත වී ඇති ආකාරය සහ සංවිධාන ව්‍යුහයයි.මෙකී සියල්ලගේම අවසාන ඵලය දෘෂ්‍යමාන වන්නේ බැංකුවේ කාර්යයන් පිළිබඳව සලකා බලන කල්හිය.මහ බැංකුවේ කාර්යයන් පිළිබඳව සලකන විට ප්‍රධාන එය දෙආකාර වේ.ප්‍රධාන කාර්යයන් සහ නියෝජ්‍යායතන කටයුතු වශයෙනි.ප්‍රධාන කාර්යය තුළදී මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.එනම් වියදමට සහ පවතින මුදල් ප්‍රමාණයට සිදු වන බලපෑම මත සිදු වේ.මහ බැංකුව විසින් භාවිත කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්තිමය උපකරණය වනුයේ එක් දින පොළී අනුපාතිකයන් නිශ්චය කීරීමයි.එනම් ප්‍රතිමිලදී හා ප්‍රතිවිකුණුම් අනුපාතයයි.මෙහි වෙනසක් සිදු වුවහොත් වාණිජ බැංකු අතර පවතින මුදල් වෙළඳ පොළට බලපෑමක් එල්ල වෙයි.මේ නිසා භාණ්ඩාගාර බිල්පත් ඉපයුම් අනුපාතය,වාණිජ බැංකු ණය පොළී අනුපාතය ආදී කෙටිකාලීන නම්‍යශී අනුපාතවල කෙටි කාලීන වෙනස්කම් ඇති කරයි.ආකාරයට මෙකී ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ පොළී අනුපාක්‍තයන්හි සහ ණය සැපයුමෙහි වෙනස්කම් නිසා සමස්ථ ඉල්ලුමට හා ඒ මගින් මිල මට්ටම් සහ නිමවුම කෙරෙහි බලපෑමක් ඇති කිරීමයි.මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධව උපකරණ රැසක් මහ බැංකුව සතුව පවතී.

  • විවට වෙළඳපොල කටයුතු
  • බැංකු අනුපාතය
  • විදේශ විනිමය මෙහෙයුම්
  • උපරිම පොළී අනුපාතය
  • ප්‍රතිමුල්‍ය පහසුකම්

එසේම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීමද ප්‍රධාන කාර්යයකි. 2001ජුනි මාසයේදී පාවෙන විදේශ විනිමය අනුපාතිකය ක්‍රියාත්මක කරන ලදී.විනිමය අනුපාතිකය අධික ලෙස උඡචාවචනය වීම වැළැක්වීමටත්,බාහිර සංචිත සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමටත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමණාකරණයද මෙහිලා දැකිය හැකි සුවිශේෂී කාර්යයකි.මෙහිදී ඡාත්‍යන්තර වශයෙන් රුපියලේ ස්ථායීතාව රැක ගැනීමටත්,වර්තමාන ඡාත්‍යන්තර ගනුදෙනු නිදහසේ කර ගෙන යාමටත් හැකි වන ලෙස මුදල් සංචිත හා රත්‍රන් සංචිත තබා ගත යුතු බව නිර්දේශ වී ඇත. ආර්ථික දත්ත එකතු කිරිම හා බෙදා හැරීම,සංඛ්‍යාලේඛන එක්රැස් කිරීම සිදු කරයි.එහිදී මුදල්,බැංකු ක‍ටයුතු,ඡාතික ආදායම,මිල මට්ටම,කෘෂිකර්මාන්ත‍ය,සේවා වෙළඳ ආදී ක්ෂෙත්‍ර තුළ ආර්ථික සමීක්ෂණ මෙහෙයවයි.ඒ තුළින් රැස් කරන තොරතුරු මහඡනතාව වෙත බෙදා හැරීමද සිදු කිරීම අරමුණුගත වෙයි.

ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේද ශ්‍රි ලංකා මහ බැංකුවෙනි.එය නෝට්ටු හා කාසි ලෙසින් නීත්‍යානුකූල පිළිගන්නා ව්‍යවහාර මුදල් වේ.එසේම බැංකු,මුල්‍ය සමාගම් සහ රඡයේ සුරැකුම් පිළිබඳ ක‍ටයුතුවල නියැලී ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම,නියාමන සහ අධීක්ෂණ ක‍ට‍යුතු සිදු කිරීමද මහ බැංකුව සතු වන වගකීමකි.තවද මහ බැංකුවේ පියවීමේ ගිණුම් පවත්වාගෙන යන මුල්‍ය ආයතනවලට නිෂ්කාශණ සහ පියවීමේ පහසුකම් සපයා දේ.රජයේ ආර්ථික උපදේශක, බැංකුකරු සහ මුල්‍ය නියෝජිත වශයෙන්ද ශ්‍රි ලංකා මහ බැංකුව කටයුතු කරයි.ඉහත කී ප්‍රධාන කාර්යයන්ට අමතරව මහ බැංකුව විසින් නියෝජ්‍යායතන කටයුතු ද සිදු කරයි.

  • රාජ්‍ය ණය කළමනාරණය
  • විදේශ විනිමය පාලනය
  • කුඩා පරිමාණ මුල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම මුලික ආයතනය ලෙස කටයුතු කිරීම
  • සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය

මේ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු,පාලනය,සංවිධාන සහ ඒ තුළින් වන කාර්යභාරය සරලව දැක්විය හැකිය.එසේම මහ බැංකුව තුළින් ශ්‍රි ලංකා ආර්ථිකයට සිදු කෙරෙන බලපෑම ද එහි ස්ථායීතාවයට සිදු කෙරෙන බලපෑම ද එහි ස්ථායීතාවයට සිදු කෙරෙන කාර්යයන් ද අති විශාල බැව් ප්‍රකාශ කළ හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ

ශ්‍රි ලංකා මහ බැංකු වාර්තාව 2019

මේ අඩවියත් බලන්න

අඩවියෙන් බැහැර පිටු

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ