ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්ත

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතන

  • ලුණුවිල

පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් විශේෂ 2 ක් ව්‍යාපාරික වගාව සඳහා හදුන්වා දී තිබේ. ඒවා නම්

  • CRIC 60
  • CRISL98 ය.
  • පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් විශේෂ 5 ක් ගෙවතු වගා සඳහා හඳුන්වා දී ඇත.
  • CRIC 65
  • කප්රුවන
  • කප්සෙක
  • කප්සුවය
  • CRISL2020

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය හා වෙළඳාම

ශ්‍රී ලංකාවේ කෘෂි භූමි ප්‍රමාණයෙන් 28% ක් පමණ පොල් වගාව සඳහා යොදා ගෙන ඇත. එම භූමි ප්‍රමාණය හෙක්ටාර 439000 කි. (1988 මහ බැංකු වාර්තා අනුව) පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවක් දක්වයි. පොල් ආශ්‍රිතව විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳ වෙළඳපොළක් ද දක්නට ලැබේ. පොල් වගාව නිසියාකාරව කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද යෙදිය හැකිය.

ශ්‍රි ලංකාවේ පොල් නිෂ්පාදන අපනයන තත්ත්වය

පොල් ආශ්‍රිත අපනයනය19941995199619971998
කපාපු පොල්380000000465000000425000000524000000367000000
පොල් තෙල්480000000516000000328000000289000000334000000
කොප්පරා3200000050000000390000004200000052000000
පොල් ගෙඩි2500000027000000170000001800000018000000

මූලය- (ශ්‍රී ලංකා මහ බැංකුව 1998)

පොල් ආශ්‍රිත නිෂ්පාදන

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල දී පොල් ගසේ විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබයි.

  • පොල් මදය ආශ්‍රිත
    පොල් මදය
    • කොප්පරා
    • පුන්නක්කු
    • පිසීමට ගන්නා පොල් තෙල්
    • හිස තෙල්
    • සුවඳ සබන්
    • ෂැම්පු
    • බිස්කට්
    • කේක්

නැවුම් පොල් තෙල් (Virgin Coconut Oil)


  • පොල් කටුව ආශ්‍රිත
    • හැදි
      පොල් කටුව
    • බොත්තම්
    • සක්‍රීය කාබන්
    • මදුරු දඟර


  • කෙඳි ආශ්‍රිත
    කොහු කර්මාන්තය
    • ලණු
    • කඹ
    • බුරුසු වර්ග
    • කොසු
    • ලණු පැදුරු
    • විසිතුරු භාණ්ඩ


  • පොල් කඳආශ්‍රිත
    පොල් කදන්
    • ලී කර්මාන්තය සඳහා


  • පොල් අතුආශ්‍රිත
    • පොල් අතු විවීම සඳහා


  • පොල් ඉරට ආශ්‍රිත
    • ඉදල් නිෂ්පාදනය සඳහා
    • විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා


  • පොල් මල ආශ්‍රිත
    පොල් මල
    • විනාකිරි
    • පැණි
    • හකුරු


නිෂ්පාදන ආශ්‍රිත පින්තූර ගැලරිය

ශ්‍රී ලංකාවේ පොල් අපනයනය කරන රටවල්

  • ජර්මනිය
  • ජපානය
  • පාකිස්ථානය
  • සයිප්‍රසය


පොල් වගාවේ අභියෝග හා අනාගත විභවය

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 70% පමණ භාවිත වනුයේ දේශීය පරිභෝජනය සඳහාය. එබැවින් පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍යවන පොල් ගෙඩි ප්‍රමාණයේ විශාල අඩුවක් පවතී මෙම ගැටලූව විසදීමය සඳහා

  • පොල් ඉඩම් වල ඵලදායිතාව ඉහල නැංවීම.
  • ඉහල නිෂ්පාදන විභවයක් ඇති දෙමුහුන් පොල් ප්‍රභේද හදුන්වා දීම.
  • පාංශූ සංරක්ෂණ ක්‍රම භාවිතයෙන් පස සෝදා පාළුවට යාම වැලක් වීමට කටයුතු කිරීම.
  • පසට කාබනික ද්‍රවය යෙදීම.
  • කෘමී හා පළිහෝද මර්දනය කිරීම සිදුකල යුතුය.

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දෙන ගැටළු

  • හෙක්ටයාරයක්න් ලැබෙන ආදායම අඩු වීම.
  • සංකීර්ණ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම.
  • පොහොර භාවිතය අඩු වීම.
  • දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්‍රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිර ිවන පොල් ප්‍රමාණය අඩු වීම.
  • පළිබෝධ හා කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම.

‍*පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක්ලබා ගැනීමට උත්සාහ නො දැරීම.

  • වෙනත් ආදේශක නිසා විදේශ වෙළඳ පොළේ හොඳ මිළක් නො ලැබීම.
  • කටුු පොල් වගාකරුවන්ගේ්ගේ වෙළඳ මාාෆිියා

පොල් ඉඩම් අඩු වීමට හේතු

  • නිවාස ඉදිකිරීම.
  • කර්මාන්තශලා ඉදිවීම.
  • නිදහස් වෙළඳ කලාප ඇති වීම.
  • ක්‍රීඩාංගන ඉදි කිරීම.
  • මහා මාර්ග ඉදි කිරීම.

යනාදිය සඳහා බිම් යොදා ගැනීම.

ගැටළු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග

  • පොල් වගාව සංවර්ධන කිරීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවීම.
  • පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නැවත පොල් වගා කිරීම, අලුතින් පොල් වගා කිරීම, ගෙවතු වගා ආධාර දීම යනුවෙන් සහනාධාර ක්‍රම ඇරඹීම
  • ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝග්‍ය පොහොර වර්ග හදුන්වා දීම.
  • ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ පොල් හඳුන්වා දීම.
  • කෘමි උවදුරු සහ පළිබෝධ මර්දනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ පොල් කර්මාන්තය දිරි ගැන්වීමට අවශ්‍ය ආධාර ලබා දීම.
  • පොහොර ලබා දී ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට උපදෙස් ලබා දීම.

එනම් කෙසෙල්, අන්නාසි, ගම්මිරිස්, කෝපි වැනි අතුරු බෝග වගාව හා සත්ත්ව පාලනය සඳහා යොදා ගැනීම.පොල් වගා කරන ආසියානු රටවල් පැසිෆික් රටවල් විසින් පිහිටුවා ගනු ලැබූ ආසියානු පැසිෆික් පොල් සංවිධානය පිහිටවීම.

ලෝකයේ පොල් වගා කරන වෙනත් ප්‍රදේශ කිහිපයක්

  • ආසියාව
  • ඉන්දියාව
  • බුරුමය
  • තායිලන්තය
  • ඕස්ටේලියාව
  • කාම්බෝජය
  • මැඩගස්කරය
  • ජැමෙයිකා
  • ටැන්සානියා
  • පිලිපීනය
  • මලයාව

පින්තූර ගැලරිය

මුලාශ්‍ර

  • අධ්‍යාපන දෙපාර්තුමේන්තුව - 9 ශ්‍රේණිය - සමාජ අධ්‍යයනය පෙළ පොත

අඩවියෙන් පි‍ටත පිටු

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ