ශ්‍රී ලංකාභිමාන්‍ය

ශ්‍රී ලංකාභිමාන්‍ය (ඉංග්‍රීසි: Sri Lankabhimanya) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානයයි. එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි.[1] මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ.[2] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරවාභිධාරීන් ලැයිස්තුව
වසරඅභිධානලාභියාක්ෂේත්‍රයජනාධිපති
1986රණසිංහ ප්‍රේමදාසදේශපාලනයජේ.ආර්. ජයවර්ධන
1993ඩිංගිරි බණ්ඩා විජේතුංගදේශපාලනයරණසිංහ ප්‍රේමදාස
2005ආතර් සී. ක්ලාක්විද්‍යාවචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2005ලක්ෂ්මන් කදිර්ගාමර්දේශපාලනයචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2007ඒ.ටී. ආරියරත්නසිවිල් සේවයමහින්ද රාජපක්ෂ
2007ලෙස්ටර් ජෙම්ස් පීරිස්සිනමාවමහින්ද රාජපක්ෂ
2007ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රීඅධිකරණයමහින්ද රාජපක්ෂ
2017අමරදේව[3]සංගීතයමෙෙත්‍රීපාල සිරිසේන
2023කරු ජයසූරියදේශපාලනයරනිල් වික්‍රමසිංහ

මූලාශ්‍ර

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ