ශ්‍රීදේවි කපූර් |
---|
![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e7/Sridevi.jpg/220px-Sridevi.jpg) ශ්‍රීදේවි - 2013 වසරේදී |
උපත | ශ්‍රී අම්මා යන්ගර් ආයප්පන් [1] 13 අගෝස්තු 1963
|
---|
මියගිය දිනය | 24 February 2018(2018-02-24) (වයස 54)
|
---|
මිය යාමට හේතුව | හදිසියේ දියෙහි ගිලීම[3][4][5] |
---|
රැකියාව | නිළියක, නිෂ්පාදිකාවක |
---|
සක්‍රීය වසර | 1967–1997, 2012–2018 |
---|
කලත්‍රයා(යන්) | බොනී කපූර් (වි. 1996) |
---|
සම්මාන | පද්ම ශ්‍රී (2013)[6] |
---|
ශ්‍රීදේවි කපූර් (උපත් නම ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන් - 13 අගෝස්තු 1963) යනු, දෙමළ,හින්දි, තෙලිඟු, මලයාලම් සහ, කන්නඩ චිත්‍රපට වල රඟ පෑ ඉන්දියානු නිළියක සහ චිත්‍රපට නිෂ්පාදකවරියක වූවාය. ඉන්දිය සිනමාවෙහි පළමුවන "කාන්තා සුපිරිතරුව" ලෙසින් සැලකෙන ඇය, ෆිල්ම්ෆෙයා සම්මාන පහක් ලැබුවාය. 1980 ගණන් වල සහ 1990 ගණන් වලදී ඉහළම මුදලක් ගෙවුනු නළු නිළියන් අතරවූ ශ්‍රීදේවි, යුගයෙහි වඩාත් ජනප්‍රිය නිළිය ලෙසින් සැලකෙයි.
ශ්‍රී දේවි සිනමාවට පා තැබුවේ 1967දී තිරගත වූ කන්දන් කරුණෛ නම් දෙමළ චිත්‍රපටයෙනි. එවිට ඇයට වයස අවුරුදු 4කි. පසුව ළමා චරිත බොහොමයක් රගපෑ ශ්‍රී දේවි ගායත්‍රී නම් දෙමළ චිත්‍රපටයෙන් ප්‍රධාන නිළියක් බවට සිනමාවට පා තැබුවා ය. කළා ලොවේ ඇගේ දායකත්වය වෙනුවෙන් 2013 වසරේ පද්ම ශ්‍රී සම්මානය ඉන්දිය රජය විසින් ලබාදෙන ලදි. මීට අමතරව තමිල්නාඩු, ආන්ද්‍රා, කේරළ හා කර්නාටක ප්‍රාන්ත සම්මානද හිමිකර ගත්තාය.
පෞද්ගලික ජීවිතය
ශ්‍රී දේවි උපත ලැබුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිවකාසි නම් ප්‍රදේශයේ ය. ඇගේ පියා දෙමළ වන අතර මව තෙලිගු ය. ඇය දෙමළ, තෙලිගු, කන්නඩ, මලයාලම් හා හින්දි චිත්‍රපටවල ළමා චරිත රගපෑම් ආරම්භ කළේ අවුරුදු 4 දිය.
ඇගේ ප්‍රථම ප්‍රධාන නිළි චරිතය රගදැක්වුයේ 1977දී ය. ඒ 16 වයදිනිලේ චිත්‍රපටයේ ය.
මූලාශ්‍ර