ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)

ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි තුනක, හෝටල් හතරක සහ නිවාස සංකීර්ණයක 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ ප්‍ර

2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ, රටේ වාණිජ අග නගරය වන කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්ථා විය. අඩුම තරමේ විදේශිකයන් 45 ක්,[6] පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු[7] මෙහිදී මරණයට පත් වූ අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබීය.[8] මීගමුව, මඩකලපුව සහ කොළඹ පිහිටි පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතර තුරය. ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කින්ග්ස්බරි[9] සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් ය. රාජ්‍ය බුද්ධි සේවයට අනුව දෙවන ප්‍රහාර මාලාවක්ද සැලසුම් කර තිබී ඇති නමුත් රජය විසින් සිදු කළ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙස ඒවා සාර්ථකව නවත්වනු ලැබීය.[10]

2019 ශ්‍රි ලංකාවේ බෝම්බ ප්‍රහාර
ශ්‍රි ලංකාව තුළ ත්‍රස්තවාදයෙහී කොටසකි
ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක වලින් තුනක්. ඉහළ වම් කෙළවරේ සිට දක්ෂිණාවර්තව: කින්ග්ස්බරි හෝටලය; ෂැන්ග්‍රි-ලා හෝටලය; ශාන්ත අන්තෝනි දේවස්ථානය
ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019) is located in Sri Lanka
කොළඹ
කොළඹ
මීගමුව
මීගමුව
මඩකලපුව
මඩකලපුව
දෙහිවල

දෙහිවල
දෙමටගොඩ
දෙමටගොඩ
ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019) (Sri Lanka)
ස්ථානයදේවස්ථාන
  • ශා. අන්තොනි දේවස්ථානය, කොච්චිකඩේ
  • ශා. සෙබස්තියන් දේවස්ථානය, මීගමුව
  • සියොන් දේවස්ථානය, මඩකලපුව
හෝටල්
  • ෂැන්ග්‍රි-ලා හෝටලය, කොළඹ
  • සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය
  • ද කින්ග්ස්බරි හෝටලය
  • ද ට්‍රොපිකල් ඉන් හෝටලය
නිවාස සංකීර්ණ
  • දෙමටගොඩ
දිනය21 අප්‍රේල් 2019 (2019-04-21)
ආ. පෙ.ව. 8.25 (SLST; UTC+05:30)
ඉලක්කයප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානුවන් සහ විදෙස් සංචාරකයින්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර
ආයුධය(න්)ඇසිටෝන් පෙරොක්සයිඩ්, පුපුරණ ද්‍රව්‍ය, උණ්ඩ කැබලි
මරණ277
තුවාලකරුවන්500+
ප්‍රහාරකයෝමරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනෙක්[1]
චේතනාවඉස්ලාම් අන්තවාදය; නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක සිදුවූ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් යැයි සැක කෙරේ.

ශ්‍රී ලංකානු රජයේ නිළදාරීන්ට අනුව, බෝම්බකරුවන් 8 දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීත් ජමාත් නම් සංවිධානයෙහි ආශ්‍රිතයන් විය. තව්හීත් ජමාත් යනු විදේශීය සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන, දේශීය යුද්ධකාමී ඉස්ලාමීය කල්ලියක් වන අතර, ඔවුන් මීට පෙර බෞද්ධයන් සහ සුෆී මුස්ලිම්වරුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත.[11] ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය 2019 මාර්තු 15 සිදුවූ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස සිදු කෙරුනු බව රජය විශ්වාස කරන බවයි.[12][13] නමුත් තව්හීත් ජමාත් සංවිධානය 2019 ජනවාරියේ සිටම පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කොට ඇත.[14][15]

2019 අප්‍රේල් 23 වැනිදා, අමක් ප්‍රවෘත්ති ඒජන්සිය (Amaq News Agency) ලෙසින් හැඳින්වෙන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යයෙහි (ISIL) ප්‍රචාරක කටයුතු සිදු කරන ආයතනය ප්‍රකාශ කරේ "ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානුවන් සහ [ISIL විරෝධී] සන්ධානයෙහි පුරවැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය සිදු කළේ ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කරුවන්" වන බවයි.[16] එහෙත් ශ්‍රී ලංකාව ISIL විරෝධී සංධානයට අයත් නොවූ අතර ප්‍රහාරයෙන් මියගිය අති බහුතරය ශ්‍රී ලාංකික පුරවැසියන් වූහ.[17] මේ අතර ISIL නායක අබු බකර් අල්-බග්දාදි මිනිත්තු 18 ක වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රහාරකයින්ට ප්‍රශංසා කළේය.[18][19] කෙසේ නමුත් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ප්‍රහාරයට ISIL ඍජුව සම්බන්ධ බවට සාක්ෂි නොමැති බවයි.[20]

මූලාශ්‍ර

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ