ශබානා ආස්මි

ඉන්දියානු නිළිය

ශබානා ආස්මි (උපත 1950 සැප්තැම්බර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියකි. කවියකු වූ කායිෆි ආස්මි සහ වේදිකා නිළියක වූ ශෞකාත් ආස්මිගේ දියණිය වන මැය, පූනේ හි ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනී ආයතනයෙහි ආදිශිෂ්‍යාවකි. ආස්මි සිය චිත්‍රපට රංගන ප්‍රවිෂ්ටය සිදුකළේ 1974 දී වන අතර, නොබෝ කලකින්ම සමාන්තර සිනමාව තුළ ඇය ප්‍රමුඛ නිළියක බවට පත්වීමට සමත් වූවා ය. මෙකල නව රැල්ලක් බවට පත් වූ සමාන්තර සිනමාව, භාරදූර දර්ශනවලින් සහ නවතාත්විකවාදී ලක්ෂණවලින් යුක්තව රාජ්‍ය අනුග්‍රහය ලබන්නට සමත් විය.[1][2] ඉන්දියාවෙන් බිහි වූ දක්ෂතම නිළියන්ගෙන් අයකු ලෙස සැලකෙන ආස්මි,[3] විවිධ චිත්‍රපට ගණයන් හි රංගනයෙහි නියැළෙමින් ප්‍රශංසා සහ සම්මාන ලබා ඇත. ඇය හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය පස් වරක් දිනාගනිමින් වාර්තාවක් තබා තිබේ.[1][4]

ශබානා ආස්මි
උපත
ශබානා කායිෆි ආස්මි

18 සැප්තැම්බර් 1950 (1950-09-18) (වයස 73)
හයිදරාබාද්, හයිදරාබාද් ‍රාජ්‍යය (වර්තමාන තෙලංගානා), ඉන්දියාව
රැකියාව
  • නිළිය
  • සමාජ ක්‍රියාකාරිනිය
කලත්‍රයා(යන්)ජාවෙද් අඛ්තර් (වි. 1984)
දෙමව්පියන්
  • කායිෆි ආස්මි (පියා)
  • ශෞකාත් ආස්මි (මව)
ඥාතීන්බලන්න අඛ්තර්-ආස්මි පවුල
සම්මානපද්ම භූෂණ (2012)
පාර්ලිමේන්තු මන්ත්‍රී
(නිර්දේශිත)
තනතුර දරමින්
27 අගෝස්තු 1997 – 26 අගෝස්තු 2003

ආශ්‍රේයයන්

සටහන්

  • India's 50 Most Illustrious Women (ISBN 81-88086-19-3) by Indra Gupta
  • Holt, Julia; Phalke, Shubhra; Basic Skills Agency. Shabana Azmi. London : Basic Skills Agency, 1995. ISBN 1-85990-022-4.

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ශබානා_ආස්මි&oldid=593434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවනොබැඳි ජාතීන්ගේ සංවිධානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසීගිරියකුමාරතුංග මුනිදාසඅධ්‍යාපනයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලසාර ධර්මකලා වැවපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවසාහිත්‍යයශ්‍රී ලංකාවමහගම සේකරරිජ්වේ ආර්යා ළමා රෝහලසිංහල ජනකවිවොලිබෝල්අපරාධරුවන්වැලිසෑයඑස්‌. මහින්ද හිමිමාර්ටින් වික්‍රමසිංහපළමුවන විජයබාහු රජසිංහල සාහිත්‍යයශ්‍රී පාදස්ථානයපොළොන්නරුව පෞරාණික නගරයපරිසර දූෂණයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසංස්කෘතියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදීඝවාපීදඹුල්ල රජමහා විහාරයමහා මංගල සුත්‍රය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”දැල්පන්දුධර්ම සංගායනාවනිදු හසරංග