විල්හෙල්ම් රොන්ට්ජන්

විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් (ජර්මානු: [ˈvɪlhɛlm ˈʁœntɡən] (Wilhelm Conrad Röntgen|විල්හෙල්ම් ර්හ්‍යෝන්ට්ගන්) ; 27 මාර්තු 1845 – 10 පෙබරවාරි 1923) යනු, 1895 නොවැම්බර් 8 දිනදී, X-කිරණ හෝ රොන්ට්ජන් කිරණ ලෙස හැඳින්වුනු තරංග ආයාම පරාසයක විද්‍යුත් චුම්බක විකිරණයන් නිෂ්පාදනය කොට ඒවායේ පැවැත්ම නිර්ණය කල, ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක්, වන අතර, මෙම සාධනය නිසා 1901දී ඔහුට, භෞතික විද්‍යාව සඳහා පළමු නොබෙල් ත්‍යාගය පිරිනැමිණි.

විල්හෙල්ම් රොන්ට්ජන්
උපත
විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන්

27 මාර්තු 1845(1845-03-27)
ලෙන්නෙප්, රයින් පළාත, ජර්මනිය
මියගිය දිනයFebruary 10, 1923(1923-02-10) (වයස 77)
මුනිච්, ජර්මනිය
ජාතිකත්වයජර්මන්
උගත් ශාස්ත්‍රාලය
  • ETH සුරිච්
  • සුරිච් විශ්ව විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේඑක්ස් කිරණ
සම්මානරම්ෆර්ඩ් පදක්කම (1896)
එලියට් රෙස්සොන් පදක්කම (1897)
බර්නාඞ් පදක්කම (1900)
භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය (1901)
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව
එක්ස් කිරණ
ආයතනස්ට්රැස්බර්ග් විශ්ව විද්‍යාලය
ඔහෙන්හේම් විශ්ව විද්‍යාලය
ගීස්සෙන් විශ්ව විද්‍යාලය
වුර්ස්බුර්ග් විශ්ව විද්‍යාලය
මියුනිච් විශ්ව විද්‍යාලය
ආචාර්ය උපදේශකඔගස්ට් කුන්ඩට්
ආචාර්ය සිසුන්හර්මන් මාර්ච්
ආබ්රම් ලොෆී
අර්නස්ට් වැග්නර්
රුඩොල්ෆ් ලැඩෙන්බර්ග්
අත්සන

රොන්ට්ජන් ඉගෙනුමට දස්කම් දැක්වූ පුද්ගලයකු විය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධිය පළමුවෙන් ලබා ගත් ඔහු ඉන්පසු D.S.C උපාධිය ලබා ගත්තේය. උපාධිය ලබාගත් පසු ඔහු “ස්ට්‍රැස්බර්ග්” සහ “ගීසන්”යන සරසවිවල මහාචාර්්‍යවරයා ලෙස කටයුතු කළේය.

ගීසන් සරසවියේ සේවය කරන විට ඔහු විවාහ වූයේය. ඉන්පසු භෞතික විද්‍යාව පිළිබද මහාචාර්්‍යවරයා වශයෙන් “මියුනිව්” හා “වුග්බර්ග්” යන සරසවිවල තනතුරැ දැරීය. වුග්බර්ග් සරසවියේ සිටින කළ ඔහු දිගින් දිගටම නොයෙකුත් පර්යේෂණවල නිරත විය. 1895 නොවෙම්බර් 08 වන දින ඔහු වැකියුම් නලයක් තුලින් විදුලිය යවමින් පර්යේෂණයක් කරමින් සිටියේය. හදිසියේම නලය තුලින් ගමන් කල විදුලිය කාමරයේ බිත්ති මත දීප්තිමත් ආලෝකයක් ඇති කලේය. ඔහු නම අත්ල එම ආලෝක ධාරාවට මැදි කල විට බිත්තිය මත පතිත වූයේ අත්ලේ ඇටසැකිල්ල පමණකි. මෙම අසාමාන්‍ය කිරණ විශේෂය “X කිරණ” යනුවෙන් නම් කල රොන්ට්ජන් ඒ පිළිබද තවත් පර්යේෂණ කොට 1895 දෙසැම්බර් 28 දින තම සොයා ගැනීම පිළිබද වාර්තාවක් භෞතවේද හා වෛද්‍ය සංගමයේ සභාපති වෙත ඉදිරිපත් කළේය.

රොන්ට්ජන්ගේ මෙම අනගිතම සොයා ගැනීම වෙනුවෙන් 1896 දී වුග්බර්ග් සරසවිය මගින් ඔහුට M.D උපාධිය පිරිනැමූ අතර තවත් සම්මාන කිහිපයකින්ම ඔහුට ගෞරව පුද කෙරිණි. මිනිස් පරපුර වෙනුවෙන් රොන්ට්ජන්ගෙන් සිදුවූ මෙහෙය නිසා 1910 නොබෙල් ත්‍යාගයෙන් පුදනු ලැබු ඔහු 1923 පෙබරවාරි 10 දින මෙලොවින් සමු ගත්තේය.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ