ලිතුවේනියාව

ලිතුවේනියා සමුහාණ්ඩුව බෝල්ටික් තුන් රාජ්‍යයේ උතුරු යුරෝපයේ පිහිටි රටකි. ගිණිකොණින් බෝල්ටික් මුහුදු තීරයේ හා එය මායිම් වන්නේ උතුරින් ලැට්යාවටත්, ගිණිකොණින් බෙලාරස්, නිරිත දෙසින් පෝලන්තය, රුසියානු ලෙනින්ග්‍රෑඩ් කුඩා රාජ්‍යය, බටහිරින් බොල්ටික් මුහුදු තීරයේ ඇත්තේ ස්විඩනය හා ඩෙන්මාර්ක්ය. එහි ජනගහනය මිලියන 3.32 වන අතර අගනුවර වන්නේ වෙල්නියස්ය. 14 වන ශතවර්ෂයේ දී යුරෝපයේ පිහිටි විශාලතම රට ලිතුවේනියා විය. වර්තමානයේ බෙලාරස්, යුක්රේන්, පෝලන්ත හා රුසියානු කොටස් ලිතුවේනියා ආදිපාද වසමේ ප්‍රදේශ විය. 1569 වර්ෂයේ දී ලුබ්ලින් එකමුතුවෙන් පෝලන්ත ලිතුවේනියා යන පොදු රාජ්‍යය ලෙස නව රාජ්‍යයන් පිහිටුවිය. එය ශතවර්ෂ 2 ක් පුරා පැවති අතර 1772 සිට 1795 දක්වා වකවානුවේ අසල්වැසි රාජ්‍යයන් එය ක්‍රමයෙන් බිඳ දැමු අතර රුසියානු අධිරාජ්‍ය සමඟ ලිතුවේනියන් ප්‍රදේශ බොහෝමයක් සම්බන්ධ කරන ලදි. 2 වන ලෝක යුද්ධයෙන් පසු 1918 පෙබරවාරි 16 දා ලිතුවේනියානු නිදහස් පනත අත්සන් කරන ලද අතර, නිදහස් රාජ්‍යයන් ලෙස ප්‍රකාශිතයට පත් කරන ලදි. 1940 වර්ෂයේ දී ලිතුවේනියාව, සෝවියට් රුසියානුවන් හා නාසි ජර්මානුවන් විසින් අත් පත් කර ගත්හ. 1944 වන විට නාට්සින් පසු බැසි අතර සෝවියට් රුසියානුවන් එය අත්කර ගත්හ. 1990 මාර්තු 11 දා ලිතුවේනියාව සෝවියට් සමුහාණ්ඩුව තුල නිදහස ප්‍රකාශ කල පළමු රට විය. 2008 – 2009 පැවති ලෝක ආර්ථික අර්බුදයට පෙර ලෝකයේ පැවති වේගවත් ආර්ථික වර්ධනය මෙරට සතු විය. ලිතුවේනියාව නේටෝ, යුරෝපානු කවුන්සිලය (EC), යු‍රෝපානු සංගමයේ (EU) සාමාජිකයෙකි. 2007 දෙසැම්බර් 21 දා එය ෂෙන්ගන් එකඟතාවයේ සම්පුර්ණ සාමාජිකයෙක් විය. 2009 වර්ෂයේ විල්නියස් යුරෝපානු සංස්කෘතියේ අගනුවර විය.

tiny globe
             කොඩිය
ජාතික ගීය Tautiška giesmė
             සිතියම
අගනුවර සහ විශාලම නගරය විල්නියස්
උතුරු අක්ෂාංශ 54 41' නැගෙනහිර දේෂාංශ 25 19'
රාජ්‍ය භාෂාව ලිතුවේනියානු
රාජ්‍ය අර්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ඩැලියා ඉබොව්ස්කේට්
අගමැති අන්ඩ්‍රියස් කුබිලියස්
නිදහස නිදහස රුසියාව සිට
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 65 200
වර්ග සැතපුම් 25 173
ජලය (%) 1.35%
            ජනගහනය
2009 තක්සේරුව 3 341 966 (130)
ඝනත්වය වර්ග කිලෝමීටර 53.5(120)
වර්ග සැතපුම් 141.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 68.611 බිලියන
සාමාන්‍ය ඩොලර් 18 977 (47)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 63 729 බිලියන (70)
සාමාන්‍ය ඩොලර් 14 086 (49)
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලිතුවේනියාව&oldid=606694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ