යුදෙව් විරෝධවාදය

(යුදෙව් විරෝධීවාදය වෙතින් යළි-යොමු කරන ලදි)

යුදෙව් ජාතිකයන්ට වෛර කිරීම, ඔවුන්ව පිළිකුල් කිරීම, සහ ඔවුන්ට වෙනස්කම් කිරීම යුදෙව් විරෝධවාදය යනුවෙන් හැඳින්වේ. යුදෙව් විරෝධී මතවාද නිසා යුදෙව්වන් ඉතිහාසය පුරාවටම හිංසා කිරීම්, පිටුවහල් කිරීම් සහ සමූල ඝාතන වලට ලක් වී ඇත. යුදෙව්වන් යනු ආගමික-වාර්ගික කණ්ඩායමක් බැවින් යුදෙව් විරෝධවාදය දෙයාකාර විය හැක. එනම් ජාතියක්/ජනවර්ගයක් ලෙස සළකා යුදෙව්වන් කෙරෙහි වෛර කිරීම සහ යුදෙව් ආගමෙහි අනුගාමිකයන් හට වෛර කිරීම යනුවෙනි. මින් පළමු ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතුවන්නෙ යුදෙව්වන් යනු තමාගේ සමාජීය කණ්ඩායමට වඩා වෙනස් සහ පහත් සහජ ගති ලක්ෂණ ඇති "ජාතියක්" යන විශ්වාසයයි. දෙවැනි ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතු වන්නේ යම් පුද්ගලයෙකුගේ ආගම විසින් යුදෙව් ආගමිකයන් දකින ආකාරයයි. ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි වෙනත් ඒබ්‍රහමික ආගම් වල ඇති සුලභ තේමාවක් වන්නේ එය යුදෙවු ආගමෙහි අනුප්‍රාප්තික ආගම වන බවත් යුදෙව්වන් තම ආගම වැළඳ ගත යුතු බවත් ය.

යුදෙව් විරෝධවාදය ක්‍රියාත්මක කෙරෙන අයුරු විවිධාකාරය. තනි තනි යුදෙව්වන් ඉලක්ක කරමින් වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීමේ සිට සංවිධානාත්මක සමූළ ඝාතනයන් හෝ වර්ග සංහාරයන් දක්වා මෙය විචලනය විය හැකිය. ඉතිහාසයේ සිදු වූ සැලකිය යුතු ප්‍රමාණයේ යුදෙව් විරෝධි හිංසනයන් මෙසේය:

  • 1096 රයින්ලන්තයේ සිදු කෙරුනු යුදෙව් සමූලඝාතන
  • 1290 එංගලන්තයේ පළමු එඩ්වර්ඩ් රජු විසින් නිකුත් කළ යුදෙව්වන් එංගලන්තයෙන් "නෙරපා හැරීමේ ආඥාව"
  • 1348 සහ 1351 අතර තිබූ "කළු මරණය" නමින් හැඳින්වුනු ගෝලීය මහාමාරිය වසංගතය අතරතුර යුරෝපීයන් විසින් යුදෙව්වන් සමූලඝාතනය කිරීම
  • 1391 ස්පාඤ්ඤ යුදෙව්වන් සමූලඝාතනය කිරීම
  • "ස්පාඤ්ඤ සවික්සුම" නමින් හැඳින්වෙන ක්‍රිස්තියානි ධර්ම විරෝධතා මර්දනාධිකරණය විසින් යුදෙව්වන් ඇතුළු ක්‍රිස්තියානි-නොවන ආගමිකයන්ට හිංසන සිදු කිරීම
  • 1492 දී යුදෙව්වන් ස්පාඤ්ඤයෙන් නෙරපීම
  • 1648 සහ 1657 අතර යුක්‍රේනයේ කොසැක් සමූලඝාතන
  • 1821 සහ 1906 අතර රුසියානු අධිරාජ්‍යයේ යුදෙව් විරෝධී සමූලඝාතන
  • දෙවන ලෝක යුද්ධය අතරතුර අක්ෂ බලවතුන් විසින් සිදු කෙරුනු මහා යුදෙව් සංහාරය

ඓතිහාසිකව යුදෙව්වන්ට එරෙහිව් සිදු කෙරුනු ප්‍රචණ්ඩකාරී සිදුවීම් බොහොමයක් සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි යුරෝපයේ ය. එහෙත් 20 වන ශතවර්ෂයේ සිට අරාබි ලෝකය තුලද යුදෙව් විරෝධවාදයෙහි ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව යුදෙවු විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රචලිත වීම ය.

නූතනයේදී යුදෙවු විරෝධවාදයෙහි නව අනුවාදයක් ලෙස "නව යුදෙව් විරෝධවාදය" හඳුනාගෙන තිබේ. යුදෙවු විරෝධවාදීන් විසින් සිය වෛරී සහගත මතවාද ඉදිරිපත් කිරීම සඳහා අරාබි ඊශ්‍රායල යුද්ධය භාවිත කරන ආකාරය මෙම සංකල්පයෙන් පැහැදිළි කෙරේ. එහිදී ඊශ්‍රායල රජයේ ක්‍රියාකාරකම් විවේචනය කරන මුවාවෙන් යුදෙවු විරෝධවාදී අදහස් වලට අවධානය සහ වලංගුභාවය ලබාගැනිමට උත්සාහ කෙරේ. කෙසේ වුවද, ඊශ්‍රායල රජයෙහි ප්‍රතිපත්තීන් සාධාරණ ලෙස විවේචනය කිරීම නිසගයෙන්ම යුදෙව්-විරෝධී නොවේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ