මෙකෙටාටන්

මෙකෙටාටන් ("ආටන්ව බලාගන්නා" හෝ "ආටන් විසින් ආරක්ෂා කරන") යුනවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පාරාවෝ අක්නාටන් සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ටිටිගේ දියණියන් සයදෙනා අතුරින් දෙවනැනියයි. ඇය බොහෝවිට අක්නාටන්ගේ රාජ්‍ය සමයේ 4වන වර්ෂයේ උපත ලබන්නට ඇත. ඇය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයක් වුවද, අක්නාටන්ගේ රාජ්‍ය සමයේ මුල් තුනෙන් දෙකක කාලයතුළ ඇය ඇගේ සොයුරියන් සහ දෙමාපියන් සමග සිටිනු නිරූපිත කැටයම් සහ නිර්මාණ රාශියක් හමුවේ.

මෙකෙටාටන් රූපාක්ෂර වලින්
it
n
ra
Aa16
D36
V31
t
B1

මෙකෙටාටන්
mꜥkt itn
ආටන් විසින් ආරක්ෂා කරන
මෙකෙටාටන් (වමේ) සිය මවගේ උකුළේ.
මෙකෙටාටන් අමර්ණ කුමරියගේ ක්වාර්ට්සයිට් ප්‍රතිමාවක කොටස; අක්නාටන් රාජ්‍ය සමයට අයත් ය. ක්‍රි.පූ. 1352-1336 අවට; බෲක්ලයින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. රූපයේ දකුණු ප‍යෝධරය මතින් කැඩුණු අත තබා තිබූ ආකාරය තරුණ දැරියන් නිරූපණය කිරීමේ සම්මත ක්‍රමය අනුව යෙදුණකි. ඇගේ අතේ මලක් හෝ ගිගිරියක් තිබෙන්නට ඇත.

පවුල

මෙකෙටාටන් යනු අක්නාටන් සහ නෙෆර්ටිටි හට උපන් දෙවන දියණියයි. ඇයට මෙරිටාටන් නැමැති වැඩිමහල් සොයුරියක් සහ අන්ඛෙසෙන්පාටන්, නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට්, නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේ යනුවෙන් නැගණියන් සිව්දෙනකු ද විය. ටූටන්ඛාටන් ඇගේ අර්ධ-සොයුරකු විය.[1]

දිවිය

මෙකෙටාටන්ගේ උපන් වර්ෂය අක්නාටන්ගේ 4වන රාජ්‍ය වර්ෂය හෝ ඊට පෙර වර්ෂයක් වන්නට ඇතැයි අනුමාන කෙරේ.[2] මෙකෙටාටන්ගේ රුව පළමුවරට දක්නට ලැබෙන්නේ ඇගේ මව වූ නෙෆර්ටිටිට පුදකළ තීබ්ස්හි හුට්-බෙන්බෙන් දෙවොලේ බිත්තිවල ය. 4වන වර්ෂය හෝ ඊට පසුකලෙකට අයත් යැයි සැලකිය හැකි පසුකාලීන ශිලාලේඛනවල මෙකෙටාටන් සිය වැඩිමහල් සොයුරිය වන මෙරිටාටන්ට පසුපසින් සිටිනු නිරූපිත ය.[3] වෙනත් මතයන් අනුව කියැවෙන්නේ මෙකෙටාටන් උපන්නේ වර්ෂය 4 හෝ ඊට පෙරය යන්න යෝජනා වී ඇත්තේ වර්ෂය 5දී කැටයම් කළ වර්ෂය 4දී වූ සිදුවීම් ඇතුළත් ශිලා ස්තම්භයේ ඇගේ රුව ඇතුළත් කර ඇති නිසා බවයි.[4]

මෙකෙටාටන් සිය පවුල සමග නව අගනුවර වූ අක්ටාටන් වෙත පිටත්ව යන විට ඇය කුඩා දැරියක වූවා ය. අමර්ණහි ඇතැම් වංශවතුන්ගේ සොහොන්ගැබ්වල ඇගේ රුව නිරූපණය කොට ඇත. ආයිගේ සොහොන්ගැබේ මෙකෙටාටන්ව දක්වා ඇත්තේ සිය මවගේ ගෙල වටා අතක් යවා ගනිමින්, ත්‍යාග බන්දේසියක් දරා සිටින අයුරිනි.[2] මෙකෙටාටන් පිළිබඳ සඳහන් වන සෙසු ස්මාරක අතර, හීලියොපොලිස්වලින් හමුවූ ශිලා ස්තම්භයක්, ෆායූම්වලින් හමුවූ ප්‍රතිමා පාදමක් සහ පැනෙහෙසි හා පැරෙනෆෙර්ගේ සොහන්ගැබ් ද වේ.[5] අමර්ණහි ඉහළ නිලතල දැරූ හුයා සහ උසස් පූජක IIවන මෙරිරේගේ සොහොන්ගැබ්වල 12වන වර්ෂයේ සිදුවූ විදේශ පඬුරු පිළිගැනීමේ උත්සවයේ දී ඇය, ඇගේ දෙමාපියන් සහ සොයුරියන් සමග සිටින අයුරු නිරූපණය කර තිබේ.[2][3]

මරණය සහ භූමදානය

මෙකෙටාටන් අක්නාටන්ගේ 14වන වර්ෂය අවට දී මියගොස් තිබේ.[3] අක්නාටන්ගේ 12වන සහ 15වන වර්ෂයන් අතර ඊජිප්තුව ඔස්සේ ව්‍යාප්ත වූ වසංගතය එයට හේතුව වන්නට ඇත. රාජකීය පවුලේ බොහෝ සාමාජිකයන් පිළිබඳ වාර්තා මේ කාලයෙන් පසු හමු නොවේ. මේ අතර, ටියේ මව් බිසව, නෙෆර්ටිටි රැජින, අක්නාටන්ගේ උපබිසවක වූ කියා, මෙකෙටාටන් සහ ඇගේ බාලම නැගණියන් දෙදෙනා වන නෙෆර්නෙෆරුරේ හා සෙටෙපෙන්රේ කුමරියන් ද වේ.[2] මෙකෙටාටන්ගේ මරණය වසංගතයක් නිසා හෝ දරු උපතක දී සිදුවූවක් විය හැක. රාජකීය බිළිඳකු සිටීමෙන් බොහෝ දෙනකු ලාබාල කුමරියගේ මරණය දරු උපතක දී සිදුවූවකැයි විශ්වාස කිරීමට පෙ‍ළඹේ. (බොහෝවිට ඇගේ පියා වූ අක්නාටන් විසින්ම ඇය විවාහ කර ගන්නට ඇත) නමුත් මෙය සනාථ කළ නොහැකිව ඇත.[2] වැන් ඩිජ්ක් විසින් ඉදිරිපත් කළ මීට සමාන්තර මතයක් අනුව කියැවෙන්නේ දර්ශනයෙහි නිරූපිත කුඩා දරුවා මගින් මෙකෙටාටන්ගේ ආත්මය (කා) නිරූපණය වන බවයි.[4]

වියන යට සිටින මෙකෙටාටන්; කුටියේ ඇති බිතු සිතුවමකි. ඇගේ ඉදිරිපස: අක්නාටන්, නෙෆර්ටිටි, මෙරිටාටන්, අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට්.

රාජකීය සොහොන්ගැබේ සහ වශයෙන් නම් කළ කුටි තුන භූමදානයන් සඳහා භාවිත වූ ඒවා යැයි විශ්වාස කෙරේ. සහ කුටිවල ඉතා සමාන දර්ශන අන්තර්ගත ය. මේවායේ අක්නාටන් සහ නෙෆර්ටිටි කාන්තාවකගේ නිසල දේහයක් අසල නැමී එකිනෙකාගේ දෑත් අල්ලාගෙන ශෝකවන අයුරු නිරූපිත ය. අසල සිටින හෙදියක් සිය දෑතෙහි කුඩා දරුවකු දරා සිටියි. ඒ අසල චාමරධාරියකු සිටින හෙයින් එම බිළිඳා රාජකීයයකු බව පැහැදිළි වේ. කුටියේ ඇති නම් බවත් කොට තිබේ. කෙසේනමුත් කුටියේ ඇති රූපාක්ෂර අනුව මියගිය තරුණ කාන්තාව මෙකෙටාටන් බව පැහැදිළි වේ. එම කුටියේම තවත් දර්ශනයක, මෙකෙටාටන් සාමාන්‍යයෙන් දරු උපත් සඳහා යොදාගන්නා වියනක් යට සිටගෙන සිටින අයුරු නිරූපිත ය. නමුත් මෙය ඇගේ නැවත උපතක් ලෙස ද අර්ථ කථනය කළ හැකි වේ. ඇගේ ඉදිරිපිට මාලිග සාමාජිකයන් අතර, අක්නාටන්, නෙෆර්ටිටි සහ ඔවුන්ගේ සෙසු ඉතිරිව සිටි දියණියන් තිදෙනා වූ මෙරිටාටන්, අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් නිරූපිත ය.[4]

ඇතැම්විට කුටිය මෙකෙටාටන්ගේ භූමදාන ස්ථානය වන්නට ඇත. එහි තවත් භූමදානයන් දෙකක් පැවතී ඇති අතර, ඒවා ඇතැම්විට නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේගේ විය හැක. නමුත් මේ බව සනාථ වී නැත.[4] තවත් මතයක් අනුව කියැවෙන්නේ මෙම දර්ශනයේ නිරූපණය වන්නේ කියා බවත්, එහි සිටින බිළිඳා ටූටන්ඛාමූන් බව ය.[2] කෙසේනමුත්, ජැකොබස් වැන් ඩිජ්ක් විසින් පසුකාලීන විලියම් මර්නේන්ගේ මතකයන් ආවර්ජනා කරමින් ලියූ 2009 දී ප්‍රකාශිත ග්‍රන්ථයේ දැක්වෙන්නේ මෙය මෙකෙටාටන්ගේ මරණය සහ සහ නැවත උපත නිරූපණයක් බවයි. ඇය ඒ වනවිට පරලොව ආටන් සමග සිටි බව පැවසිණි.[6] ජෝන් හැරිස් ද වැන් ඩිජ්ක්ගේ නිගමනයන් සමග එකඟ වේ.

රාජකීය සොහොන්ගැබ තුළ තිබී මෙකෙටාටන්ගේ ශෛලමය මිනීපෙට්ටියේ කැබලි හමු විය. එහි ශිලාලේඛනවල ඇගේ දෙමාපියන් වන අක්නාටන් සහ නෙෆර්ටිටි, ඇගේ සොයුරිය අන්ඛෙසෙන්පාටන් මෙන්ම ඇගේ මුත්තණුවන් සහ මිත්තණිය වූ IIIවන අමෙන්හොටෙප් සහ ටියේ රැජින පිළිබඳව ද සඳහන් වේ.[5]

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මෙකෙටාටන්&oldid=679755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ