මැකූන්-රයිෂවර්

මැකූන්-රයිෂවර් රෝමානුකරණය /məˈkn ˈr.ʃ.ər/ යනු වඩාත් පුළුල්ව භාවිතා වන කොරියානු භාෂා රෝමානුකරණ පද්ධති දෙක අතරින් එකකි. (අනෙක් රෝමානුකරණය වන්නේ ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියානු භාෂාව යි) මෙම (වැඩිදියුණු කළ) මැකූන්-රයිෂවර් ක්‍රමය 2000දී දකුණු කොරියාවේ නිල රෝමානුකරණ පද්ධතිය ලෙස ප්‍රකාශ කරන ලදී. මැකූන්-රයිෂවර් පද්ධතියේ වෙනත් ප්‍රභේදයක් උතුරු කොරියාව සිය නිල පද්ධතිය ලෙස භාවිතා කරනු ලබයි.[තහවුරු කර නොමැත]

මෙම පද්ධතිය නිර්මාණය කරන ලද්දේ 1937දී ජෝර්ජ් එම්. මැකූන් සහ එඩ්වින් ඕ. රයිෂවර් විසිනි. මෙමගින් කොරියානු හංගුල් අක්ෂර පරිවර්තනයට උත්සාහ නොගැණුනු අතර, එමගින් ශබ්දමය උච්චාරණය නිරූපණයට උත්සාහ ගැනිණි. කොරියාවෙන් පිටත මැකූන්-රයිෂවර් පද්ධතිය බහුලය භාවිතා කෙරේ. 1984 සිට 2000 දක්වා දකුණු කොරියාව තුළ මෙහි ප්‍රභේදයක් නිල රෝමානුකරණ පද්ධතිය ලෙස භාවිතා කෙරිණි. මීට අමතරව යේල් රෝමානුකරණ පද්ධතිය නම් වූ තෙවන පද්ධතියක් ද ඇති අතර, එය භාවිතා වන්නේ ශාස්ත්‍රාලීය සාහිත්‍යමය කටයුතුවලදී පමණි. 20වන සියවසේ මුල්කාලයේ කොරියාව කෙරෙහි වූ රුසියානු ලැදියාව හේතුවෙන්, සිරිලික් වර්ණමාලාව තුළ කොරියානු නිරූපණයට ගත් උත්සාහයක් ලෙස කොන්ට්සෙවිච් පද්ධතිය බිහි විය.

ලක්ෂණ සහ විවේචන

කොපවතී. නමුත් කොරියානු භාෂාවේ ශබ්දවිද්‍යාත්මකව ඝෝෂ සහ අඝෝෂ ව්‍යඤ්ජනාක්ෂර අතර වෙනසක් නොපැවතුණද, ශබ්දක්‍රමෝපායානුකූලව එහි වෙනසක් පවතී. p', k', සහ t' වැනි මහාප්‍රාණාක්ෂර උඩු කොමාව යෙදීම මගින් සිථිලාක්ෂරවලින් වෙන් වේ. ඒවා ඇතැම්විට මාත්‍රා වෙන්කෙරෙන සලකුණු ලෙස තේරුම්ගනු ලබයි. (උදාහරණ ලෙස 뒤차기 → twich'agi, යන්න twi, ch'a සහ gi යන මාත්‍රාවන්ගෙන් සමන්විත ය) උඩු කොමාව ඇතැම්විට පිටපත්කිරීමේ දී ㅇㅇ (ng)ට ප්‍රතිවිරුද්ධව ㄴㄱ (n'g) නිරූපණයට භාවිතා වේ: 잔금 → chan'gŭm සහ. 장음 → changŭm).

මැකූන්-රයිෂවර් පද්ධතිය පිළිබඳ විචාරකයින් පවසන්නේ සාමාන්‍ය පරිශීලකයින්, oවලට දිගු ස්වර සඳහා භාවිත වූ 어 සහ u වලට එහා සඳහා භාවිත වූ 으 වැනි අතිදීර්ඝ ස්වර ( ˘ ) භාවිතය සිදු නොකර යතුරුලියනයේ පහසුව තකා අතිදීර්ඝ ස්වරවලින් තොරව o හෝ u භාවිත කරන බවයි. මේ නිසා o රෝමානුකරණය කිරීම 오 හෝ 어 ලෙසින්ද, u රෝමානුකරණය කිරීම 우 හෝ 으 ලෙස භාවිත කළ යුතු ද යන්න පිළිබඳ පැටලිලි සහගත තත්ත්වයක් ඇති වේ. සාමාන්‍ය පරිශීලකයින් මීට අමතරව නිතරම මහාප්‍රාණාක්ෂර (ㅋ, ㅌ, ㅍ, සහ ㅊ) සහ එහි සිථිලාක්ෂර (ㄱ, ㄷ, ㅂ, සහ ㅈ) වෙන්කර හඳුනාගැනීමට භාවිත කරන උඩු කොමාව ද නොයෙදීම ද ගැටලු සහගත තත්ත්වයකි.

මැකූන්-රයිෂවර් පද්ධතියේ හිතවාදීන් පවසන්නේ කෙසේනමුත්, අතිදීර්ඝ ස්වර හා උඩු කොමා භාවිත කළත්, නොකළත් කොරියානු භාෂාව පිළිබඳ එතරම් වැටහීමක් නැති සාමාන්‍ය පරිශීලකයන්හට කොරියානු වදනක නියම උච්චාරණය වටහාගත හැකි බවයි.

එවැනි අතපසුවීම් හේතුවෙන් දකුණු කොරියානු රජය විසින් 2000දී ප්‍රතිශෝධිත රෝමානුකරණ පද්ධතියක් භාවිතය අරඹන ලදී. ප්‍රතිශෝධිත පද්ධතිය පිළිබඳ විචරකයන් පවසන්නේ එය පයසුවෙන් හඳුනාගත හැකි පරිදි 어 සහ 으 නිරූපණයට අසමත් බවයි. එසේම, එය සිථිලාක්ෂර (unaspirated consonants) එහි නියම උච්චාරණ විධියෙන් බැහැරව ඉදිරිපත්කොට ඇති බව පැවසේ.

මේ අතර, දකුණු කොරියාව තුළ නව පද්ධතිය නිල වශයෙන් භාවිතය වෙනුවට, දකුණු කොරියාව තුළ සහ පිටත වූ කොරියානු අධ්‍යාපනඥයින් සහ අන්තර්ජාතික භූගෝල විද්‍යාත්මක සහ සිතියම් විද්‍යාත්මක සමුළුවලදී මැකූන්-රයිෂවර් හෝ යේල් පද්ධතිය භාවිතයට ගැනීම සිදු විය. මෙලෙසම උතුරු කොරියාව මැකූන්-රයිෂවර් පද්ධතියේ ප්‍රභේදයක් භාවිත කරනු ලබයි.

දකුණු කොරියාව තුළ 1984/1988 සහ 2000 අතර කාලයේ භාවිත වූ මැකූන්-රයිෂවර් ප්‍රභේද පද්ධතිය මෙන් මෙම නව පද්ධතිය පුළුල්ව ප්‍රචලිත නොවී ය.

මාර්ගෝපදේශනය

මෙය මැකූන්-රයිෂවර් පද්ධතියේ සරල කරන ලද මාර්ගෝපදේශනයකි. මෙය නිතර නම් පරිවර්තනය සඳහා භාවිත වුවද, එමගින් සියලු වචන නිවැරදිව පරිවර්තනය නොවන බව සලකන්න. එයට හේතුව ඇතැම් කොරියානු අක්ෂර ඒවා යෙදෙන ස්ථානය අනුව විවිධ අයුරින් උච්චාරණය කිරීමයි.

ප්‍රාණාක්ෂර (ස්වර)

හංගුල්
රෝමානුකරණයaaeyayaeŏe*yeowawaeoeyouwewiyuŭŭii
  • ㅔ යන්න ㅏ සහ ㅗට පසුව ë ලෙස යොදනු ලබයි. මෙමගින් ㅐ (ae) යන්න ㅏ에 () මගිනුත්, ㅚ (oe) යන්න ㅗ에 () මගිනුත් වෙන්කර හඳුනාගැනීම පහසු වේ. ㅏ에 () සහ ㅗ에 () යන සංයෝජන, නාම පදයකට පසු යෙදෙන නිපාතයක් හැරුණු විට සෙසු අවස්ථාවල වාක්‍යවල දැකගැනීම ඉතා විරල ය. උදාහරණයක් ලෙස, 회사에서 hoesaësŏ (සමාගමක දී) සහ 차고에 ch'agoë (ගරාජයක් තුළ) යන වදන් දැක්විය හැක.
  • කොරියානු පෙළපත් නම් වන 이/리(李) සහ 이(異) යන වදන් යි ලෙස පරිවර්තනය කෙරෙන අතර, එය ලෙස පරිවර්තනය නොකෙරේ.[1] (උදා. 이순신 යන්න යි සුන්සින් යන නාමය සඳහා භාවිත වේ)

ව්‍යඤ්ජනාක්ෂර

හංගුල්
රෝමානුකරණයසමාරම්භකkkkntttrmpppssschtchch'k't'p'h
අවසානkkntlmpttngttktp
  • මෙම ව්‍යඤ්ජනාක්ෂරවල තනි ශබ්දයක් දක්වන අක්ෂර ද්විත්වයන් (ㄳ, ㄵ, ㄶ, ㄺ, ㄻ, ㄼ, ㄽ, ㄾ, ㄿ, ㅀ, ㅄ) පවතින්නේ අවසාන ලෙස පමණක් වන අතර, ඒවා එහි නියම උච්චාරණය අනුව පිටපත් කෙරේ.
ඊළඟ මාත්‍රාවන්හි ආරම්භක ව්‍යඤ්ජනාක්ෂර
1
k

n

t

(r)

m

p
2
s

ch

ch'

k'

t'

p'

h
අවසන්
ව්‍යඤ්ජනාක්ෂරය
kgkkngnktngn(S)/ngr(N)ngmkpkskchkch'kk'kt'kp'kh
nnn'gnnndll/nnnmnbnsnjnch'nk'nt'np'nh
tdtknnttnn(S)/ll(N)nmtpsstchtch'tk'tt'tp'th
ㄹ lrlgll/nnld3lllmlblslj3lch'lk'lt'lp'rh
mmmgmnmdmn(S)/mr(N)mmmbmsmjmch'mk'mt'mp'mh
pbpkmnptmn(S)/mr(N)mmpppspchpch'pk'pt'pp'ph
ㅇ ngngnggngnngd ngn(S)/ngr(N) ngmngbngsngjngch'ngk'ngt'ngp'ngh
  1. ㅇ යන්න ආරම්භක ව්‍යඤ්ජනාක්ෂරයක් වන අතර එය ප්‍රාණාක්ෂරයකට පෙර යෙදීමෙන් හඬ නොමැති බව නිරූපණය කරයි.
  2. 쉬 යන්න shwi ලෙස රෝමානුකරණය කෙරේ.
  3. චීන-කොරියානු වදන්වල, lt සහ lch වෙන්වෙන්ව යෙදේ.

ㄱ, ㄷ, ㅂ, සහ ㅈ, සඳහා g, b, d, හෝ j යන අක්ෂර ධ්වනිත ශබ්දය අනුව යෙදේ. ඇතැම්විට k, p, t, හෝ ch ද යෙදේ. මේවායේ උච්චාරණයේ ප්‍රමුඛතාව ඉහත වගුව ‍අනුව යෙදේ.

උදාහරණ

  • අඝෝෂ/ඝෝෂ ව්‍යඤ්ජනාක්ෂර
    • 가구 kagu
    • 등대 tŭngdae
    • 반복 panbok
    • 주장 chujang
  • සැබවින්ම, ආරම්භක ව්‍යඤ්ජනාක්ෂරයන් වන ㅇ රෝමානුකරණයේදී නොසලකා හරිනු ලබන්නේ, එය භාවිත වන්නේ ශබ්දය රහිත බව හැඟවීම සඳහා පමණක් බැවිනි.
    • 국어 (උච්චාරණය 구거) kugŏ (kukŏ ලෙස නොවේ)
    • 믿음 (උච්චාරණය 미듬) midŭm (mitŭm ලෙස නොවේ)
    • 법인 (උච්චාරණය 버빈) bin (pin ලෙස නොවේ)
    • 필요 (උච්චාරණය 피료) p'iryo (p'ilyo ලෙස නොවේ)
  • r සහ l
    • r
      • ස්වර දෙකක් අතර: 가로 karo, 필요 p'iryo
      • ආරම්භකයකට පෙර ㅎ h: 발해 Parhae, 실험 sirhŏm
    • l
      • ව්‍යඤ්ජනාක්ෂරයකට පෙර (විශේෂයෙන් ආරම්භකයක් වන ㅎ hට පෙර), හෝ වචනයක අවසානයේ: 날개 nalgae, 구별 kubyŏl, 결말 kyŏlmal
      • ㄹㄹ යන්න ll ලෙස ලියැවේ: 빨리 ppalli, 저절로 chŏjŏllo
  • ව්‍යඤ්ජනාක්ෂර සමාග්‍රහණය
    • 연락 (උච්චාරණය 열락) llak
    • 독립 (උච්චාරණය 동닙) tongnip
    • 법률 (උච්චාරණය 범뉼) mnyul
    • 않다 (උච්චාරණය 안타) ant'a
    • 맞히다 (උච්චාරණය 마치다) mach'ida
  • තාලුජකරණය
    • 미닫이 (උච්චාරණය 미다지) midaji
    • 같이 (උච්චාරණය 가치) kach'i
    • 굳히다 (උච්චාරණය 구치다) kuch'ida

උච්චාරණය අනුගමනය නොකෙරෙන අවස්ථා

  • -ㄱㅎ-, -ㄷㅎ- (තාලුජකරණය සිදු නොවන අවස්ථාවල දී පමණක්)/-ㅅㅎ-, -ㅂㅎ- යන අනුක්‍රමයන් පිළිවෙලින් kh, th, ph ලෙස ලියනු ලබයි. නමුත් ඒවා උච්චාරණය වන්නේ ㅋ (k'), ㅌ (t'), ㅍ (p') ලෙස අකම අයුරිනි.
    • 속히 sokhi (උච්චාරණය 소키)
    • 못하다 mothada (උච්චාරණය 모타다)
    • 곱하기 kophagi (උච්චාරණය 고파기)
  • වචනයක මධ්‍යයේ දී, තනි ව්‍යඤ්ජනාක්ෂරයක් (ㄱ, ㄷ, ㅂ, ㅅ, හෝ ㅈ) කාලභේදී ව්‍යඤ්ජනාක්ෂරයක් බවට (ㄲ, ㄸ, ㅃ, ㅆ, හෝ ㅉ) බවට පත්වන විට, එය ලියනු ලබන්නේ පිළිවෙලින් k, t, p, s, හෝ ch ලෙසයි. නමුත් ඒවා ශබ්ද කෙරෙන්නේ ㄲ (kk), ㄸ (tt), ㅃ (pp), ㅆ (ss), හෝ ㅉ (tch) ලෙස එකම අයුරිනි.
    • 태권도 (උච්චාරණය 태꿘도) t'aekwŏndo
    • 손등 (උච්චාරණය 손뜽) sontŭng
    • 문법 (උච්චාරණය 문뻡) munpŏp
    • 국수 (උච්චාරණය 국쑤) kuksu
    • 한자 (漢字, උච්චාරණය 한짜) hancha

උතුරු කොරියානු ප්‍රභේදය

උතුරු කොරියාවේ මැකූන්-රයිෂවර් ප්‍රභේදයෙහි, මහාප්‍රාණ අක්ෂර තනි උඩු කොමාවක් භාවිතයෙන් නිරූපණය නොකෙරෙන අතර, ඒ වෙනුවට "h" අක්ෂරයක් අකතු කෙරේ. උදාහරණ ලෙස, 평안 යන්න Phyŏngan ලෙස ලියනු ලබයි. නියම ක්‍රමයට අනුව ලියුවහොත් එය P'yŏngan ලෙස ලිවිය යුතු ය.

දකුණු කොරියානු ප්‍රභේදය

1984 සිට 2000 දක්වා දකුණු කොරියාව තුළ නිල වශයෙන් මැකූන්-රයිෂවර් ප්‍රභේදයක් භාවිත කෙරිණි. නියම මැකූන් රයිෂවර් සහ එහි දකුණු කොරියානු ප්‍රභේදය අතර පහත වෙනස්කම් දක්නට ඇත:

  • 시 යන්න shi ලෙස ලියවුණද, නියම පද්ධතිය අනුව එය si ලෙස ලියැවේ. ㅅට පසුව ㅣ යෙදෙන අවස්ථාවන්හි, සාමාන්‍ය [s] ශබ්දය වෙනුවට, එය [ɕ] ශබ්දය (ඉංග්‍රීසි භාෂාවේ එන [ʃ] ශබ්දයට සමාන (show යන්නෙහි sh ශබ්දය මෙන්)) ලෙස යොදයි. නමුත් නියම පද්ධතියෙහි sh යෙදෙන්නේ shwi සඳහා යෙදෙන 쉬 යන සංයුක්ත අක්ෂරය සඳහා පමණි.
  • මෙම ප්‍රභේදයෙහි ㅝයන්න wo ලෙස ලියැවුණ ද, නියම පද්ධතිය තුළ එය ලෙස යෙදේ. එයට හේතුව w (ㅗ හෝ ㅜ යන්න අර්ධ ස්වරයක් ලෙස) + o (ㅗ) යන සංයුක්ත ස්වරය කොරියානු ශබ්ද විදයාවේ නොපැවතීමයි. දකුණු කොරියානු රජය යන්නේහි දීර්ඝ ස්වරය නොසලකා හැර ඇත.
  • ㄴㄱගෙන් ㅇㅇ ද, ㅏ에 ගෙන් ㅐ ද, සහ ㅗ에ගෙන් ㅚ ද, වෙන්කර හඳුනාගැනීමට මෙම ප්‍රභේදය තුළ කෙටි ඉරි භාවිතා කළ ද, නියම පද්ධතිය තුළ ඒ වෙනුවට උඩු කොමා සහ ë යෙදේ. එමනිසා දකුණු කොරියානු පද්ධතිය තුළ මහාප්‍රාණ අක්ෂර හැඟවීමට පමණක් තනි උඩු කොමාවක් භාවිත වූ අතර, ë යන්න භාවිත නොවී ය.
  • ㄹට පසුව ㅎ යෙදෙන අවස්ථාවල දී, ㄹ යන්න l ලෙස දකුණු කොරියානු ප්‍රභේදයෙහි ලියැවේ. නමුත් නියම මැකූන්-රහිෂවර් පද්ධතිය අනුව එය r ලෙස ලියනු ලබයි.
  • ආරම්භකයක් මගින් සමාග්‍රහණ-ප්‍රේරිත මහාප්‍රාණකරණයේ දී ㅎ යොදනු ලැබේ. නියම මැකූන්-රයිෂවර් පද්ධතිය තුළ ㄱㅎ යන්න kh ලෙස ලියැවුණ ද, දකුණු කොරියානු ප්‍රභේදය තුළ එය k' ලෙස භාවිත විය.

ඉහත වෙනස්කම් පහත වගුව මගින් වටහාගත හැකි ය.

වචනයමැකූන්-රයිෂවර්දකුණු කොරියානු ප්‍රභේදයඅර්ථය
시장sijangshijangවෙළඳසැල
쉽다shwiptaswiptaලේසි
소원sowŏnsowonප්‍රාර්ථනය, පැතුම
전기chŏn'gichŏn-giවිදුලිය
상어sangŏsang-ŏමෝරා
회사에서hoesaësŏhoesa-esŏසමාගමක දී
차고에ch'agoëch'ago-eගරාජයක් තුළ
발해ParhaePalhaeබල්හේ (පැරණි කොරියානු රාජධානියක්)
직할시chikhalsichik'alshiසෘජුව පාලනය වන නගරය[2]
못하다mothadamot'adaඅසරණ වීමට
곱하기kophagikop'agiගුණ කිරීම

මේවාත් බලන්න

අධෝසටහන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මැකූන්-රයිෂවර්&oldid=592930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ