මයෝකාඩියම

මයෝකාඩියම (ඉංග්‍රීසි:  Myocardium) යනු හෘත් බිත්තියේ ස්තර තුනෙන් (3) එකකි.

Cardiac muscle
තොරතුරු
ලතින්Textus muscularis striatus cardiacus
කොටසක්Myocardium of the heart
හඳුන්වනයන්
TAA12.1.06.001
FMA9462
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
මයෝකාඩියමේ ඇති සුළි ආකාර රටාව හෘදයට කාර්යක්ෂම පොම්පයක් ලෙස කියාකිරීමට උපකාරී වේ

හෘද බිත්තියේ මධ්‍ය ස්තරය මයෝකාඩියම නම්වේ. මෙය හෘත් පේශියයි. මෙය කොලැජන් සැකිල්ලකින් වටවූ අනිච්ඡානුග විලිඛිත පේශි පටකයකි. මෙම හෘත් පේශි රටාව දර්ශනීය සහ සංකීර්ණ ය. පේශි සෛල හෘදයේ කුටීර වටා සුළි ලෙස සර්පිලාකාරව සකස්වන අතර, පිටත පේශි කර්ණිකා ව‍ටා සහ මහා රුධිර වාහිනීවල පාදම වටා 8 ඉලක්කමේ හැඩයට සකස් වී ඇත. ඇතුළු පේශි ද කෝෂිකා දෙක වටා 8 ඉලක්කමේ ආකාරයට සකස් වී අග්‍රය දෙසට යොමුවී ඇත. මෙම සංකීර්ණ සුළි ආකාර රටාව හේතුවෙන් හෘදයට රුධිරය වඩාත් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකියාව ලැබී ඇත.[1]


මෙය හෘදයේ පමණක් දක්නට ලැබෙන හෘත් පේශි වලින් තැනී ඇත. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය සඳහා වැදගත් වනවිශේෂිත වූ සන්නයන සන්නයනය තන්තු සහිත ජාලයක් ද myocardium හරහා දිව යයි.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මයෝකාඩියම&oldid=513886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ