බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

බෙන්ජමින් ෆ්රුන්ක්ලින් (1706 ජනවාරි 17 සිට 1790 අප්‍රේල් 17) ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් කෙනෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදකයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු කර තිබේ. විද්‍යාඥයකු ලෙස ඔහු විද්‍යුතය හා එහි න්‍යාය සොයා ගැනීමේ පුරෝගාමියකු විය. ඔහු අකුණු සන්නායක, ද්විනාභි කාච, ෆ්රැන්ක්ලින් උඳුන, ගැල ගන්ධමානය හා සංගීත උපකරණයක් සොයා ගැනීමට සමත්විය. ඔහු පළමු මහජන පුස්තකාලය ඇමරිකාවේ පිහිටවු අතර, පළමු ගිනි නිවන දෙපාර්තමේන්තුව පෙන්සිල්වේනියාවේ පිහිටුවන ලදී. දේශපාලනික ලේඛකයකු හා ක්‍රියාකාරියකු ලෙස ඇමරිකානු විප්ලවය අතරතුර "ඇමරිකානු ජාතිය" නම් සංකල්පය ඔහු ගොඩනගන ලදී. නිදහසට උපකාරී වූ ප්‍රංශ සන්ධානය ආරක්ෂා කිරීමට ඔහු මුල්විය.

බෙන්ජමින් ෆ්රුන්ක්ලින්


බොස්ටන්, මැසචුසෙට්ස් හි උපත ලද ඔහු ඔහුගේ වැඩිමල් සහෝදරයාගෙන් මුද්‍රණ ශිල්පය උගත්තේය. පසුව පුවත්පත් සංස්කාරකයකු, මුද්‍රන ශිල්පියෙකු හා ෆිලඩෙල්පියාවේ වෙළෙන්දෙකු බවට පත්වු ඔහු එමඟින් ප්‍රසිද්ධියට හා ධනවත් බවට පත්වූ‍යේය. විද්‍යාව හා තාක්ෂණයට උනන්දුවක් දැක්වූ ඔහු, ඔහුගේ ප්‍රසිද්ධ පරීක්ෂණ වලින් අන්තර්ජාතික කීර්තියට පත්විය. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ‍ෆ්රැන්ක්ලින් මාෂල් විද්‍යාලය පිහිටවූ ඔහු, ඇමරිකානු දර්ශනවාදී සමිතියේ පළමු සභාපති ද විය. ඇමරිකානු පාර්ලිමේන්තුවේ අප්‍රසිද්ධ මුද්‍රා පනත (stamp act) අවලංගු කිරීමට ගත් උත්සාහය නිසා ඔහු ජාතික වීරවරයකු බවට පත්විය. රාජ දුතයකු ලෙස ඔහු ප්‍රංශ ජාතිකයන් අතර "පැරීසියේ ඇමරිකානු ඇමති" ලෙස ප්‍රසිද්ධ වූ අතර ප්‍රංශ - ඇමරිකානු සම්බන්ධතා වර්ධනයට කටයුතු කළේය.


1775 සිට 1776 දක්වා ෆ්රුන්ක්ලින් මහාද්වීපික සම්මේලනයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙසද, 1785 සිට 1788 දක්වා පෙන්සිල්වේනියාවේ උත්තරීතර විධායක කමිටුවේ සභාපතිවරයා ලෙසද, කටයුතු කළේය. තම දිවිය අවසන් වන විට ඔහු ප්‍රධාන නීති අවලංගු කරන්නෙකු (abolitionists) බවට පත්ව සිටියේය.


ඔහුගේ විශිෂ්ට සේවය හා කැපකිරීම් නිසා ඔහුගේ නාමය මුදල් වලට, යුද නැව් වලට, නගරවලට, අධ්‍යාපනික ආයතන වලට, ආයතන වලට එකතු කිරීම සිදුවිය. ඔහුගේ මරණයෙන් ශත වර්ෂ දෙකක් ගත වී ඇතත් තවමත් සංස්කෘතිමය සඳහන් කිරීම් සිදුවේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ