පාරමිතා

දස පාරමිතා

සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අරහත් යන තුන්තරා බෝධියට පමුණුවන ලෝකෝත්තර කුසල ධර්ම දස පාරමිතා නම් වෙති. ලෞකික සැප සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සැප සම්පත්ම පමණක් ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ.එ බැවින් ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුසලයෝ පාරමී සංඛ්‍යාවට අයත් වෙති.

"දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමංඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස"

යනුවෙන් මෙම ගාථාවේ සදහන් වන පරිදි එම දස පාරමිතා මෙසේය,

  1. දාන පාරමිතාව - වෙස්සන්තර / සිවි /සස ජාතකය
  2. ශීල පාරමිතාව- සීල විමංසා ජාතකය
  3. නෙක්ඛම්ම පාරමිතාව - මාකදේව ජාතකය
  4. ප්‍ර‍ඥා පාරමිතාව - උම්මග්ග ජාතකය
  5. වීර්‍ය්‍ය පාරමිතාව - වන්නුපත ජාතකය
  6. ක්ෂාන්ති පාරමිතාව - ක්ශාන්තිවාදී ජාතකය
  7. සත්‍ය පාරමිතාව - වට්ටක ජාතකය
  8. අධිෂ්ඨාන පාරමිතාව - තේමිය ජාතකය
  9. මෛත්‍රී පාරමිතාව - මහාකපි / මග මානවක
  10. උපේක්ෂා පාරමිතාවය (ලෝමහංස ජාතකය) යි පාරමිතා දසයෙකි. (උපුටා ගැනීම, මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි- බෞද්ධයාගේ අත්පොත)

සය පාරමිතා

1. දාන

2. ශීල

3. ඛන්ති

4. වීර්ය

5. ධ්‍යාන

6. ප්‍රඥා

පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.

ථේරවාදි බුදු දහමේ දැක්වෙන පාරමිතා

ථේරවාදි බුදු දහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථවල පාරමිතා පිළිබඳ සඳහන් වේ. එමනිසා පාරමිතා මුල් බුදු දහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සූත්‍ර පිටකයේ පාරමිතා පිළිබඳ සඳහන් නොවීම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.

  • දාන-පරිත්‍යාගශීලිත්වය , මනසින් අත් හැරීම
  • ශීල-යහපත් හැසිරීම ,
  • නෙක්කම්ම-අභිනිෂ්ක්‍රමණය
  • ප්‍රඥා-විදර්ශනාව
  • වීර්ය-නොපසුබසින උත්සාහය
  • ඛන්ති-ඉවසීම
  • සච්ච-සත්‍යය
  • අධිට්ඨාන-අධිෂ්ඨානය
  • මෙත්තා-මෛත්‍රිය
  • උපේක්ෂාව-ශාන්තභාවය හා උපේක්ෂාව

අවසානයට සඳහන් මෙත්තා හා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පාරමිතා&oldid=664664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ