පරිමාමිතික ප්ලාස්කුව

පරිමාමිතික ප්ලාස්කුව (මිනුම් ප්ලාස්කුව හෝ ක්‍රමාංකිත ප්ලාස්කුව) යනු පරීක්ෂණාගාරයන් තුල භාවිතාවට ගැනෙන, නිශ්චිත උෂ්ණත්වයක් සඳහා නිශ්චිත පරිමාවක් ක්‍රමාංකණය කර ඇති වීදුරු වලින් නිර්මිත විද්‍යාගාර උපකරණයකි. ප්‍රාමාණික ද්‍රාවණයන් පිළියෙල කිරීමට සහ ද්‍රාවණ තනුක කිරීම් සඳහා පරිමාමිතික ප්ලාස්කු යොදා ගැනේ. පේයර්-හැඩයකින් හා පැතලි අඩියකින් යුක්ත වන මෙම ප්ලාස්කු, වීදුරු හෝ ප්ලාස්ටික් වලින් නිමවා තිබෙයි. ප්ලාස්කුවෙහි මුව කොටස ප්ලාස්ටික් ඉස්කුරුප්පු වැස්මකින් ආවරණය කොට තැබිය හැකි අතර ගෙල ප්‍රදේශය සිහින් දිගැටි අයුරින් නිමවා තිබෙයි. ගෙල ප්‍රදේශයෙහි පරිමාමිතික ප්ලාස්කුවෙහි අදාල පරිමාව දක්වන වලයාකාර සීමාව සළකුණු කොට තිබෙයි.

විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත පරිමාමිතික ප්ලාස්කු.

මීට අමතරව පරිමාමිතික ප්ලාස්කුවෙහි බද කොටසහි, එහි නාමික පරිමාව, වර්ගය, අදාල නිමැවුම් සම්මත සහ නිශ්පාදකයින්ගේ සලකුණ ආදිය ලේබල් ගත කොට තිබේ. මිලි ලීටර 1 සිට 10 000 දක්වා පමණ ද්‍රාවණ පරිමාවන් මැන ගත හැකි පරිමාමිතික ප්ලාස්කු දැකගත හැකි වේ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ