පද්මාවත් (චිත්‍රපටය)

සංජේ ලීලා භන්සාලිගේ 2018 චිත්‍රපටය

පෙරදී පද්මාවතී යනුවෙන් නම් ලද හා දැනට පද්මාවත් යනුවෙන් හැඳින්වෙන්නේ සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ඉන්දියානු කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. මෙය භන්සාලි සහ වයාකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනයේ හවුල් නිෂ්පාදනයකි. දීපිකා පඩුකෝන් මෙහි රාණි පද්මාවතී ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරයි. ෂාහිඩ් කපූර් මහාරාවල් ‍රතන් සිං ලෙසත්, සහ රන්වීර් සිං මෙහි සුල්තාන් අලාඋද්දීන් ඛිල්ජි ලෙසත් රංගනයේ යෙදෙති. ආදිති රාඕ හයිදරි, ජිම් සර්භ්, ‍රාසා මුරාද්, සහ අනුප්‍රියා ගොවෙන්කා මෙහි සහාය චරිත නිරූපණය කරති. මලික් මුහම්මද් ජායසීගේ පද්මාවත් (1540) වීරකාව්‍යය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය තුළින් ඛිල්ජිගේ ග්‍රහණයෙන් මිදීම පිණිස ජෞහර් (ස්වයං බිලිපූජාවෙහි) පිළිවෙතෙහි යෙදුණු පද්මාවතී නම් රාජ්පුත් රැජිනගේ කථාපුවත නිරූපණය වේ.[5][6]

පද්මාවත්
චිත්‍රපට නාමය වෙනස් කිරීමට පසු පෝස්ටරය
අධ්‍යක්‍ෂණයසංජේ ලීලා භන්සාලි
රචනය
  • සංජේ ලීලා භන්සාලි
  • ප්‍රකාශ් කපාඩියා
තිර රචනයසංජේ ලීලා භන්සාලි
නිශ්පාදනය
  • වයාකොම් 18 මෝෂන් පික්චර්ස්
  • භන්සාලි ප්‍රොඩක්ෂන්ස්
රංගන ශිල්පීන්දීපිකා පඩුකෝන්
ෂාහිඩ් කපූර්
රන්වීර් සිං
ආදිති රාඕ හයිදරි
සිනෙමාරූපණයසුදීප් චැටර්ජී
සංස්කරණයජයන්ත් ජාධර්
සංජේ ලීලා භන්සාලි
අකීව් අලි
සංගීතයගීත:
සංජේ ලීලා භන්සාලි
පසුබිම් ස්වරමාලා:
බාපි-තුතුල්
Production
company
භන්සාලි නිෂ්පාදන
බෙදාහැරීමවයාකොම් 18 මෝෂන් පික්චර්ස් (ඉන්දියාව)
පැරමවුන්ට් පික්චර්ස් (අන්තර්ජාතික )
නිකුත්වූ දිනය
  • 25 ජනවාරි 2018 (2018-01-25)[1]
තිර කාලය
මිනිත්තු 163[2]
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR කෝටි 215[3]
ආදායමඇස්ත. INR කෝටි 232.24[4]

INR215 කෝටි (US$34 මිලියන)ක නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ පද්මාවත් වඩාත් වියදම් අධ්කම හින්දි චිත්‍රපටය වන අතර ඉහළම පිරිවැයක් දරා නිපදවූ ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් ද වේ.[7][8] මුලින් 2017 දෙසැම්බර් 1 දින මුදාහැරීමට නියමිතව තිබූ පද්මාවත් චිත්‍රපටයේ මුදාහැරීම තාවකාලිකව කල්දැමුණේ විවිධ මතභේද හේතුවෙනි. ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් එහි මුදාහැරීම කල්දමන ලදී. දෙසැම්බරයේ දී චිත්‍රපට සහතිකකරණ මධ්‍යම මණ්ඩලය විසින් මෙහි බහුවිධ සංශෝධන සහ චිත්‍රපට නාමය වෙනස් කිරීම ඇතුළු නවීකරණයන් පහක් සිදුකළ යුතු බවට නිර්දේශ කරන ලදී.[9][10] ඒ අනුව 2018 ජනවාරි 25 දින පද්මාවත් චිත්‍රපටය 2D, 3D සහ IMAX 3D ආකෘතිවලින් මුදාහැරිණි. IMAX 3D තාක්ෂණයෙන් මුදාහළ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය මෙයයි.[11]

පද්මාවත් ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර හිමිකරගත්තේ ය. මෙහි දෘශ්‍ය ප්‍රයෝග සහ ඛිල්ජි ලෙස සිං කළ නිරූපණය විචාරක පැසසුමට ලක්වූ නමුත්, කථාපෙළ සහ දීර්ඝභාවය වැනි කරුණු විවේචනයට ලක් විය.[12] එසේම ගතානුගතික ලෙස ඛිල්ජි දුෂ්ට මුස්ලිම් රජකු ලෙසත්, රතන් සිං ධාර්මික හින්දු රජකු ලෙසත් නිරූපණය කොට තිබීම කෙරෙහි ද විචාරක අප්‍රසාදය පළ විය[13][14][15][16][17][18][19]

කථාපුවත

මෙම චිත්‍රපටය පද්මාවත්හි සඳහන් වන ජනප්‍රවාදගත හින්දු රාජ්පුත් රැජිනක වන රාණි පද්මිණීගේ දිවිය අලලා ප්‍රබන්ධ කළ එකකි. පද්මාවත් අනුව ඇය මෙවාරයේ රාජ්පුත් පාලකයා වූ රාණා රාවල් රතන් සිංගේ බිසව වූවා ය. 1303දී, දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයා වූ අලාඋද්දීන් ඛිල්ජි රාජ්පුතානාවේ චිතෝර් බලකොටුව වටලෑමට ආක්‍රමණයක් මෙහෙයවී ය. පද්මාවත් අනුව, ඛිල්ජි මෙම ආක්‍රමණය මෙහෙයවූයේ රාණි පද්මිණීව අල්ලා ගැනීමට ඔහු තුළ වූ ආශාව නිසායි.

චරිත නිරූපණය

නිෂ්පාදනය

චිත්‍රපටයේ පූර්ව-නිෂ්පාදනය ඇරඹුණේ 2016 ජූලි මස ය. එම මාසයේම පිළිවැයුම් ගායිකා ශ්‍රේයා ඝෝෂාල් මෙම චිත්‍රපටය සඳහා භන්සාලි විසින් නිර්මිත ගීතයක් ගායනය කරන බවට රාවයක් පැතිරගියේ ය.[21] රාණි පද්මිණී සහ රාවල් රතන් සිංගේ චරිත සඳහා භන්සාලිගේ මුල් තේරීම වූයේ ඓශ්වර්යා රායි සහ සල්මන් ඛාන් ය. නමුත් ඔවුහු දෙදෙන එක්ව රංගනයේ යෙදීම ප්‍රතික්ෂේප කළහ.[22] බොහෝ මාධ්‍ය වාර්තා මගින් අනුමාන කෙරුණේ භන්සාලිගේ ගොලියොන් කි රාස්ලීලා රාම්-ලීලා (2013) සහ බාජිරාඕ මස්තානි (2015) යන චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් මෙම චිත්‍රපටයේ අලාඋද්දීන් ඛිල්ජි සහ රාණි පද්මිණීගේ චරිත සඳහා භන්සාලි විසින් තෝරාගත් බවයි. පෙර චිත්‍රපටවල ඔවුන් සමග සම-රංගනයේ යෙදුණු ප්‍රියංකා චොප්රා ද මෙහි තේමා චරිතය නිරූපණය සඳහා සැලකිල්ලට ගැනිණි.[23] 2017 ජනවාරියේ දී, භන්සාලි විසින් චොප්රා මෙම චිත්‍රපටයේ පසුබිම් චරිතයක් නිරූපණයට තෝරාගත් බවට වාර්තා පල විය.[24] කෙසේනමුත්, 2017 අප්‍රේල් මස චොප්රා මෙම චිත්‍රපටයට තමන් සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළා ය.[25]

2016 ඔක්තෝබරයේ දී නිවේදනය කෙරුණේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා භන්සාලි වයාකොම් 18 ‍මෝෂන් පික්චර්ස් සමග අත්වැල් බැඳගනු ඇති බවත්, සිං සහ දීපිකා සමග ෂාහිඩ් කපූර් මෙහි රාවල් රතන් සිංගේ චරිතය නිරූපණය කරන බවත් ය.[26]

මාධ්‍ය මගින් අනුමාන කළේ ෂාරුක් ඛාන් ඇතුළු බොහෝ ප්‍රමුඛ පෙළේ බොලිවුඩ් නළුවන් චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කළේ එය කාන්තාවක්-කේන්ද්‍ර කරගත් තේමාවකින් යුක්ත වූ නිසා බවයි.[27]

මතභේද

2017 ජනවාරි මස ජායිපූර්හි රූගත කිරීම් අතරතුර, ජායිගාර් බලකොටුවේ පසුතලයෙහි ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා නම් සංවිධානය විරෝධතාවන්හි යෙදුණේ භන්සාලි මෙම චිත්‍රපටය තුළ ඉතිහාසය විකෘති කරන බවට චෝසනා කරමිනි.[28] ඔවුහු පසුතලය විනාශ කිරීමට ද ප්‍රයත්න දැරූහ.[29]

2017 මාර්තු 6, මෙම සාමාජිකයින් චිතෝර්ගාර් බලකොටුවට කඩාවැදී එයට හානි කළ අතර, රාණි පද්මිණීගේ මාලිගයේ තැන්පත් කළ කැඩපත් බිඳ දමා ඇත. ඉන්දියාවේ පුරාවිද්‍යා දොපර්තමේන්තුවේ නිල ලේඛන අනුව, මෙම කැඩපත් මීට වසර 40කට පෙර චිතෝර්ගාර් බලකොටුවෙහි තැන්පත් කළ ඒවායි.[30] 2017 මාර්තු 15 දින, හඳුනා නොගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් කොල්හාපූර්හි මෙම චිත්‍රපටය සඳහා ඉදිකළ පසුතලයට හානි කොට ගිනි තබන ලදී. මෙහි දී චිත්‍රපටයේ පසුතල, වස්ත්‍ර සහ ආභරණය ගිනිබත් විය.[31]

සංගීතය

චිත්‍රපට ස්වරාමාලා රචනා කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. චිත්‍රපටයේ අන්තර්ගත වන ගීත සංජේ ලීලා භන්සාලි විසින් රචිත ඒවා වනු ඇත. ශ්‍රේයා ඝෝෂාල් මේ වනවිටත් ගීතයක් ගායනා කොට ඇත.[32][33] ඇය මෙම චිත්‍රපටයේ ගීත හතරක් ගායනා කරනු ඇත. දීපිකා පඩුකෝන් දායක වන රාජස්ථානි ජන නර්තනයක් වන ඝූමාර් නර්තාංගයක් චිතෝර්ගාර් බලකොටුවේ ඇතුළතට සමාන අයුරින් සැකසූ පසුතලයක රූගත කොට ඇත.[34][35] ඝෝෂාල්ට අනුව "චිත්‍රපටයේ අලංකාර කිහිපයක් ගීත ඇතුළත් වේ. මෙහි ජන සංකලනය, ජීවමාන ගතියටත් වඩා විශාල සැකසුම් ආදිය විශිෂ්ට ය. මෙය විශේෂ සංග්‍රහයක් වනු ඇත."[36]

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ