නෙෆටාරි (18වන රාජවංශය)

නෙෆටාරි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ රැජිනකි. ඇය IVවන තුත්මෝස් පාරාවෝවරයාගේ මහා රාජකීය බිරිඳ වූවා ය.[1]

නෙෆටාරි
ඊජිප්තුවේ රැජින
නෙෆටාරි රැජින
මහා රාජකීය භාර්යා නෙෆටාරි - ජර්මනියේ, ලෙයිප්සිග්හි ඊජිප්තු කෞතුකාගාරයෙනි
වල්ලභයාතුත්මොසිස් IV
ආගමපුරාතන ඊජිප්තු ආගම
nfrt
D21
Z4
M17
නෙෆටාරි
රූපාක්ෂර වලින්

ඇගේ සම්භවය නොදනී. ඇය සාමාන්‍ය වැසියකු විය හැක. ඇතැම් නිරූපණයන්හි ඇය සහ ටියා මව්බිසව තුත්මෝස්ටට සහාය වන දේවතාවියන් දෙදෙනකු ලෙස නිරූපණය කොට තිබේ. 7වන වර්ෂයේ මහා රාජකීය භාර්යාව තනතුරට පත්වූයේ තුත්මෝස්ගේ සොයුරිය වූ ඉයාරෙට් ය. ඇතැම්විට එවිට නෙෆටාරි මිය යන්නට ඇත. නැතහොත් ඉයාරෙට් තුත්මෝස්ගේ බිරිඳ වීමට නිසි වියට එළැඹි විට ඇයව යටපත් කෙරෙන්නට ඇත.[2]

ගිසේහි අටවන ශිලා ස්තම්භයේ ඇය සහ ඇගේ සැමියා දෙවිවරුන් ඉදිරියේ සිටිනු නිරූපිත ය. ඇගේ රුව ලුක්සෝර් දේවස්ථානයේ ඇති ශිලා ස්තම්භයක මෙන්ම ගුරොබ්වලින් හමුවූ ස්කැරබ් රුවක ද සඳහන් වේ.[3] නෙෆටාරි හෝ ඉයාරට් හට දරුවන් වූ බවට වාර්තා හමු වී නැත. තුත්මෝස්ගේ මරණින් පසු ඊළඟ පාරාවෝවරයා බවට පත්වූයේ මුටෙම්වියා නැමැති උපබිසවගේ පුත්‍රයා වූ IIIවන අමෙන්හොටෙප් ය.

මූලාශ්‍ර

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ