ද හෝලි පර්ල්

මායාවරුන්ගේ ලෝකය යනු 2011දී විකාශය වූ චීන රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ගිලියන් චුංග් පුරාවිද්‍යාඥයකුගේ දියණියකගේ චරිතය නිරූපණය කරයි. ඇය කාලයේ ආපස්සට ගමන් කරනඅතර එහි දී ඇය සටන්කාමී පූජකවරියකගේ නැවත උපතක් බව පැහැදිළි වෙයි. ඇය මිනිස්-මකර දෙමුහුම් ජීවියකු සමග එක් වී බිඳුණු මායා බඳුනක් නැවත සෑදීමට උත්සාහ ගනියි. මෙම කතාමාලාව රුමිකෝ තකහෂිගේ ජනප්‍රිය ජපන් චිත්‍රකථා මාලාවක් වන ඉනු යෂා හි නිලනොවන අනුවර්තනයක් ලෙස සැලකෙයි.[1][2][3]

මායාවරුන්ගේ ලෝකය
තේමාපාඨය
මෙලෙසද හැඳින්වේThe Holy Pearl (පූජනීය මුතු ඇටය)
女媧傳說之靈珠
ප්‍රභේදයක්‍රියාදාම නාට්‍ය
චීන මිථ්‍යා කථා
රචනය කලේරුමිකෝ තකහෂි (සඳහනක් නැත)
අධ්‍යක්ෂණය කලේකායි ජිං ෂෙං
රඟපෑමගිපියන් චුංග්
පුර්බා ර්ජියාල්
පැට්‍රික් ටෑම්
ගුවෝ ෂෙන් නි
ඇරඹුම් තේමාවඅයි දාවෝ වන් න්‍යාන් (爱到万年), පුර්බා ර්ජියාල් සහ ලියු ටිං යු විසිනි
අවසන් තේමාවඅයි දාවෝ වන් න්‍යාන් (爱到万年)ථ පුර්බා ර්ජියාල් සහ ලියු ටිං යු විසිනි
සම්භව රටචීනය‍
භාෂාව(න්)චීන
කථාංග ගණන32 (VCD/DVD සංස්කරණය)
36 (විකාශය වූ සංස්කරණය)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)චෙන් මෙයි ලින්
නිෂ්පාදක(යෝ)ෂූ ලි
ස්ථානය(න්)චීනය
ප්‍රචාරණය
මුල් නාලිකාවZJSTV
මුල් ධාවනය2011 – අවසානය
ද හෝලි පර්ල්
ගොනුව:Mayawarunge Lokaya-poster.jpg
ප්‍රවර්ධන පෝස්ටරයක්
සම්ප්‍රදායික චීන女媧傳說之靈珠
සරලීකෘත චීන අක්ෂර女娲传说之灵珠

සාරාංශය

වසර ගණනාවකට පෙර ටෙංෂේ දෙවගනගේ මිනිම් ස්වරූපයක් වූ මෝ යින්, සිය සොයුරිය වූ ෂියෑන් යුඒගේ ජනප්‍රියත්වය සහ රජු ඇයට පුදකළ ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළුණා ය. මෝ යින් අසුර අධිපතියකු වූ ෂි යූ මිං සමග එක් වී සිය සොයුරිය මැරවීමට උත්සාහ දරයි. මේ නිසා සුර, මිනිස් සහ අසුර ලොව අතර සමතුලිතතාව බිඳී අසුරයන්ට වැඩි බලයක් හිමි වේ.

වර්තමානයේ ෂියෑන් යුඒගේ නැවත උපත වන දිං යාඕ ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පුරාවිද්‍යාඥයකු වූ සිය පියාට උපකාර කරන අතරතුර නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වී ඇය වසර 3,500ක් ඈතඅතීතයේ වූ නාන්යුඒවෙත ඇදී යයි.

වරක් ඇය සහ ෂියෑන් යුඒ අතර සමානකම දැක නාන් යුඒහි රජු ඇය සමග විවාහ වීමට සැරසෙයි. මේ අතර යක්ෂයන්පාලනය කළ හැකි මායා බඳුන සොයා පැමිණෙන අසුරයින් දිං යාඕ පසුපස හඹා එන අතර දිං යාඕ මාලිගයෙන් පලා යයි. ඇය සොහොන්ගැබක සැගවෙන අතර එහි දී ඇයට සිරකරන ලද අර්ධ රාක්ෂයකු වූ වෙන් තියෑන් හමු වෙයි. ඇය ඔහුව නිදහස් කරන අතර ඔහු ඇයව ආරක්ෂා කරයි. මෙවිට දිං යාඕ සතුව තිබූ කුඩා මැටි රුවකින් හදිසියේම මායා බඳුන මතු වෙයි.

අවාසනාවට දිං යාඕ අතින් මායා බඳුන බිදෙයි. මේ නිසා මිනිස් ලොව මැවූ න්‍යූවා දෙවගනගේ පූජනීය මුතු සොයාගෙන වෙන් තියෑන් සමග එක්ව මායා බඳුන නැවත පිළිසකර කිරීමට ඇයට සිදු වෙයි.

චරිත නිරූපණය

  • ගිලියන් චුංග්, දිං යාඕ (丁瑶) ලෙස : සාමාන්‍ය ශිෂ්‍යාවක් වන ඇය හදිසියේම නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වීමෙන් අතීතයට ඇදී යයි. චුංග් මීට අමතරව ෂියෑන් යුඒ (仙乐) නම් වූ දිං යාඕගේ පෙර උපත එනම් නාන් යුඒහි ප්‍රධාන පූජකවරියගේ චරිතය ද නිරූපණය කරයි.
  • පූර්බා ර්ජියාල්, වෙන් තියෑන් ‍(问天) ලෙස: මිනිස් රුධිරය සහිත අර්ධ මකරෙකි. දිං යාඕ නිදහස් කරන තෙක් ම ඔහුව වසර 20ක් සොහොන් ගැබක සිරකොට තබන ලදී. ෂි යූමිං විසින් උගුලකට හසු කරන තෙක්ම ෂියෑන් යු ඒ සහ වෙන් තියෑන් ප්‍රේමවන්තයෝ වූහ.
  • පැට්‍රික් ටෑම්, රොං දි((荣狄) ලෙස: නාන් යුඒ දේශයේ රජුයි. ඔහු ෂියෑන් යුඒට දැඩි ලෙස පෙම් කළ ද ෂියෑන් ඒ බව නොදනී. දිං යාඕ හමු වූ පසු ඔහු ඇයව විවාහ කර ගැනීමට සිතයි..
  • ගුවෝ ෂෙනී, මූ ලියෑන් (慕莲) ලෙස: න්‍යූවාගේ සොහොනේ ආරක්ෂිකාවයි. හූ ජි විසින් ඇගේ මුළු ගමම විනාශ කරන ලදී. පළිගැනීමේ චේතනාවෙන් ඇය දිං යාඕ සහ වෙන් තියෑන් සමග එක් වෙයි. ඇයව බොහෝ වරක් බේරාගත් වූ දාඕ සමග මූ ලියෑන් ප්‍රේමයෙන් බැදෙයි.
  • සුන් ෂිං, ෂි යූ මිං ලෙස: ෂියෑන් යුඒට ආශා කළ අසුරයෙකි. ෂියෑන් යුඒගේ මරණයට, වෙන් තියෑන්ගේ සිරදඩුවමට, මූ ලියෑන්ගේ ගම විනාශ කිරීමට හේතු වූයේ ඔහුයි.
  • ජියෑං යි, වූ දාඕ (无道) ලෙස: වෙන් තියෑංගේ අර්ධ සොයුරායි. සම්පූර්ණ මකරකු වූ ඔහු මකර වංශයේ නායකයා යි. ඔහු යූ දියේට පෙම් කරයි.
  • ලි ක්වියෑන්, යු දියේ (雨蝶) ලෙස: ෂූ දේශයේ කුමරිය වූ ඇය මාලිගයෙන් පලා ආවා ය. වූ දාඕ තුවාල වී සිටිය දී ඇය මුණගැසෙන අතර ඇය ඔහුව සුවපත් කරයි.ඔහු ඇයගේ පසුපස ගමන් කළා ය.
  • ලියු ටිංග්යු, මෝ යින් (魔音)‍ ලෙස: නාන් යුඒ දේශයේ නව ප්‍රධාන පූජකවරියයි. ඇය රොං දිට පෙම් කළත්, රොං දි ඇයට පෙම් කළේ නැත. එම නිසා ඇය සිය සොයුරිය වූ ෂියෑන් යුඒට වෛර කළා ය..
  • තේ, වෙයි ලියාඕ (卫辽) ලෙස: රොං දි ගේ මලණුවන් වූ මොහු නාන් යුර්හි පැරණි සෙන්පතියායි. හු ජිගේ පෙම්වතා යි.
  • ෂු ෂිවෙන්, තිං ක්වින් (听琴) ලෙස: මෝ යින්ගේ ආධුනිකාවයි
  • ලියු නැපිං, හූ ජි (胡姬) ලෙස: ෂි යූමිංගේ සේවිකාවක වූ අතර වෙයි ලියාඕගේ පෙම්වතියයි.
  • ෂු යාඕෂුවාන්, දිං මියෑන් ලෙස: දිං යාඕගේ පියායි. ප්‍රකට පුරාවිද්‍යාඥයෙකි.
  • චෙන් ජියාෂින්, ෆෙං හුවාං (凤凰) ලෙස: ස්වර්ග කඳුමුදුනේ සුර රජුගේ දියණියයි..
  • ලි යිෂින්, වුෂාන් ගුයිපෝ ලෙස: වු කන්දේ ආත්මයයි. ෂියෑන් යුඒගේ අවදි වීමටට හේතු විය.

අන්තර්ජාතික විකාශය

රටමාධ්‍ය ජාල(ය)විකාශය ආරම්භයතේමාව
 ශ්‍රී ලංකාවජාතික රූපවාහිනියජූලි 2013, නැවත විකාශය 2015මායාවරුන්ගේ ලෝකය
 තායිලන්තයChannel 7අගෝස්තු 2013, නැවත විකාශය 2015อภินิหารดาบมังกรสะท้านพิภพ (අපිනිහන් දාර්බ් මුංකෝර්න් සතාන් පිපොබ්[4])

මූලාශ්‍ර

බාහිර සබැඳි


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ද_හෝලි_පර්ල්&oldid=500638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ