දියවඩන නිලමේ

සිංහල රාජ්‍යයේ රාජ සභාවෙහි නිලයක්වූ දියවඩන නිලමේ වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක පෝෂණය ලබමින් හා බුදුන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හට පුරාතනයෙහි සිට පැවතෙන තේවාවන් ඉටු කරමින් පැවති තනතුරකි. 1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කො‍ටගත් මාලිගා අංගයන්ගේ ප්‍රධාන ගිහි භාරකාර ධූරය, දියවඩන නිලමේ වෙත පැවරීය.

වර්තමානයේදී ශ්‍රී දළදා මාලිගාවෙහි සමස්ත කටයුතු සම්භාරය පිළිබඳ පූර්ණ අධීක්‍ෂණය දියවඩන නිලමේ සතු වගකීමක් වෙයි. දළදා මාලිගාවේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යය සංවිධානය කිරීම ඔහු වෙත පැවරෙන සම්ප්‍රදායික වගකීමකි. වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑලේ බණ්ඩාර වෙයි.

මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ
හිටපු කීර්තිමත් දියවඩන නිලමේවරු

1815 ට පෙර, උඩරට රාජාණ්ඩු සමයෙහිදී, දියවඩන නිලමේ තනතුර ධාරියා, රජුට ජලය සැපයූ හා කලට වැසි ගෙන ඒම සඳහා පුරාතණ වතාවත් සිදු කල රාජ සභාවේ අමාත්‍ය ධූරයක් දැරූ තැනැත්තෙක් විය.[1][2] බුදුන්වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් වත්මනෙහිද මෙම චාරිත්‍රය, ඇසල පෙරහැරෙහි අවසන් දිනෙහිදී සිදුකෙරෙන දිය කැපීමේ මංගල්‍යය මගින්, දියවඩන නිලමේ විසින් සිදු කෙරෙයි.[3]

දියවඩන නිලමේ පත්කරගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය

දියවඩන නිළමේ තෝරාගැනීම ට ගෞරවනිය මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මාහානායක තෙරුන් වහනසේලා, මහා භාරකාර මණ්ඩලයේ ලියාපදිංචි වාර්ෂික ආදායම රු.1,000/- වැඩි බෞද්ධ විහාර භාරකරුවන් සහ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශිය ආදායම් නිලධාරින් (නුතනයේ ශ්‍රී ලංකාවේ පරිපාලයේම නිලධාරින්) විසින් සිදු කරනු ලැබේ. මෙම නිලධාරින් බෞද්ධ විය යුතුය. තෝරාගත් දියවඩන නිළමේගේ සේවා කාලය අවු 10 වන අතර දෙවන වාරය සඳහා ද ඉදිරිපත් විය හැක. 1832 වන තුරු මහනුවර පළාත පරිපාලනය කරනු ලැබුයේ කොමිෂන් සභාවක් මගිනි. රටෙහි පරිපාලනය එක්සත් කිරීම සම්බන්ධව කෝල්බෲක් සහ කැමරන් මෙසේ සඳහන් කරයි.

කොමිසන් සභාවේ නියෝගයට අනුව බුදුන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනය කිරීම සහ පෙරහර පැවැත්වීම නුවර පළාතේ ස්වදේශිකයන් සඳහා නුවර රජුගේ වරප්‍රසාදයක් ලෙස සලකන ලදි. ධාතුන් ප්‍රදර්ශනය ආරම්භ කළ විට සියලුම දුෂ්කර පළාත්වල, පන්තිවල මිනිසුන් එය නැරඹිමට අගනුවරට පැමිණේ. ක්‍රි.ව1828 AD දී අග්‍රාණ්ඩුකාර හා අනිකුත් බලධාරින් විසින් ධාතු ප්‍රදර්ශනය කරන ලදි. මෙම සිදුවීම මහත් උත්සවශ්‍රියකින් පවත්වනු ලැබු අතර තේරීම සහ පත් කිරිම පන්සලේ ප්‍රධානින් සහ පූජකයන් විසින් රජුගෙන් ලද වරප්‍රසාදය අනුව සිදු කරන ලදහ. මෙම ක්‍රියාකාරකම් දැනට රජය මගින් සිදු කරනු ලබන අතර, පූජකයන් නම් කිරිමට නිර්දේශය කරනු ලබයි. දළදාව, අස්ගිරිය, මල්වත්ත, දේවාලය, නිලමේ ආදින් සම්බන්ධ කරණු පිලිබදව ක්‍රි.ව 1853 බ්‍රිතාන්‍ය කෑබිනට් මණ්ඩලය මගින් සවිස්තරව සාකච්ඡා කරන ලදි. යටත් විජිත රජයන් සඳහා ලේකම්වරයා වු නිව්කාස්වල අධිපාදවරයා (Duke of Newcastle) ලංකාවේ ආරණ්ඩුකාරව වු “සර් ජෝජ් ඇන්ඩර්සන්” වෙත 1853 අගෝස්තු 18 දින දළදාවේ ඉදිරි චාරිත්‍ර සහ දියවඩන නිළමේ පත්කිරීම සම්බන්ධය මෙසේ ප්‍රකාශ කරයි.

“මම දළදාව හෙවත් ශුද්ධවු දන්ත ධාතුව සම්බන්ධයෙන් ඔබ කළ යුතු කරුණු, එසේම අනුමත කරන අතර කාටවත් 1847 මෙන් හැරදමන දේ නැවත ඇති කිරිම ගැන සතුටු වෙමි. මගේ විශ්වාසය අනුව ඔබ ධාතු ප්‍රදර්ශනය අභිමත ලෙස පවැත්වු අතර එය භාර නිළධාරියා ලෙස අවධානයෙන් කටයුතු කිරිම ගැන සැකයක් නොමැත. ඔබ විසින් බස්නායක නිළමේ හා දේව නිලමේ (දියවඩන නිළමේ) යන ඓහික පාලන තනතුරු (secular superintendents) පත්කිරීම සම්බන්ධයෙන් ආගමකට සම්බන්ධ තැනි අධිකාරිවරුන් රජය මගින් පත්කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය කාර්ය කිරිමට කටයුතු සම්පාදනය කරනු ලබයි. බස්නායක නිලමේ හා ආදාළ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ වාසින්ගේ නායකයන් මෙන්ම, දියවඩන නිලමේ පත් කිරිම ඡන්දයකින් සිදුවේ. සමහර අවස්ථාවලිදි ‍බස්නායක නිලමේ යන තනතුරද ඡන්දයකින් පත් කරන අතර, එවිට ප්‍රධාන පූජකයාට ලබා දෙන ආකාරයේ සහතිකයක් ඡන්ද කොට්ඨාශය මගින් ලබා දෙයි.”

තවද දියවඩන නිළමේ සහ බස්නායක නිළමේ යන දුර තෝරාගැනීමද සිදුවේ. හඳුන්වා දුන් මැතිවරණ යාන්ත්‍රණය ඇතැම්විට විරෝධතාවයට විවෘත වන නමුත් ඒ සඳහා කිසිවිට සුදානමක් යෝජනා වී නැත. 1948 පෙබරවාරි 4 දි ලංකාවට බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමෙන් මෙන් පසු ශ්‍රී දළදා මාලිගාව විශාල කාලයෙක් විජයරත්න පවුල මගින් පාලනය කල අතර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස දශක තුනක් සේවය කරන ලදහ.

1814 සිට දියවඩන නිලමේ වරුන්

දියවඩන නිළමේවරුවර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා1842-1848
ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා1848-1862
කුඩා බණ්ඩා දුනුවිල නිළමේතුමා1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා1961-1964
හීන්බණ්ඩා උඩුරාවණ නිළමේතුමා1964-1974
නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව විජයරත්න නිළමේතුමා1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා2005 සිට

1814 සිට වැඩබලන දියවඩන නිලමේවරුන්

මල්වතු හා අස්ගිරි දේ පාර්ශවයයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා නිර්දේශය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් වැඩබලන දියවඩන නිලමේ පත්විම කරනු ලබයි.

ආශ්‍රිත

මේ අඩවිත් බලන්න

බාහිර සබැඳියන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දියවඩන_නිලමේ&oldid=656347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ