ඩ්ජෙර්

වර්තමාන ඊජිප්තුවේදය අනුව ඩ්ජෙර් යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශයේ තෙවන පරා‍වෝවරයා යැයි සැලකේ. ඔහු ජීවත් වූයේ මැදි-ක්‍රි.පූ. තිස් එක්වන සියවසේ[1] වන අතර, වර්ෂ 40ක් පමණ රාජ්‍ය පාලනය කොට තිබේ. ඩ්ජෙර්ගේ හෝ ඔහුගේ බිසවට අයත් මමීකරණය කළ උඩු බාහුවක් ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් සොයාගෙන ඇත.[2] නමුත් එමිල් බෲෂ් විසින් එය ප්‍රතික්ෂේප කරයි.[3]

නම

ඉටි; ඇබයිඩොස් රාජාවලියේ ඩ්ජෙර්ගේ කාර්ටුෂ නාමයයි.

ඇබයිඩොස් රාජාවලියේ තෙවන පාරාවෝවරයා ඉටි ලෙස දක්වා ඇත. ටියුරින් රාජාවලියේ හානි වූ නාමයක් සඳහන් වන අතර එය ඉට්... ලෙස ඇරඹේ. එසේවුව ද මැනතෝ සඳහන් කරන්නේ වෙනෙෆස් නම් නාමයකි.

රාජ්‍ය සමයේ දිග

ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ඊජිප්තු පූජක මැනතෝ සඳහන් කොට ඇත්තේ ඩ්ජෙර් වර්ෂ 57ක් රාජ්‍ය පාලනය කළ බව ය. ටෝබි විල්කින්සන් විසින් Royal Annals of Ancient Egypt තුළ වර්තමාන පර්යේෂණ අනුව දක්වා ඇත්තේ ආසන්න වශයෙන් සමකාලීන වඩාත් නිරවද්‍ය පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්හට "සම්පූර්ණ වර්ෂ 41ක් සහ භාගික වර්ෂයක" රාජ්‍ය සමයයක් දක්වා ඇති බවයි.[4] විල්කින්සන් සඳහන් කරන්නේ පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්ගේ රාජ්‍ය සමයේ වර්ෂ 1-10 දක්වා කාලය පැලර්මෝ පාෂාණයේ IIවන පේළියේ සංරක්ෂණය වී ඇති බවයි. පාරාවෝවරයාගේ රාජ්‍ය සමයේ මධ්‍ය වර්ෂ කයිරෝ පාෂාණ කොටස C1හි IIවන පේළියේ ආරක්ෂා වී ඇත.[5]

රාජ්‍ය සමය

ඩ්ජෙර්ගේ දිවිය සහ රාජ්‍ය සමය සඳහා සාක්ෂ්‍ය වන්නේ:[6]

  • උම් එල්-කා’අබ් සොහොන්ගැබ, ඇබයිඩොස්
  • සකාරාහි 2185 සහ 3471 සොහොන් වළවල්වලින් හමුවූ මුද්‍රා කැටයම්
  • සකාරාහි 3503, 3506 සහ 3035 සොහොන්වලින් හමුවූ අභිලේඛන
  • හෙල්වන්වලින් හමුවූ මුද්‍රා සහ අභිලේඛන[7]
  • ඩ්ජෙර්ගේ නාමය සඳහන් ටුරාවලින් හමුවූ බුජම[8]
  • UC 16182 ඇබයිඩොස්වලින් හමුවූ ඇත්දත් ඵලකය, ඩ්ජෙර්ගේ කුටියෙහි 612 අතිරේක සොහොන්ගැබ[9]
  • ඩ්ජෙර්ගේ නාමය සඳහන් UC 16172 තඹ වෑය[10]
  • සූඩානයේ වාඩි හල්ෆාවලින් හමුවූ ඔහුගේ නාමය සඳහන් ශිලාලේඛනය (නමුත් මෙහි සත්‍යභාවය මතභේදයට ලක්ව ඇත)

ඇත්දත් සහ දැව මත වූ අභිලේඛන ආදිතම රූපාක්ෂර ස්වරූපයෙන් යුතු ය. එහි සම්පූර්ණ පරිවර්තනය අපහසු වුව ද, සකාරාවලින් හමුවූ නම් පතක් මගින් ඇතැම්විට පළමු රාජවංශයේ මිනිස් බිලි පූජා නිරූපණය වනවා වන්නට හැක.[11] ඇබයිඩොස්වලින් හමුවූ ඇත්දත් ඵලකයක සඳහන් වන්නේ ඩ්ජෙර් නයිල් ඩෙල්ටාවේ බුටෝ සහ සායිස් ප්‍රදේශ නැරඹූ බවයි. කයිරෝ පාෂාණයේ ඔහුගේ එක් රාජ්‍ය වර්ෂයක් "සෙට්ජෙට් දේශයට පහර දීමේ වර්ෂය" ලෙස දක්වා ඇත. මෙමගින් සිනායි දේශය හෝ ඉන් එහා ස්ථානයක් හැඟවේ යැයි අනුමාන කෙරේ.

මැනතෝ සඳහන් කරන්නේ ඇතැම්විට ඩ්ජෙර් යැයි විශ්වාස කෙරෙන ඇතොතෙස් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබඳ නිබන්ධනයක් රචනා කළ බවත්, සහස්‍ර දෙකකට පසු ඔහුගේ කාලයේ ද එම ග්‍රන්ථය පැවති බවත් ය.

පවුල

ඩ්ජෙර්ගේ සෙරෙඛ් අන්තර්ගත ශිලා භාජනයක්, ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය (ප්‍රංශය).

ඩ්ජෙර් යනු පාරාවෝ හොර්-අහාට දාව ඔහුගේ භාර්යාව වූ ඛෙන්ට්හප්ට උපන් පුත්‍රයායි. ඔහුගේ මුත්තණුවන් බොහෝවිට නාමර් විය හැක. ඩ්ජෙර්ගේ දියණිය වූ මෙර්නෙයිත්, ඩ්ජෙට්ගේ භාර්යාව වූ අතර ඩෙන්‍ගේ මෑණියන් විය. පසුකාලීනව රැජිනියන් හා සම්බන්ධ හෙටෙස්-‍ස්කෙප්ට්‍රේගේ මහා තැනැත්තිය සහ හොරස් රැක බලාගන්නා තැනැත්තිය වැනි පදවි නාම දරන ස්ත්‍රීන්ගේ දේහ ඇබයිඩොස්හි ඩ්ජෙර්ගේ සොහොන්ගැබට යාබද අතිරේක සොහොන්වල හෝ සකාරාහි භූමදානය කොට ඇත. ඩ්ජෙර්ගේ භාර්යාවන් යැයි සැලකෙන මෙම කාන්තාවන් අතරට පහත අය ඇතුළත් වේ:

  • නැඛ්ට්නෙයිත් (හෙවත් නෙඛෙට්නෙයිත්); ඇබයිඩොස්හි භූමදානය කළ මැය පිළිබඳ ශිලාවක සඳහන් වේ.[12][13]
  • හෙර්නෙයිත්; ඩ්ජෙර්ගේ භාර්යාවක් විය හැක. සකාරාහි භුමදානය කොට ඇත.[13]
  • සෙෂෙමෙට්කා; ඇබියඩොස්හි රජුට යාබදව භූමදානය කොට ඇත.[14] ඩොඩ්සන් සහ හිල්ටන් සඳහන් කරන්නේ ඇය ඩෙන්ගේ භාර්යාවක යැයි පැවසෙන බවයි.[13]
  • පෙනෙබුයි; මැයගේ නාමය සහ පදවි සකාරාහි ඇත්දත් නම්පතකින් හමු විය.[12]
  • බ්සු; සකාරාහි නම්පතකින් සහ ශිලා භාජන කිහිපයකින් හඳුනාගෙන ඇත (නමේ කියැවීම ද අවිනිශ්චිත ය. නාමයෙහි මත්ස්‍ය රූපාක්ෂර තුන්ක ඇතුළත් ය).[12]

සොහොන්ගැබ

සිය පියාණන් වූ හොර්-අහාට සමාන අයුරින් ඩ්ජෙර්ව භූමදානය කෙරුණේ ඇබයිඩොස්හි උම් එල්-කා’අබ්හි ය. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ පෙට්‍රීගේ O සොහොන්ගැබයි. ඔහුගේ සෙහොන්ගැබෙහි ඔහු සමග භූමදානය කෙරුණේ සේවකයින් 318කගේ ශේෂයන් ඇතුළත් ය.[15] පසුකාලීනව, ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඔසිරිස්ගේ සොහොන්ගැබ යැයි සලකා ගෞරව කොට ඇත. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඇතුළු පළමු රාජවංශයේ භූමදාන සංකීර්ණයට ඊජිප්තු ආගමික සම්ප්‍රදායේ ඉතා වැදගත් ස්ථානයක් හිමි විය.

ඩ්ජෙර්ගේ සොහොන්ගැබ තුළින් සහ අවටින් භාණ්ඩ කිහිපයක් හමුවී ඇත:[16]

  • ‍ඩ්ජෙර්ගේ ශිලා ස්තම්භයක්, වර්තමානයේ කයිරෝ කෞතුකාගාරයේ තබා ඇති මෙය ඇබයිඩොස්වලින් හමුවූවක් විය හැක.
  • මාලිගයක නාමයක් සහ මෙරිට්නෙයිත්ගේ නාමය සඳහන් නම් පත්.
  • නෙයිත්හොටෙප් රැජිනගේ නම අභිලේඛනය කළ භාජන දෙකක කැබලි.
  • සොහොන්ගැබේ බිත්තියෙන් රැජිනකගේ අත් පළඳනා හමු විය.

අතිරේක සොහොන්ගැබ්වල කැනීම්වලින් පහත දෑ සොයාගෙන තිබේ:[16]

  • පුද්ගලයන් කිහිප දෙනකුගේ ශිලා ස්තම්භ
  • නෙයිත්හොටෙප්ගේ නාමය ඇතුළත් ඇත්දත් භාණ්ඩ.
  • ඇත්දත් ඵලක.

මැනතෝ දක්වන්නේ පළමු රාජවංශය රාජ්‍ය පාලනය කළේ මෙම්ෆිස්හි සිට කියා ය. සැබැවින්ම ඩ්ජෙර්ගේ භාර්යාවක වූ හෙර්නෙයිත්ගේ දේහය යාබද සකාරාහි භූමදානය කොට ඇත.

ගැලරිය

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

  • Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, ISBN 0-415-18633-1, 71-73
  • Toby Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000.

බාහිර සබැඳි

පූර්වප්‍රාප්තිකයා
හොර්-අහා
ඊජිප්තුවේ පාරාවෝඅනුප්‍රාප්තික
ඩ්ජෙට්
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඩ්ජෙර්&oldid=461730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ