ටෙඩ් කසින්ස්කි

තියඩෝර් ජෝන් කසින්ස්කි (1942 මැයි 22 – 2023 ජුනි 10) නොහොත් Unabomber (උච්චාරණය: යූනාබොමර්) යනු ඇමරිකානු ගණිතඥයෙක් සහ ගෘහස්ථ ත්‍රස්තවාදියෙක් විය. ගණිතයෙහි ප්‍රවීණයෙක් වුවද, ඔහු 1969 වර්ෂයේදී සරල ජීවන ක්‍රමයකට යොමු වීම පිණිස සිය ශාස්ත්‍රීය වෘත්තිය අත්හැරීය. 1978 සහ 1995 වර්ෂ ඇතුලත ඔහු විසින් දියත් කරන ලද තැපැල් බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් වූ අතර, 23 දෙනෙකු තුවාල ලැබීය. ප්‍රහාර වලින් ඉලක්ක කෙරුනේ නවීන තාක්ෂණයේ ප්‍රගමනයට සහ ස්වභාවික පරිසරයේ විනාශයට දායක වනවා යැයි කසින්ස්කි විශ්වාස කළ පුද්ගලයන් ය. Industrial Society and Its Future (අර්ථය: කාර්මික සමාජය සහ එහි අනාගතය) යන නමින් ඔහු ලියූ වචන 35,000 කට අධික වූ ප්‍රකාශනය මගින් කසින්ස්කි කාර්මීකරණය සහ වාමාංශික දේශපාලනය විවේචනය කළ අතර, සොබාදහම කේන්ද්‍රකරගත් අරාජිකවාදී අදහස් ඉදිරිපත් කළේය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ටෙඩ්_කසින්ස්කි&oldid=570099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ