ජෝසුන්හි සුන්ජෝ රජ
- පිටුව
- සාකච්ඡාව
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
සුන්ජෝ | |
---|---|
ජොසොන්හි රජ | |
![]() | |
රාජ්‍ය සමය | 1800-1834 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි ජොංජෝ |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි හොන්ජොං |
උපත | 29 ජූලි 1790(1790-07-29) |
මරණය | 13 December 1834(1834-12-13) (වයස 44) |
භූමදානය | ඉල්ල්යොං, සෝල්, කොරියාව |
වල්ලභයා | සුන්වොන් අගබිසව, රාජකීය පාක් උපබිසව |
දරුවන් | කිරුළහිමි හ්යෝම්යොං කුමරු නොහඳුනන කුමරෙක් ම්යොන්ගොන් කුමරිය බොකොන් කුමරිය දොකොන් කුමරිය යොංගොන් කුමරිය |
වංශය | යි ගෘහය |
පියා | ජොසොන්හි ජොංජෝ රජු |
මව | රාජකීය වංශවත් සු බිසව |
ජෝසුන්හි සුන්ජෝ රජ | |
හංගුල් | 순조 |
---|---|
හන්ජා | 純祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුන්ජෝ |
මැකූන්–රයිෂවර් | සුන්ජෝ |
උපන් නාමය | |
හංගුල් | 이공 |
හන්ජා | 李蚣 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ ගොං |
මැකූන්–රයිෂවර් | රි කොං |
සුන්ජෝ (29 ජූලි 1790 – 13 දෙසැම්බර් 1834, රාජ්‍ය සමය 1800–1834) යනු කොරියානු ජොසොන් රාජවංශයේ 23වන පාලකයායි. ඔහු උපත ලැබූයේ රාජකීය කුමරු යි ගොං යන නාමයෙනි. සුන්ජෝ යනු ජොංජෝ රජුගේ දෙවන පුත්‍රයා වූ අතර, ඔහු ජොංජෝ රජුට දාව රජුගේ උපබිසවක් වූ සුබින් බිසවට උපත ලැබී ය.
1800දී, සිය පිය රජු වූ ජොංජෝ රජුගේ වියෝවත් සමග, 11 වියැති සුන්ජෝ සිහසුනට පත් විය.
1802දී, සන්ජෝ රජු අන්දොංහි, කිම් ආර්යාව සමග විවාහ වූ අතර, ඇයව සුන්වොන් අගබිසව යන මරණාපර නාමයෙන් හැඳින්වෙයි. ඇය අන්දොං කිම් වංශයේ නායකයකු වූ කිම් ජෝ-සුන්ගේ දියණියයි.
ළාබාල වියේදී සිහසුනට පත් වීම නිසා, යොංජෝ රජුගේ දෙවන අගබිසව වූ ජොංසුන් මව්බිසව රාජ්‍යාධිකාරී රැජිනක ලෙස රාජ්‍ය පාලනය කරමින්, රාජ්‍ය සබඳතා ඔස්සේ බලය මෙහෙයවූවා ය. දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට සුන්ජෝ රජු උත්සාහ දැරුව ද, රජයේ පදනම් මූලධර්ම පිරිහෙන්නට විය. රාජ්‍ය විභාගය අවිධිමත් වූ අතර රාජ්‍ය පරිපාලනය දූෂිත විය. මේ හේතුවෙන් සමාජයේ නොයෙකුත් අර්බුධ පැනනැගුණු අතර, ජනයා අතර නොයෙකුත් කැරලි පැනනැගිණි. ඒ අතර හොං ග්යොංනේගේ කැරැල්ල ප්‍රධාන වේ. මෙම යුගයේ දී, ඔගාජක්තොංබොප් (五家作統法, පංච නිවාස එක් ඒකකයක් ලෙස සංවිධානය කිරීම සඳහා හඳුන්වාදුන් සංඛ්‍යාලේඛන ලියාපදිංචි පද්ධතිය) ක්‍රමය ද ඇරඹිණි. එසේම රෝමානු කතෝලික ධර්මයට පීඩා කිරීම ද සිදු විය.[1]
වර්ෂ 35ක් රාජ්‍ය විචාරීමෙන් පසු 1834දී සුන්ජෝ රජු මියගියේ ය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 44කි. ඔහුගේ දේහය මුලින් පාජුහි, ජංන්යොංහි ඉන්ජෝ රජුගේ සහ ඉන්යෝ අගබිසවගේ සොහොනට යාබදව භූමදාන කරන ලදී. නමුත් පසුව එය සෝල්හි ඉල්ල්යොංහි භුමදාන කරන ලද්දේ එම භූමියේ ෆෙං ෂුයි ක්‍රමය නොගැලෙප බව පැවසුණු නිසායි.[2]
කොරියාවේ රජවරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ජෝසුන් රාජවංශය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජෝසුන්හි සුන්ජෝ රජගේ පූර්වජයන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
මෙම රාජකීය පවුල සුරන් කිම් විසින් ඉදිරියට ගෙන යන ලදී. ඔහු මියාමි, FL හි පැවත එන පළමු පුද්ගලයායි.
ජෝසුන්හි සුන්ජෝ රජ උපත: 1790 මරණය: 1834 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජොංජෝ | ජොසොන්හි රජ 1800–1834 ජොංසුන් අගබිසව සමග (1800–1805) | අනුප්‍රාප්තික හොන්ජොං |