ජෝසුන්හි මියොංජොං රජ

මියොංජොං රජු (1534 ජූලි 3 – 1567 අගෝස්තු 3, රාජ්‍ය සමය. 1545 - 1567) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 13වන පාලකයායි. ඔහු ජුංජොං රජුගේ දෙවන පුත්‍රයා වූ අතර, ඔහුගේ මව ජුංජොංගේ තෙවන අගබිසව වූ මුන්ජොං අගබිසව විය.

යි හ්වන්
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1545–1567
පූර්වප්‍රාප්තිකයාඉන්ජොං (යි හෝ)
අනුප්‍රාප්තිකයාසොන්ජෝ (යි යොන්)
අනුරජමුන්ජොං මව්බිසව ලෙස
(1545–1565)
උපත1534 ජූලි 3
මරණය1567 අගෝස්තු 3 (33 වියැති)
බිසවඉන්සුන් අගබිසව
දරුවන්අනුප්‍රාප්තික සුන්හෝ කුමරු
මරණාපර නාමය
කොරියාවේ මහා මියොංජොං ගොංහොන් හොන්‍යුයි සොමුන් ග්වංසුක් ග්යොංහ්යෝ රජ
명종공헌헌의소문광숙경효대왕
明宗恭憲獻毅昭文光肅敬孝大王
විහාර නාමය
මියොංජොං
වංශයජොන්ජු යි
පියාජුංජොං (යි යොක්)
මවමුන්ජොං අගබිසව
ජෝසුන්හි මියොංජොං රජ
හංගුල්명종
හන්ජා明宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයමියොංජොං
මැකූන්–‍රයිෂවර්ම්යෝං-ජොං
උපන් නාමය
හංගුල්이환
හන්ජා李峘
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ හ්වන්
මැකූන්–‍රයිෂවර්ඉ හ්වන්

1545දී, සිය අර්ධ-සොයුරා වූ ඉන්ජොං මියයාමෙන් පසු සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 12කි. රාජ්‍යය පාලනය කිරීමට ඔහු ලාබාල වැඩි නිසා ඔහුගේ මය වූ මුන්ජොං අගබිසව ඔහුගේ නමින් රාජ්‍යය පාලනය කළා ය.

දේශපාලන පක්ෂ

මියොංජොං බලයට පත්වන කාලයේ දේශපාලන පක්ෂ දෙකක් පැවතිණි. එනම් ඉන්ජොංගේ මව් පාර්ශ්වයේ[1] මාමණ්ඩිය වූ යූන් ඉම්ගේ මහා යූන් පක්ෂය, සහ මියොංජොංගේ මව් පාර්ශ්වයේ මාමාවරුන්[2] වූ යූන් වොන්-හ්යොං සහ යූන් වොන්-රෝගේ කුඩා යූන් පක්ෂයයි. (යූන් ඉම් සහ යූන් සොයුරන් එකල සමීප ඥාතීන් වූහ - යූන් ඉම්ගේ මීමුත්තණුවන්, යූන් සොයුරන්ගේ මහා මී මුත්තණුවන්ගේ අයියා විය.) 1544දී ජුංජොංගෙන් පසු ඉන්ජොං බලයට පත්වීමත් සමග මහා යූන්වරුන් බලය හිමිකරගත්ත ද, මුන්ජොං අගබිසවගේ ආරක්ෂාව ලද ප්‍රතිවාදී කුඩා යූන්වරුනව මාලිගයෙන් නෙරපීමට ඔවුනට නොහැකි විය.

1545දී ඉන්ජොං රජු මියයාමත් සමග කුඩා යූන් පක්ෂය මහා යූන් විස්ථාපනය කරමින් මාලිගයේ බලයට පත් වූ අතර, ඔවුන්ගේ ප්‍රතිපාක්ෂිකයන්ව සාහසික ලෙස 1545 සිව්වන වියත් ශෝධනය මගින් නෙරපා දමන ලදී. මෙහි දී යූන් ඉම් ඇතුළු ඔහුගේ බොහෝ අනුගාමිකයන්ට දඬුවම් පමුණුවන ලදී.

යුන් වොන්-හ්යොංගේ පිබිදීම

කුඩා යූන් පක්ෂය සිය විරුද්ධවාදීන්ට පහරදෙන්නට විය. 1546දී යුන් වොන්-හ්යොං සිය වැඩිමහල් සොයුරා වූ යුන් වොන්-රෝට දෝෂාභියෝග කර පසුව ඔහුට දඬුවම් පැමිණ වී ය. රජයෙන් විරුද්ධත්වයක් එල්ල නොවූ බැවින් යුන් වොන්-හ්යොං 1548දී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෙසත්, 1551දී උප අග්‍රාමාත්‍ය බවටත් අවසානයේ 1563දී අග්‍රාමාත්‍ය බවටත් පත් විය.

යුන් වොන්-හ්යොං දැඩි පාලනයක් ගෙනගිය ද, මුන්ජොං රැජින කාර්යසාධනීය රාජ්‍ය පාලිකාවක් වූවා ය. ඇය පෙර වංශවතුනට හිමිව තිබූ ඉඩම් මහජනයා අතර බෙදාදුන්නා ය. කෙසේනමුත්, රජු 20වන වියට පත්වන විට ඇයට රාජ්‍ය පාලනය රජුට භාරදීමට සිදු විය.

මුන්ජොං රැජිනගේ මරණය

1565දී මුන්ජොං මව්බිසව මියයාමත් සමග, තනිව රාජ්‍ය පාලනය කිරීමට සිතූ රජු යුන් වොන්-හ්යොං සහ ඔහුගේ දෙවන බිරිඳ වූ ජොං නන්-ජොං මරාදැමීමට අදහස් කළේ ය.[3] ජොං නන්-ජොං මුන්ජොං අගබිසවගේ සමීප මිතුරියක් සහ දෙවන නෑනණ්ඩිය වූ බැවින් ඇය ද බලය අතින් වර්ධනය වූවා ය.[4][5] යුන් වොන්-හ්යොං රජය තුළ දූෂණය පැතිරයන්නට ඉඩදුන්නේ ය. මෙලෙසින් රාජ්‍ය අස්ථායී වන විට, ජුර්චෙන්වරුන්, ජපනුන් සහ කැරලිකාර කණ්ඩායම් රජයට තර්ජනයක් වන්නට විය. කැරලි නායකයකු වූ ඉම් කොක්-ජොං 1552දී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබාදුණි. නමුත් විදේශ ආක්‍රමණ දිගටම පැවතිණි. සිය දේශසීමා ආරක්ෂා කරගැනීමට ජොසොන් රාජවංශයට සිය හමුදා සහ නාවික හමුදා ප්‍රතිසංවිධානය කිරීමට සිදු විය.

මරණය සහ අනුප්‍රාප්තිය

බලය සියතට ලබාගැනීමෙන් පසු මියොංජොං ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඇරඹීම සඳහා පිටුවහල් කොට තිබූ සරිම් විද්වතුන් නැවත කැඳවී ය. නමුත් තවත් වසර දෙකකට පසු පුත්‍රයකු නොමැතිව ඔහු වියගියේ ය.[6] ඔහුගේ අර්ධ-බෑණා වූ සොන්ජෝ රජු 1567දී සිහසුනට පත් විය.

පවුල

  • දරුවන්: සුන්හෝ අනුප්‍රාප්තික කුමරු (순회세자, 1551–1563)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය

  • කොරියාවේ මහා මියොංජොං ගොංහොන් හොන්‍යුයි සෝමුන් ග්වංසුක් ග්යොංහ්යෝ රජ
  • 명종공헌헌의소문광숙경효대왕
  • 明宗恭憲獻毅昭文光肅敬孝大王

සටහන්

බාහිර සබැඳි

ජෝසුන්හි මියොංජොං රජ
උපත: 1534 මරණය: 1567
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ඉන්ජොං
ජොසොන්හි රජ
1545–1567
මුන්ජොං රැජින සමග (1545–1565)
අනුප්‍රාප්තික
සොන්ජෝ
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ