ජාත්‍යන්තර රූ රැජිණ

ජාත්‍යන්තර රූ රැජිණ (Miss International) යනු 1960 වර්ෂයේ සිට පවත්වනු ලබන, එක් එක් වසර වලදී ලෝක මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරගයකි.[1]

ජාත්‍යන්තර රූ රැජිණ
Miss International
ජාත්‍යන්තර රූ රැජිණ ලාංඡනය.
සංස්ථාපනය1960
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයටෝකියෝ.
පිහිටුම
වෙබ් අඩවියOfficial website

මෙහිදී තරගකාරියන් ගෙන් බලාපොරොත්තු වන මූලික කරුණු වන්නේ "සාමය සහ සුන්දරත්වය" නියෝජනය කිරීමයි. ඒ අනූව තරගකාරියන්ගේ කාරුණිකත්වය, දයාව, මිත්‍රශීලීත්වය, සුන්දරත්වය, බුද්ධිමත් බව, තීරණ ගැනීමේ හැකියාව, සහ ජාත්‍යන්තරය පිළිබඳ සංවේදීතාවය මැන බලනු ලබයි. සමස්ථ ජාත්‍යන්තර රූ රැජිණ තරගයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ලෝක සාමය, හොඳ හිත, සහ අනොන්‍යය අවබෝධය ඇතිකරවීමයි.[2]ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරග 5 න් එකක් ලෙසද ජාත්‍යන්තර රූ රැජිණ තරගය නම් දරයි.[3]


ඉතිහාසය

1960 දී අමෙරිකාවේ, කැලිෆෝනියා හීදී ප්‍රථම ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත්විණ.[4] එ් එතෙක් කල් කැලිෆෝනියා හීදී පැවැත්වූ විශ්ව රූ රැජිණ තරගය මියාමි වලට විස්ථාපනය කල බැවිනි.[5] 1967 වර්ෂය තෙක් අමෙරිකාවේ, කැලිෆෝනියා හී පැවැත්වූ තරගය,[6] 1968–1970 වර්ෂ වලදී ජපානයේ පැවැත්වීය. පසුව 1971 සහ 1972 වර්ෂ වලදී තරගය, යලි අමෙරිකාවේ කැලිෆෝනියා හී පැවැත්වූවත් ඉන්පසු එලඹි සියළුම වර්ෂ වලදී තරගයට දායකත්වය දැක්වූවේ ජපානයයි.[2]

2013 තරගයේදී, ඉතිහාසයේ පලමු වරට, 2012 වසරේ ජාත්‍යන්තර රූ රැජිණ වූ ජපානයේ ඉකුමි යොෂිමට්සු (Ikumi Yoshimatsu), සම්මතය වූ පරිදි 2013 ජාත්‍යන්තර රූ රැජිණ වූ පිලිපීනයේ බී සැන්තියාගෝ (Bea Rose Santiago) වෙත කිරුළ නොපැලැන්දූ අතර, ඒ වෙනුවට 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා (Alejandra Andreu) විසින් සැන්තියාගෝට කිරුළ පලන්දන ලදී. මීට පෙර 2009 ජාත්‍යන්තර රූ රැජිණ වූ මෙක්සිකෝවේ අනගැබ්රියෙලා (Anagabriela Espinoza) වෙතද කිරුළ පැලැන්දුවේද 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා විසිනි. මෙය හිටපු කිරුළ හිමි ජාත්‍යන්තර රූ රැජිණක් විසින් නවක රූ රැජිණන් දෙදෙනෙකුට වෙන් වෙන්ව කිරුළ පැලැන්දූ පලමු සහ එකම අවස්ථාවද වෙයි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසරරටජාත්‍යන්තර රූ රැජිණජාතික ජයග්‍රහණයස්ථානය
2013  පිලිපීනයBea Rose SantiagoBinibining Pilipinas Internationalටොකියෝ, ජපානය
2012  ජපානයIkumi Yoshimatsuජපන් රූ රැජිණඔකිනාවා, ජපානය
2011  ඉක්වදෝරයFernanda Cornejoඉක්වදෝර් රූ රැජිණChengdu, චීනය
2010  වෙනිසියුලාවElizabeth Mosqueraවෙනිසුවෙලා රූ රැජිණChengdu, චීනය
2009  මෙක්සිකෝවAnagabriela EspinozaNuestra Belleza MéxicoChengdu, චීනය
2008  ස්පාඤ්ඤයAlejandra Andreuස්පාඤ්ඤ රූ රැජිණමැකාවු, චීනය
2007  මෙක්සිකෝවPriscila PeralesNuestra Belleza Méxicoටොකියෝ, ජපානය
2006  වෙනිසියුලාවDaniela Di Giacomoවෙනිසුවෙලා රූ රැජිණබෙයිජිං, චීනය
2005  පිලිපීනයLara QuigamanBinibining Pilipinas Internationalටෝකියෝ, ජපානය
2004  කොලොම්බියාවJeymmy Vargasකොලොම්බියා රූ රැජිණබෙයිජිං, චීනය

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රටවාර සංඛ්‍යාවජයගත් වසර[7][8]
 වෙනිසියුලාව
6
1985, 1997, 2000, 2003, 2006, 2010
 පිලිපීනය
5
1964, 1970, 1979, 2005, 2013
 කොලොම්බියාව
3
1960, 1999, 2004
 ඕස්ට්‍රේලියාව1962, 1981, 1992
 එක්සත් ජනපද1974, 1978, 1982
 ස්පාඤ්ඤය1977, 1990, 2008
 පෝලන්තය1991, 1993, 2001
 ජර්මනිය
2
1965, 1989
 එක්සත් රාජධානිය1969, 1972
 කොස්ටා රිකා1980, 1983
 නෝර්වේ1988, 1995
 මෙක්සිකෝව2007, 2009
 නෙදර්ලන්තය
1
1961
 අයිස්ලන්තය1963
 ආර්ජන්ටිනාව1967
 බ්‍රසීලය1968
 නවසීලන්තය1971
 ෆින්ලන්තය1973
 යුගෝස්ලාවියාව1975
 ප්‍රංශය1976
 ගෞතමාලාව1984
 එංගලන්තය1986
 පුවටෝ රිකෝ1987
 ග්‍රීසිය1994
 පෘතුගාලය1996
 පැනමාව1998
 ලෙබනනය2002
 ඉක්වදෝරය2011
 ජපානය2012

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

Map of Miss International-winning countries as of 2013.
කලාපයසංඛ්‍යාවඑක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව22වෙනිසුවෙලාව (6), කොලොම්බියාව සහ අමෙරිකාව (3), කොස්ටාරිකා සහ මෙක්සිකෝව, (2), ඉක්වදෝරය, අර්ජන්ටිනාව, බ්‍රසීලය, ගෝතමාලාව, පැනමාව, පෝර්ටෝ රිකෝ (1)
යුරෝපය20එංගලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය (3), ජර්මනිය සහ නෝර්වේ (2), පිංලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, අයිස්ලන්තය, හෝලන්ඩ්, පෘතුගාලය සහ යුගොස්ලෝවියා[^] (1)
ආසියාව7පිලිපීනය (5) ලෙබනනය, ජපානය (1)
ඕෂනියාව4ඕස්ට්‍රේලියාව (3), නවසීලන්තය (1)
අප්‍රිකාව0

විශේෂ කරුණු

  • ජයග්‍රාහිකාවක් තනතුරින් පහ කල හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොකල එකම ප්‍රධාන ජාත්‍යන්තර තරගය වන්නේ ජාත්‍යන්තර රූ රැජිණ තරගයයි.
  • මෙතෙක් බිහිවූ ජයග්‍රාහිකාවන් සියල්ල ජීවත්ව සිටින රූ රැජිණ තරගයක් වන්නේද මෙයයි. (1996 දී පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූ 1991 ජාත්‍යන්තර රූ රැජිණ වූ, පෝලන්තයේ අග්නිඑස්කා (Agnieszka Kotlarska) හැර).[9]
  • ජාත්‍යන්තර රූ රැජිණන් 5 දෙනෙකු විශ්ව රූ රැජිණ තරගයේදී අවසන් වටයට සහ අවසන් ස්ථාන වලට තේරී පත්ව තිබේ.
    • 1960:  කොලොම්බියාව = Stella Márquez, හොඳම 15- 1960 විශ්ව රූ රැජිණ තරගය.
    • 1984:  ගෞතමාලාව = Ilma Urrutia, හොඳම 10- 1984 විශ්ව රූ රැජිණ තරගය.
    • 1987:  පුවටෝ රිකෝ = Laurie Tamara Simpson, පස්වන ස්ථානය 1987 විශ්ව රූ රැජිණ තරගය.
    • 1998:  පැනමාව = Lía Victoria Borrero, හොඳම 6- 1997 විශ්ව රූ රැජිණ තරගය.
    • 2007:  මෙක්සිකෝව = Priscila Perales, හොඳම 10- 2006 විශ්ව රූ රැජිණ තරගය.
  • ජාත්‍යන්තර රූ රැජිණන් 3 දෙනෙකු, කිරුළ දිනාගැනීමට පෙර ලෝක රූ රැජිණ තරගයට සහභාගීව අර්ධ අවසන් වටයට තේරී පත්ව ඇත.
  • ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියන් 2 දෙනෙකු, පසුව ලෝක රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාවන් බවට පත්ව තිබෙයි.
  • ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියක් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.
  • දිගම කිරුළ හිමි කාලය
    • 1965:  ජර්මනිය = Ingrid Finger- දින 624 ක්. 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරගය අවලංගු වීම නිසා.
  • කෙටිම කිරුළ හිමි කාලය
    • 1975:  යුගෝස්ලාවියාව = Lidija Manić- දින 242.
  • විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරග වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරගකාරියන්.
    • 1975:  යුගෝස්ලාවියාව = Lidija Manić - විශ්ව රූ රැජිණ තරගකාරිය.
    • 1976:  ප්‍රංශය = Sophie Perin - විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරගකාරිය.
    • 1995:  නෝර්වේ = Anne Lena Hansen - ලෝක රූ රැජිණ තරගකාරිය.
    • 2002:  ලෙබනනය = Christina Sawaya - ලෝක රූ රැජිණ තරගකාරිය.
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය
    • 1991 - Agnieszka Kotlarska ←  පෝලන්තය → 1993 - Agnieszka Pachałko. (වසර 1, මාස 11, දවස් 20)

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

සැකිල්ල:රූප සුන්දර තරග

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ