ජරාසන්ධ

               බ්‍රහද්ධත ඔහුගේ මුත්තා උපරිචර වාසු චේඩි රාජධානිය ගත් පසු මගධයේ පාලකයා විය. ඔහුගේ බිසවන් වූයේ බරණැස කුමරියන් දෙදෙනෙකි. ප්‍රසිද්ධ පාලකයෙක් වුවත් දිගු කලක් ළමයින් නැතිව හේ දුකින් පසුවිය. චන්දකෞෂික නම් ඍෂිවරයෙක් ඔහුට ළමයෙක් ලබා දීමට පළතුරක් ලබා දෙනවා. ඔහු එය තම කුමරියන් දෙදෙනාට බෙදා දෙනවා. එයින් කුමරියන් දෙදෙනාම ගැබ්බර වෙනවා. එයින් අර්ධ වශයෙන් දරුවන් දෙදෙනෙකු ඉපැදෙනවා. මේ කෑලි දෙක කැලයට විසි කල පසු ජරා හෝ බර්මත නම් රාක්ෂියක් මේ කෑලි දෙක එකතු කල විට ළමයෙක් සෑදෙනවා. එම ළමයා කෑ ගැසූ ආකාරයට ජරාට දුක සිතී රජුට ගොස් ළමයා බරා දෙනවා. ජරා විසින් එකතු කල බැවින් ඔහු ජරාසන්ධ නම් වෙනවා. චන්දකෞෂික ළමයා බලන්නට පැමිණ ඔහු ශිව දෙවියන්ගේ භක්තිවන්තයෙක් වන බවට අනාවැකියක් කියනවා. 

ජරාසන්ධ ප්‍රසිද්ධ අධිරාජ්‍යයෙක් වෙනවා. බලවත් රජවරු වුනු නරකාසුර, පුන්දෘ වාසෙදෙව්, චේඩියේ ශිශුපාල්, ශුවයේ ශාල්ව හා විශ්මක් ඔහුගේ මිත්‍ර රජවරුන්. තම සමීපත මිතුරෙකු වූ භානාසුර් ගේ උපදෙස් අනුව තම දූවරු වුනු අස්ථි හා ප්‍රප්ති මතුරාවල කංස් ට විවාහ කර දෙනවා. තම සේනාවන් ලබාදී මථුරාව කුමන්ත්‍රණයකින් අල්ලා ගන්න ජරාසන්ධ උදව් කරනවා. නමුත් ක්‍රිෂ්ණා කංස් හා සියලුම යාදවයන් සමූල ඝාතනය කරනවා. එම නිසා ජරාසන්ධ 17 වතාවක් මථුරාවට හා යාදවයට පහර දෙනවා. විටෙක ඔහුට පංචාලයේ හා කුරු හමුදාවත් අනෙක් රජවරුත් උදව් කරනවා. ක්‍රිෂ්ණා ද්වාකර නම් කිසිවෙකුට පහරදිය නොහැකි දූපතකට පලා යනවා. ක්‍රිෂ්ණා ජරාසන්ධගේ බලය බිදීමට ජරාසන්ධගේ මිත්‍රයන් වූ කල්‍යාවන, නරශුර, හන්ශ, ඩිම්බක ආදී පාලකයන් මරා දමනවා.

ජරාසන්ධ දෞපදීගේ ස්වයම්වරයට පැමිණිමුත් දුන්න ගැනීමට අපෝසත් වනවා. විටෙක ඔහු ශකුණි හා දුර්යෝධනව සිර කර තිබියදි කර්ණ විසින් බේරා ගන්නවා. කර්ණ ජරාසන්ධ සමග කල සටනෙන් සතුටුව ජරාසන්ධ මාලිණි නුවර කර්ණට ත්‍යාග කරනවා.

යුධීශ්ටීර් අධිරාජයෙක් වීමට රාජසූය හෝ අශ්වමේධ නම් යාගය කිරීමට සැරසෙන විට ක්‍රිෂ්ණා විසින් ජරාසන්ධ සිටිනතාක්කල් මෙය කිරීමෙන් පලක් නොවන බව සදහන් කරනවා. මේ අතර ජරාසන්ධ විසින් ශිව දෙවියන් සදහා යාගයක් කිරිමට සැරසෙනවා. මෙයට රජවුරු 100ක් අවශ්‍ය වුනත් සිටින්නේ 95යි. යාදෙව්වරුන් පරාජය කිරිමට මෙම යාගය පැවැත්විමට ජරාසන්ධ තීරණය කර තියෙනවා. මරණයට කැපවූ රජවරු ක්‍රිෂ්ණාට පණිවිඩයක් යවනවා තමන්ව බේරගන්න කියා.යුධීශ්ටීර් ට කරුණු පවසා ක්‍රිෂ්ණා භීම් සමග ජරාසන්ධට ද්වන්ධ සටනකට ආරාධනා කරනවා. දින 14ක් පුරාවට පැවති මේ තරගයෙන් ජරාසන්ධ පරාජයට පත්වෙනවා.

ක්‍රිෂ්ණා සේම ජරාසන්ධත් අසරණයන්ට සරණ වෙනවා. තම ශිව පූජාවට පසු බ්‍රහ්මණයන්ට කතා කර තිබෙනවා. එවැනි අවස්ථාවක් ක්‍රිෂ්ණා, අර්ජුන් හා භීම් බ්‍රාහ්මණයන් ලෙස ජරාසන්ධ හමුවීමට ගොස් භීම් සමග ද්වන්ධ යුද්ධයකට ආරාධනා කරනවා. දින 14ක් පුරාවට පැවැති මේ තරගය ජරාසන්ධව පරාජය කල යුතු ආකාරය භීම් නොදනී. ජරාසන්ධව දෙකට ඉරා දැමුවත් ඔහුගේ ශරීරය නැවත එකට හාවී සටනට එනවා. ක්‍රිෂ්ණා කෝටුවක් දෙකට කඩා ඒ කඩපු දෙක ප්‍රතිවිරුද්ධ පැත්තට වීසිකර ජරාසන්ධව විනාශ කල හැකි ආකාරය පෙන්නනවා. ඒ අනුව භීම්, ජරාසන්ධගේ සිරුර දෙකට ඉරා කෑලි දෙක දෙපැත්තකට වීසි කරනවා. ඉන් ජරාසන්ධගේ අවසානය සිදුවනවා.

බ්‍රිහද්ධත යනු මගධයේ ආරම්ඹකයායි. මහාරථ ලෙසත් හැදින්වේ. භාරත රාජවංශයේ ආරම්භකයායි. චේඩි රාජධානියේ වාසුගේ හා ග්‍රිකාගේ දරුවන් පස් දෙනාගෙන් වැඩිමලායි. සියුල පුරාණයන් ඔහුගෙන් පසු ඔහුගේ සොයුරිය අම්නා රජ වූ බව කියැවේ. කුශාඝ්‍රට පසු ඔහුගේ පුත් ව්‍රිශව හෝ රිශව රජ වේ. ව්‍රිශවගේ පුත් පුශ්පවන්ත ඉන් පසු රජවේ. ඔහුගේ පුත් සත්‍යහිත හෝ සත්‍යද්‍රිත රජ වේ. ඔහුගේ පුත් සුධන්වන හෝ සුධර්මන, ධර්මත්ම, ධනුෂ රජ වේ. ඊට පසු ධනුෂ පුත් සාර්ව හෝ උර්ජ, ජතු, ජහු, ජන්තු රජ වේ. සාර්වට පසු ඔහු පුත් සම්බව රජ වේ. සම්බවට පසුවයි ඔහු පුත් ජරාසන්ධ රජ වූයේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජරාසන්ධ&oldid=469263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ