ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර යනු ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්යවරයෙක් වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ය. දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද අධ්‍යයන අතර වේ.

වෘත්තීය

මහාචාර්ය ඔබේසේකර 1955 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව උදෙසා බී. ඒ. උපාධියක් ලබාගත් අතර 1958 දී ශාස්ත්‍රපති උපාධිය ගත්තේ ය. 1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට පෙර ඔහු ලංකා විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලදී.

සාහ්ලින්ස් සමග විවාදය

1990 දී ඔහු ස්වදේශික ජනතාවගේ තර්කනය (rationality of indigenous people) අරබයා මාර්ෂල් සාහ්ලින්ස් සමග සුප්‍රසිද්ධ බුද්ධිමය විවාදයක් ගෙන ගියේ ය. 1779 දී හවායි දිවයින්හි දී සිදු වූ ජේම්ස් කුක්ගේ මරණය පිළිබද තොරතුරු ඇසුරින් විවාදය ඇතිවුණි. ඉංග්‍රීසි දේශගවේෂකයෙකු වූ කපිතාන් ජේම්ස් කුක් හවායි දූපත්වල දී මියගිය පසු එහි ජනයා ඔහු ව සිය ජනවිශ්වාසවල එන දෙවියකු පිළිබද විස්තර හා සසදමින් එම දෙවියන් ලෙස සලකා වන්දනා කිරීමට පෙළඹුණහ. විවාදය ස්වදේශීය ජනතාවගේ තර්ක ඥානය අවබෝධ කරගන්නේ කෙසේද යන්න වටා ගොඩනැගී තිබිණ. ඔබේසේකර තරයේ කියා සිටියේ ස්වදේශික ජනයා ද සිතන්නේ බටහිරයන් සිතන පතන අයුරින් ම බවත් මීට ප්‍රතිවිරුද්ධ මතයකින් කෙරෙන්නේ මෙම ජනයා “අතාර්කික” හෝ “නොදියුණු” ලෙස දැකීම බවත් ය.

පිළිතුරු ලෙස සාහ්ලින්ස් කියා සිටියේ විවිධ සංස්කෘති තුළ, පවතින ලෝකය අවබෝධ කරගැනීමට යොදා ගැනෙන තර්කනයේ ස්වරූපය එකිනෙකින් වෙනස් බවත් ඔවුන් වෙනස් චින්තන රටා යොදාගනිමින් ස්වකීය සංස්කෘතියට අනන්‍ය කියවීම් හරහා ඒ පිළිබද න්‍යායන් ගොඩනගන බවත් ය. මේ බව නොතකා සියලුම සංස්කෘති එකම තර්කනයක් කරා ගමන් කරන බව පැවසීම යුරෝකේන්ද්‍රීයවාදයේ ප්‍රකාශනයක් බව හෙතෙම පැවසීය.[1]

ආශ්‍රිත නාමාවලිය

අඩවියෙන් බැහැර පිටු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගණනාථ_ඔබේසේකර&oldid=586709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ