ඛොන්සු

ඛොන්සු,චොන්සු,කොන්සු, කොන්ෂු යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් මය.පුරාණ මිසර වැසියා ඇදහූ චන්ද්‍ර දෙවිවරු අතරින් ප්‍රසිද්ධ දෙවියෙකු වන මේ දෙවියන් හට වේෂ දෙකක් ඇත. එකක් හිරු දෙවි රා මෙන් උකුසු හිසක් ඇති දෙවියෙකුය.අනෙක ඔසිරිස් දෙවියන් මෙන් මමියක් වැනි වේෂයකි.මෙලෙස වේෂ දෙකක් පැවතීමට හේතුවක් ඇත.

රා විසින් ලෝකය මැවීමේ යුගයේ දී ඛොන්සු දෙවියන් ද හිරු මෙන් දීප්තිමත් ලොව බලගතුම දෙවියෙකි. එකල රා දෙවියන් සහ ඛොන්සු දෙවියන් තරගයට පෘථිවිය ආලෝකමත් කර ඇත. එහෙත් ඛොන්සු දෙවියන් තොත් දෙවියන් සමග සූදු ක්‍රීඩාවක යෙදී පැරදුණි. එම සූදූ ක්‍රීඩාවෙදි ඛොන්සු දෙවියන් ඔට්ටු තබා තිබුනේ තමාගේ ආලෝකයයි. පැරදුනු පසු ඛොන්සු දෙවියන්ගේ බලය අඩු වූ අතර තොත් දෙවියන්ගේ බලය වැඩි වී අලුත් චන්ද්‍ර දෙවියෙකු බවට විය.එතැන් පටන් ඛොන්සු දෙවියන් මමී ආකාර දෙවියෙක් ලෙස පෙනී සිටියි.

තරුණ බව පෙන්වන ලෙස කේශ කලාපය ගොතා සිටින මේ දෙවියන්ගේ හිස මත අඩ සද පිහිටා ඇත.අත් දෙකෙහි හෙන්ඩුව සහ කසය සමග තවත් යෂ්ටියක් ය. අමෙන් දෙවිගේ සහ මුට් දෙවගනගේ පුත්‍රයා වන ඛොන්සු දෙවියන් හට කැප කල දෙවොල කාර්නැක් වල පිහිටා ඇත. පුරාණ ඊජිප්තු බසින් ඛොන්සු යන වදනේ අර්ථය _ඉබාගාතේ යන,සංචාරකයා_ යන්නයි.මේ දෙවියන් රාත්‍රී කාලයේ ගමනට අධිපති ද වේ.

ඛොන්සු
● පුරාණ මිසරයේ චන්ද්‍ර දෙවියෝ
මිනිස් වෙසින් සිටින ඛොන්සු දෙවියන්
නාමය රූපාක්ෂරවලින්
Aa1
N35
M23G43
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයතීබ්ස්
සංකේතයචන්ද්‍ර තැටිය, පැත්තකට යොමු කල ගෙතූ කොණ්ඩය, උකුස්සා
දෙමාපියන්අමුන් සහ මුට්
ඛොන්සු, පුරාතන මිසරයේ චන්ද්‍ර දෙවි, ඔහුගේ එක් ආකාරයක ඔහු උකුසු හිසක් ඇති දෙවියෙකු වේ.අනෙක් අවස්ථාවේ මමී ආකාර දෙවියෙකි.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඛොන්සු&oldid=489771" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ