ඛේමා රහත් තෙරණිය

ඛේමා භිකෂුණිය බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනාගෙන් කෙනෙකු වූවාය (අනෙක් අග්‍ර ශ්‍රාවිකාව වූයේ උප්පලවණ්ණාය).තවද ඛේමා තෙරණිය ප්‍රඥාවත් තෙරණියන් අතර අග්‍රස්ථානය ලැබූහ.

ඛේමා යන නමෙහි තේරුම 'ඉතා ශාන්ත' යනුයි. ඇය ඉතා රූමත්ය. මෙම භික්ෂුණිය මගධ රාජකීය පවුලේ කාන්තාවකි. එමෙන්ම බිම්බිසාර රජතුමන්ගේ අග බිසවුන්ගෙන් කෙනෙකි.

ඛේමා බුදු හිමියන් දැකීමට යාමට කැමැත්තක් නොදැක්වූවාය. බුදු හිමියන් ඇගේ රූමත් භාවය ගැන සැලකිල්ලක් නොදක්වන බව ඇය දැන සිටියාය. ඇය තමාගේ රූමත්කම ගැන ආඩම්බරයෙන් පසු වූවාය. ඇයගේ ස්වාමි පුරුෂයා වූ බිම්බිසාර රජුගෙන් බුදු හිමියන් ගැන තොරතුරු දැන ගත්තාය. ඔහු බුදු හිමියන්ගෙන් බණ ඇසීමට ඇය උනන්දු කළේය. බුදුන් වැඩ වසන ආරාමයේ අලංකාරය ගැන ඇයට විස්තර කර තිබුණි. රාජකීය වස්ත්‍රාභරණයෙන් අලංකාර ලෙස සැරසී පියකරු දේ දකිනු රිසියෙන් ඇය බුදුන් වැඩ වසන ආරාමයට ගියාය. බුදුන් වහන්සේ ඇය එනු දැක ප්‍රාතිහාර්ය බලයෙන් ඛේමාවන්ට වඩා රුවින් යුත් තරුණියකු මවා බුදුන්ගේ පසෙකින් සිටින්නට සැලැස් වූ සේක. ඛේමා ඒ දැක වශී වූවාය. බුදුන් වහන්සේ ක්‍රමයෙන් එම තරුණ කාන්තාව මහලු වන සැටි පෙනෙන්නට සැලැස් වූ සේක.

ඛේමා ඒ තරුණ කාන්තාවගේ හම රැළි වැටෙන ආකාරය, කෙස් කළඹ සුදු වන අයුරු, සිරුර ක්‍රමයෙන් වියපත්වන සැටි දුටුවාය. අවසානයේ එම කාන්තාව එතැනම ඇද වැටී මිය ගියාය. අනතුරුව මළ සිරුර ඇට සැලකිල්ලක් බවට පත් විය. පවතින සියලු දෙය අනිස්ථිර බවත් තමනටද එයම සිදු වන බවත් ඛේමා තේරුම් ගත්තාය.

ඛේමා අවසානයේ බුදුන්ට සවන් දීමට කැමති වූවාය. බුදුන්ගේ දේශනාවෙන් පසු ඇය සත්‍යය අවබෝධ කොට අරහත් භාවය ලබා ගත්තාය. තම ස්වාමි පුරුෂයාගේ කැමැත්ත ගෙන අනතුරුව ඇය භික්ෂුණී ශාසනයට ඇතුළු වූවාය.පසුකලෙක භික්ෂුණීන්ට අගතනතුරු දෙන කල්හි බුදුන් විසින් ඛඑමආවඔ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඤ්‍රවත් භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය තබා වදාළහ. එසේම එතුමිය ගෞතම බුදු සසුනේ දකුණත් අග්‍ර ශ්‍රාවිකාව වශයෙන් ද නම් කලහ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඛේමා_රහත්_තෙරණිය&oldid=598657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ