කොරියන් යුද්ධය

1950-1953 කාලයේ උතුරු හා දකුණු කොරියාව අතර පැවැති යුද්ධය

1950 සිට 1953 අතර කාලයේ කොරියානු අර්ධද්වීපය තුල පවති යුදමය වාතාවර කොරියානු යුද්දය වේ.

කොරියානු අර්ධද්වීපය
කොරියන් යුද්ධය
සීතල යුද්ධය සහ කොරියානු ගැටුම හි කොටසකි

ඉහළ සිට දක්ෂිණාවර්තව:
  • එක්සත් ජනපද 1 වන නාවික අංශයේ පාබල හමුදාවේ තීරුවක් සහ සන්නාහයක් චොසින් ජලාශයෙන් බිඳී යාමේදී චීන සීමාව හරහා ගමන් කරයි
  • ඉන්චියොන් සටනේ ආරම්භක ස්ථානය වන ඉන්චියොන් වරායට එක්සත් ජාතීන්ගේ ගොඩබෑම
  • කොරියානු සරණාගතයින් US "M46 Patton" ටැංකියක් ඉදිරිපිට
  • පළමු ලුතිනන් බල්ඩොමෙරෝ ලෝපෙස්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද මැරීන් භටයින් ඉන්චියොන් වෙත ගොඩ බැස්සේය
  • "F-86 Sabre" ප්‍රහාරක ගුවන් යානය
දිනය
  • 1950 ජූන් 25 – 1953 ජූලි 27 (de facto)
    (වසර 3 ක්, එක් මාසයක් සහ දින 2 ක්)
  • 1950 ජූනි 25 – වර්තමානය (de jure)
    (වසර 74 ක්, සති 2 ක් සහ දින 2 ක්)
පිහිටුම
කොරියානු අර්ධද්වීපය, කහ මුහුද, ජපාන මුහුද, කොරියානු සමුද්‍ර සන්ධිය, චීන-උතුරු කොරියානු මායිම
ප්‍රතිඵලය

අවිනිශ්චිත, මිලිටරි ඇනහිටීම

  • උතුරු කොරියානු දකුණු කොරියාව ආක්‍රමණය පලවා හැර ඇත
  • එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ උතුරු කොරියාව ආක්‍රමණය පලවා හැර ඇත
  • දකුණු කොරියාවේ චීන සහ උතුරු කොරියානු ආක්‍රමණය පලවා හැර ඇත
  • කොරියානු සටන් විරාම ගිවිසුම 1953 දී අත්සන් කරන ලදී
  • කොරියානු ගැටුම් තවදුරටත් තිබීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්

කොරියානු යුද මුක්ත කලාපයක් පිහිටුවන ලදී

  • උතුරු කොරියාව කේසොං නගරය අත්පත් කර ගනී, නමුත් සොක්චෝ නගරය ඇතුළුව 0.001506 km2 (1,506 m2) ශුද්ධ එකතුව දකුණු කොරියාවට අහිමි වේ.[14]
යුද්ධාවතීරයන්
 දකුණු කොරියාව North Korea
‍‍‍‍‍‍‍‍‍‍‍‍යුද්ධ සහය :
  •  United Kingdom
  •  Canada
  •  Turkey
  •  Australia
  • සැකිල්ල:Country data Third Philippine Republic
  •  New Zealand
  • Thailand Thailand
  • සැකිල්ල:Country data Ethiopian Empire
  •  Greece
  • සැකිල්ල:රටේ දත්ත French Fourth Republic
  • සැකිල්ල:රටේ දත්ත Colombia
  •  Belgium
  • සැකිල්ල:Country data Union of South Africa
  •  Netherlands
  •  Luxembourg
වෛද්‍ය සහය:[4]
වෙනත් සහය:
සහය:
  • සැකිල්ල:Country data People's Republic of Albania
  •  Bulgaria
  •  Czechoslovakia[10]
  •  East Germany[11]
  •  Hungary[11][12]
  • සැකිල්ල:Country data Mongolian People's Republic
  •  Poland
  •  Romania[13]
ආඥාපතියන් සහ නායකයන්
  • සැකිල්ල:Country data First Republic of Korea රී සිං-මන්
  • සැකිල්ල:Country data First Republic of Korea චං ඉල්-ක්වොං
  • සැකිල්ල:Country data First Republic of Korea පයික් සං-යුප්
  • සැකිල්ල:Country data First Republic of Korea ලී හියං ගුඑං
  • සැකිල්ල:Country data First Republic of Korea ශිං සංග් මෝ
  • සැකිල්ල:Country data North Korea කිම් ඉල් සං
  • සැකිල්ල:Country data North Korea කිම් ටූ බොං
  • සැකිල්ල:Country data North Korea පක් හොං යොං
  • සැකිල්ල:Country data North Korea චෝ යොං ගොං
  • සැකිල්ල:Country data North Korea කිම් චයෙක්
  • එක්සත් ජාතීන් ට්‍රිග්වේ ලියේ
  • එක්සත් ජාතීන් ඩැග් හැමස්කොද්
  • එක්සත් ජනපද හැරී තෲමන්
  • එක්සත් ජනපද ඩ්වයිට් ඩී.
  • එක්සත් ජනපද ජෝර්ජ් මාර්ශල්
  • එක්සත් ජනපද ‍‍‍‍‍‍‍‍‍රොබර්ට් ලොවෙට්
  • එක්සත් ජනපද ඩග්ලස් මැක්-ආතර්
  • එක්සත් ජනපද මැතිව් රිජ්වේ
  • එක්සත් ජනපද මාර්ක් ක්ලාක්
  • එක්සත් රාජධානිය ක්ලෙමෙන්ට් ඇට්ලී
  • එක්සත් රාජධානිය වින්ස්ටන් චර්චිල්
  • චීනය මාවෝ සෙදොං
  • චීනය සාඕ සෙන්ලානි
  • චීනය පෙං ඩිහුවායි
  • චීනය චෙං ගෙං
  • චීනය ඩෙං හුවා
  • චීනය හොං සුවේහි
  • චීනය සොං ශිලුං
  • චීනය හං ස්‍යංචූ
  • සෝවියට් සංගමය ජොසප් ස්ටාලින්
  • සෝවියට් සංගමය පවෙල් සිගර්වේ
හමුදාමය ප්‍රබලතාවය
උච්ච ශක්තිය:
  • සැකිල්ල:Country data First Republic of Korea 602,902[15]
  • එක්සත් ජනපද 326,863[16]
  • එක්සත් රාජධානිය 14,198[17][18]
  • කැනඩාව 8,123[19]
  • තුර්කිය 5,453[17]
  • ඕස්ට්‍රේලියාව 2,282[17]
  • සැකිල්ල:Country data Third Philippine Republic 1,496[17]
  • New Zealand 1,385[17]
  • Thailand 1,290[20]
  • සැකිල්ල:Country data Ethiopian Empire 1,271[21]
  • Kingdom of Greece 1,263[17][21]
  • සැකිල්ල:Country data French Fourth Republic 1,185[21]
  • Colombia 5,400
  • බෙල්ජියම 900[17]
  • සැකිල්ල:Country data Union of South Africa 826[17]
  • නෙදර්ලන්තය 819[17]
  • ඉන්දියාව 346[22]
  • ස්වීඩනය 170[20]
  • ජපානය 120[6]
  • Norway 105[20]
  • ඩෙන්මාර්කය 100[20]
  • ඉතාලිය 72[20]
  • ලක්සම්බර්ග් 44[17]

සැවොම එකට: 972,334

මුළු එකතුව:
එක්සත් ජනපද 1,780,000[23]
උච්ච ශක්තිය:
  • චීනය 1,450,000[24][25]
  • සැකිල්ල:Country data North Korea 266,600[26]
  • සෝවියට් සංගමය 26,000[27]

සැවොම එකට: 1,742,000

මුළු එකතුව:
චීනය 2,970,000[28]
සෝවියට් සංගමය 72,000[27]
අපාතිකයන් සහ හානි

මුළු මරණ සහ අතුරුදන් වීම්:මරණ 170,927 සහ 32,585 අතුරුදන්[lower-alpha 2]
තුවාල ලැබූවන්: 566,434

දත්ත

මුළු මරණ සහ අතුරුදන්: මරණ 398,000–926,000 සහ 145,000+ අතුරුදන්[lower-alpha 4]
මුළු තුවාල ලැබූවන්: 686,500ක්

දත්ත
  • සැකිල්ල:Country data North Korea:
    මරණ 215,000–406,000[40][41]
    තුවාල ලැබූවන් 303,000ක්
    120,000 MIA හෝ POW[42]
  •  චීනය:
    චීන මූලාශ්‍ර:[43]
    197,653 dead[44]
    383,500 wounded
    රෝහල්ගතකර 450,000ක්
    25,621ක් අතුරුදන්[45]
    අල්ලාගත් 21,374ක්
    14,190 පක්ෂ හැරලා
    එක්සත් ජනපද ඇස්තමේන්තු:[42]
    මරණ 400,000+
    තුවාල ලැබූවන් 486,000ක්
  •  සෝවියට් සංගමය:
    299 dead
    335 planes lost[46]
  • සම්පූර්ණ සිවිල් මරණ: මිලියන 2–3 (ආසන්නව)[47][48]
  • දකුණු කොරියානුවන්:
    ජීවිත හානි 990,968ක්[20]
  • උතුරු කොරියානුවන්:
    ජීවිත හානි 1,550,000ක් (est.)[20]

1950 ජුනි 25 දින සෝවියට් යුධ ආධාර ලබන උතුරු කොරියාව සෝවියට් යුද ටැංකි සමගින් 38 සමාන්තර දේශ සිමාව ඔස්සේ දකුණු කොරියාවට ඇතුළු විය. දකුණු කොරියාව ඇමෙරිකානු ආධාර හා අනුබලය ලැබුවත් ඒවා සීමිත විය එයට හේතුව වූයේ ඇමෙරිකාව එවක ජපානය දියුණු කිරීමට වැඩි අවදානයක්‌ යොමු කර තිබීමයි. නොනවතින උතුරු කොරියානු ප්‍රහාර හමුවේ දකුණු කොරියානු හමුදාව පසුබැස ගියේය.මේ සමගම උ. කොරියානු හමුදාව දකුණු කොරියාවේ අගනගරය වූ soul නගරය අල්ලාගනිමින් දකුණු කොරියානු හමුදාව කොරියානු අර්ධද්වීපයේ කොනක පිහිටි නගරයක් වූ බුසාන් නගරයට කොටු කිරීමට උ. කොරියානු හමුදාව සමත් විය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘමන් විසින් ජපානයේ රදවා සිටි ඇමෙරිකානු භට පිරිස් දකුණු කොරියාවට එව්වත් එය ප්‍රමාණවත් නොවුනි එයට හේතුව වූයේ ඔහුන් සිටියේ සුළු ප්‍රමාණයක් පමණයි. මේ සමගම කොරියාවට විශාල හමුදාවක් යැවීමට එක්සත් ජාතීන්ගේ අවසරය හා සහය අවශ්‍ය වුණා. එක්සත් ජාතින්ට යොමුකල යෝජනාව සම්මත වූ අතර එක්සත් ජනපදය සමග එංගලන්තය. ඕස්ට්‍රේලියාව සමග තවත් රටවල් 15 එකතු විය.

හැඳින්වීම

කොරියාව දෙකට බෙදීමෙන් අනතුරුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හටගත් ව්‍යාකූල දේශපාලන තත්වය වඩාත් ම ප්‍රකට වූ අවස්ථාවක් වූයේ කොරියන් යුද්ධය යි. මෙම අර්බුදයට සෝවියට් දේශය, චීනය සහ ඇමරිකාව ද සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපයේ හටගත් තුෂ්ණි යුදමය තත්වය ආසියාවට පැතිරුණු අවස්ථාවක් වශයෙන් ද කොරියන් යුද්ධය සැලකේ.


අර්බුදයේ පසුබිම

1910 දී ජපානය විසින් කොරියාව ඈඳා ගැනීමත් සමග කොරියානු ජාතිකවාදය ආරම්භ වේ. කොරියානු නිදහස් සටනේ නායකයෝ 1919 න් පසු ඇමරිකාව දෙසට යොමු වන්නට වූහ. නමුත්, කොරියානු අර්බුදය ඇමරිකාවට වැදගත් ගැටලුවක් බවට පත් වූයේ ජපානය විසින් පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව ය. 1943 දෙසැම්බර් මස ඇමරිකාව විසින් ඉදිරිපත් කළ කයිරෝ ප්‍රකාශනය මගින් කොරියාව නිදහස් රටක් විය යුතු බව අවධාරණය කෙරුණි. නමුත්, 1945 පෙබරවාරි මාසයේ දී රූස්වෙල්ට්, චර්චිල් සහ ස්ටාලින් ගේ සහභාගිත්වයෙන් පැවති යාල්ටා සමුළුවේ දී 38 වන සමාන්තරය ඔස්සේ කොරියාව දෙකට බෙදීමට තීරණය විය. ඒ අනුව, කොරියාවේ උතුරු කොටස සෝවියට් රුසියාව විසිනුත් එහි දකුණු කොටස ඇමරිකාව විසිනුත් පාලනය කිරීමට එකඟතාවක් ඇති විය. 1945 පෙබරවාරි මස පැවති මොස්කව් සමුළුවේ දී බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව සඳහා සෝවියට් - ඇමරිකානු ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට තීරණය කළහ. දෙපාර්ශ්වය අතර වූ මතවාදීමය වෙනස්කම් මත මෙම කොමිසම අසාර්ථක වූ අතර 1947 සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව කොරියානු ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන ගියේ ය.

ඒ අනුව, මහා මණ්ඩලය විසින් පිළිගත් යෝජනා සම්මතයක් වූයේ කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමක අධීක්‍ෂණය යටතේ ජාතික සභාවක් පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව සහ අනතුරුව එහි පදිංචි වී සිටින සියලු ම සේනා වහා ඉවත් විය යුතු බවයි. නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම යෝජනාවන්ට සෝවියට් රුසියාවෙහි සහය නොලැබුණි. 1948 මැයි 10 වන දින දකුණු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමේ නිරීක්‍ෂණය යටතේ මැතිවරණය පැවැත්වූ අතර එහිදී කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රථම ජනාධිපති වශයෙන් සින්ග්මන් රී තේරී පත් විය. ඉන් අනතුරුව, සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවෙන් තම හමුදා ඉවත් කර ගත්හ. නමුත්, 1948 සිට 1950 දක්වා ම උතුරු - දකුණු සබඳතා තව දුරටත් අයහපත් අතට හැරුණි. 1949 දී දකුණු කොරියාව දිගින් දිගටම දේශ සීමා පහරදීම් පිළිබඳ පැමිණිලි කරමින් ඇමරිකානු යුද ආධාර ඉල්ලා සිටියහ.


උතුරු කොරියානු ආක්‍රමණය

මෙවැනි පසුබිමක් තුළ 1950 ජුනි 25 වන දින උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එරෙහිව සැලසුම් සහගත යුද්ධයක් දියත් කළහ. සෝවියට් රුසියාවෙහි නිෂ්පාදිත යුද ටැංකි සහිතව උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරය ඔස්සේ ගමන් කළහ. දින 4ක් තුළ දී ඔවුහු දකුණු කොරියානු අගනුවර වන සෝල් නගරය අල්ලා ගත්හ. ඇමරිකානු ජනාධිපති ටෲමන් ඒ වන විට ජපානයේ රඳවා සිටි භට පිරිස් දකුණු කොරියාවට එවන ලද නමුත් ඉන් ආක්‍රමණය මැඬලිය නොහැකි විය. අනතුරුව ජනාධිපතිවරයා දකුණු කොරියාවට සහය දීම සඳහා ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආක්‍රමණිකයන් පළවා හැරීමට ඇමරිකාව සමග තවත් ජාතීහු 15 ක් එකතු වූහ. මෙලෙස සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට නායකත්වය සැපයුවේ ඩග්ලස් මැක් ආතර් නම් ඇමරිකානු ජෙනරාල් වරයා ය. මේ වන විට ඇමරිකානු යුද, ගුවන් සහ නාවික බලකායන් දකුණු කොරියාවේ ස්ථානගතව සිටි අතර බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවලින් එක්සත් ජාතීන්ගේ හමුදාවන් පැමිණීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුණි. මේ වන විට ඇමරිකානු සහ කොරියානු හමුදා දකුණු කොරියාවේ ඊසාන දිග පිහිටි පූසාන් නම් වරායේ කුඩා ප්‍රදේශයකට කොටු කරනු ලැබ සිටියහ. සැප්තැම්බර් 15 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා ඉන්චන් වෙත ගොඩ බසිමින් දකුණේ සිටි උතුරු කොරියානු හමුදාවන් විනාශ කළහ. සැප්තැම්බර් මස අවසානය වන විට උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඉහළට පළවා හැරීමට එක්සත් ජාතීන්ගේ හමුදාව සමත් විය.

මීළඟට ගැටළුව වූයේ උතුරු කොරියාව අල්ලා ගෙන මුළු රට ම එක්සත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා ද යන්නයි. ඒ අනුව, 1950 ඔක්තෝබර් 07 වන දා 38 වන සමාන්තරය ඉක්මවා ගොස් කොරියාව එකමුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. නමුත්, මැක් ආතර්ගේ අදහස වූයේ කොරියාව එක්සත් කිරීමට අමතරව යාලු නදිය දක්වා හමුදා මෙහෙයවමින් චීනය දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ය. යාලු නදියේ සීමාව දක්වා හමුදා මෙහෙයවන නමුත් චීන හෝ සෝවියට් බලපෑමක් ඇති වුවහොත් වහා ම පසු බසින ලෙසට මැක් ආතර්ට උපදෙස් ලැබුණි. ඒ අනුව, ඔක්තෝබර් 19 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානු අගනුවර වන පියොන්ජියැන්ග් අල්ලා ගත්හ. නමුත්, එම හමුදා චීන දේශ සීමාවේ පිහිටි යාලු නදිය වෙත ළඟා වීමත් සමග දෙපාර්ශ්වය අතර නව ගැටුමක් ඇති විය.

චීන හමුදාව 1950 නොවැම්බර් 26 වන දින මහා පරිමාණ ප්‍රහාරයක් මෙහෙයවූහ. දෙසැම්බර් මාසය වන විට උතුරු කොරියාව නිදහස් කර ගත් චීන හමුදාව සෝල් නගරය ද තමන් යටතට ගත්හ. එහෙත් 1951 ජනවාරි වන විට ඇමරිකානු හමුදාවන් විසින් චීන හමුදා මැඬලමින් ක්‍රමයෙන් උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඔබ්බට පළවා හරිනු ලැබ දේශ සීමාව අසල දකුණු කොරියානු තත්වය ස්ථාවර කර ගත්හ. මේ අතර තුර මහා මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සටන් විරාමයක් ඇති කිරීමටත්, ඔවු'නොවුන්ගේ හමුදා ආපසු කැඳවා ගැනීමටත් නිර්දේශ කළ ද එම යෝජනා චීනය ප්‍රතික්‍ෂේප කළේ ය. මේ තත්වය යටතේ 1951 පෙබරවාරි මස මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් මගින් චීනය "කොරියානු ආක්‍රමණිකයා" ලෙස හඳුන්වනු ලැබීය.

සටන් විරාම සාකච්ඡා

සටන් විරාමයක් සඳහා ඇමරිකානු සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර සාකච්ඡා 1951 ජුලි මස 10 වන දින ඇරඹුණ ද, එය අසාර්ථක වීම හේතුවෙන් ඔවුහු නැවත ඔක්තෝබර් 25 වන දින රැස් වූහ.මෙකී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා තවත් වසර දෙකක කාලයක් දක්වා දික් ගැසුණි. යුද සිරකරුවන් හුවමාරු කිරීම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම ඒ සඳහා විශේෂයෙන් හේතු විය. 1953 මාර්තු වන විට දෙපාර්ශ්වය අතර වරින් වර කෙරුණු සටන් නතර වූ හෙයින් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර යුද විනිර්මුක්ත කලාපය ද හඳුනා ගනු ලැබූහ. යුද සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය 1952 වසර පුරා ම නොවිසඳුණු එකක් විය. යුද සිරකරුවන් තම තමන්ගේ රට වලට යැවිය යුතු බව කොම්යුනිස්ට්වාදී කණ්ඩායම කියා සිටි අතර ඔවුන්ට තමන් කැමති රටක් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රකාශ කළහ. කෙසේ වුවත් 1953 ජනවාරි මාසය වන විට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය බලයට ඒමෙන් සහ මාර්තු මාසයේ ස්ටාලින් මිය යාමෙන් කොරියන් යුද්ධය කෙළවර කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් සහිත පසුබිමක් සකස් විය. ඒ අනුව යුද සිරකරුවන් සම්බන්ධයෙන් ඒ තාක් නොවිසඳුණු මැදිහත් ජාතීන්ගේ අධීක්‍ෂණ සහ ඒකාබද්ධ යුද සබඳතා කොමිසමක් යටතේ යුද සිරකරුවන්ගේ තත්වය තීරණය කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. 1953 ජුලි 27 වන දින යුද සමාදාන ගිවිසුම අත්සන් කිරීම එහි ප්‍රතිඵලයක් විය.


කොරියාව එක්සත් කිරීමේ ප්‍රයත්න

කොරියාව පිළිබඳ දේශපාලන විසඳුමකට ඒමේ අරමුණෙන් යුතුව 1954 අප්‍රේල් මස රටවල් 19ක සහභාගිත්වයෙන් පැවති ජිනීවා සමුළුවේ දී එක්සත් කොරියාවක් බිහි කිරීම පිළිබඳ දෙපාර්ශ්වයන් දැඩි ස්ථාවරත්වයක් දැක්වූහ. බටහිර රටවල් දැරූ මතය වූයේ එක්සත් සහ නිදහස් කොරියාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ නිදහස් මැතිවරණයක් පවත්වා මුළු කොරියාවම නියෝජනය වන මණ්ඩලයක් තෝරා ගත යුතු බවයි. නමුත්, චීනය සහ උතුරු කොරියාව දැරූ මතය වූයේ එක්සත් කොරියාවක් බිහි කිරීමට ගත යුතු පළමු පියවර නම් සියලුම විදේශ හමුදා ආපසු කැඳවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ හමුදා කුමන අයුරකින් හෝ කොරියානු ප්‍රශ්නයට සම්බන්ධ නොවිය යුතු බවත්ය. මෙම දැඩි ස්ථාවරය නිසා ජුනි මාසය මැද වන විට ජිනීවා සාකච්ඡා කෙළවර වූයේ උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක පැවැත්ම පිළිබඳ විසඳුම පිළිගැනීමට සිදු කරමිනි.


යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව

ඇමරිකානු ප්‍රහාරයක්
රටමිය ගිය සංඛ්‍යාවතුවාල ලැබූ සංඛ්‍යාව
දකුණු කොරියාව227800717100
එක්සත් ජනපදය54229103248
එක්සත් රාජධානිය7102278
තුර්කිය7172246
ඕස්ට්‍රේලියාව2911240
කැනඩාව3091055
ප්‍රංශය288818
තායිලන්තය114794
ග්‍රීසිය169543
ඕලන්දය111589
කොළොම්බියාව140452
ඉතියෝපියාව120536
පිලිපීනය92299
බෙල්ජියම97350
නවසීලන්තය3480
දකුණු අප්‍රිකාව20
චීනය132000238400
උතුරු කොරියාව215000303000
සෝවියට් රුසියාව315

පින්තූර ගැලරිය

ආශ්‍රිත ග්‍රන්ථ

  • ජාත්‍යන්තර අර්බුද: මහාචාර්ය ‍ඩබ්ලිව්. එම්. කරුණාදාස

අඩවියෙන් බැහැර පිටු

යොමු කිරීම්


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කොරියන්_යුද්ධය&oldid=591817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ