කීර්ති ශ්‍රී මේඝ

කීර්ති ශ්‍රී මේඝ (_____?- 1140) යනු මධ්‍යතන ලංකාවේ දක්ෂිණ දේශයේ රජෙකි. 1 වැනි විජයබාහු රජුගේ බෑනාය. ඔහු තම සහෝදරයන් දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ කිරුල අත්පත් කර ගැනීමට 1110 වර්ෂයේදී උත්සාහ කළද 1 වැනි වික්‍රමබාහු විසින් පරාජය කරන ලදී. ඉන් පසු ඔහු දිවයිනේ දකුණු පෙදෙසට පලා ගියේය. ඔහු මුලින් තම සහෝදරයා වූ ශ්‍රි වල්ලභ සමග එම පෙදෙස පාලනය කළේය. ඔහු පසුව දක්ඛිණ දේශයේ රජු බවට පත් වූයේ තම වැඩි මහල් සහෝදරයා වූ මානාභරණගේ මරණයෙන් පසුවයි.

ඔහු පසු කාළයේ අනාගත ශ්‍රී ලංකාවේ මහා පරාක්‍රමබාහු නමින් රජකමට පත්වූ ඔහුගේ බෑනා ඔහුගේ දරු තනතුරේ ලා ඇති දැඩි කළේය.

පසු බිම

1110 දී 1 වැනි විජයබාහු රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදරයා වූ ජයබාහු රජකමට පත් වුනේ විජයබාහුගේ වුවමනාව පරිදිය. රජයේ උසස් තනතුරු දැරූ ඇමතිවරු ද විජයබාහුගේ සොහොයුරාගේ පුතා වූ මානාභරණට උප රජ පදවිය දිය යුතු යැයි ප්‍රකාශ කළහ. (ඊලඟට රජු බවට පත් විය යුත්තේ ඔහුය) 1 වැනි විජයබාහුගේ පුතා වූ වික්‍රමබාහු මේ නිසා කෝපයට පත් විය. ඔහුගේ අදහස වී තිබුනේද සිහසුන උරුම කර ගැනීමයි.

වික්‍රමබාහුගේ අදහස තේරුම් ගත් මානාභරණ සහ ජයබාහු ඔහු ඝාතනය කිරීම සඳහා පිටත් වූහ. මානාභරණගේ සහෝදරයා වූ කීර්ති ශ්‍රී මේඝ ද ඔවුනට ඵකතු වී වික්‍රමබාහුට ඵරෙහිව සටන් කළහ. වික්‍රමබාහු ඵකළ රුහුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා විය. ගණනින් වැඩි වුවද වික්‍රමබාහු සටන් කිහිපයකින් පසු රාජකීය හමුදාව පරාජය කළේය. ඉන් පසු ඔහු හමුදා මූලස්ථානය පොළොන්නරුවෙන් ඉවත් කර අගනුවර අත්පත් කරගෙන රජරට රජු බවට පත් විය.

සිහසුනට පත්වීම

පරාජය වීමෙන් පසු මානාභරණ සහ ඔහුගේ සහෝදරයා රටේ ඉතිරි පෙදෙස් බෙදා ගත්හ. මානාභරණ දක්ඛිණ දේශයේ රජු විය. කිත්ති සිරි මේඝ දොළොස් දහස් ‍රටෙහි රජු විය. දොළොස් දහස් රටට රුහුණු ප්‍රාදේශීය රාජ්‍යයේ වලවේ ග‍‍ගේ බටහිර කොටස් අයිති විය. ඔවුන්ගේ තුන් වැනි සහෝදරයා වූ සිරි වල්ලභ 'අටදහස් රට' නම් රුහුණේ ඉතිරි කොටස් පාලනය කළේය.

අවුරුද්දකට පසු සහෝදරයෝ තිදෙනා රජරට ආක්‍රමණය කොට වික්‍රමබාහු බලයෙන් පහ කිරීමට උත්සාහ කළහ. මේ බව ආරංචි වූ වික්‍රමබාහු තම සේනා කැටුව ඉදිරියට ගොස් සටන් කොට ජය ලැබුවේය. ඉන් පසු සහෝදරයෝ වික්‍රමබාහුට එරෙහිව සංවිධානය වී කරන සටන් නැවැත්වූහ.

පසුව ගත වූ අවුරුදු

තම පුතා වූ පරාක්‍රමබාහු ඉපදීමෙන් නොබෝ කලකට පසු මානාභරණ 1025 දී පමණ මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු දක්ඛිණ දේශයේ පාලන බලය ලබා ගත් අතර සිරි වල්ලභ මුලු රුහුණේම බලය සියතට ගත්තේය. වික්‍රමබාහු 1131 දී මිය ගියේය. ඉන් පසු ඔහුගේ පුතා වූ දෙවැනි ගජබාහු රජකමට පත් විය. රජරට නව රජු අත්දැකීම් වලින් තොර වූ අයෙකු වීමේ වාසිය ලබා ගැනීමට සිතූ සහෝදරයින් දෙදෙනා ඔහු රජ වූ වහාම පහර දුන්හ. එහෙත් ඔවුහු පරාජය වූහ. ඉන් පසු දෙදෙනාගෙන් එක් කෙනෙකුවත් නැවත රජරට ආක්‍රමණය කළේ නැත.

කිත්තිසිරි මේඝට ඔහුටම දාව උපන් දරුවෙකු නොවීය. එහෙයින් ඔහු තම බෑනා වූ පරාක්‍රමබාහු දරු තනතුරේ ලා ඇති දැඩි කළේය. පරාක්‍රමබාහුට අවුරුදු 15 ක් පමණ වයස වන විට දෙදෙනා අතර හබ ඇති විය. පරාක්‍රමබාහු ගජබාහුගේ රජ මාළිගය කරා ගියේ තම මාමාගේ කැමැත්තට විරුද්ධ වෙමිනි. කිත්තිසිරි මේඝ රජුගේ මරණයට පෙර ඔහු නැවතත් දක්ඛිණ දේශයට පැමිණි ඔහු කිත්සිරි මේඝ ගෙන් පසු දක්ඛිණ දේශයේ රජු විය.

1090 සිට 1185 දක්වා ශ්‍රී ලංකාවේ පාලකයෝ

රාජධානිය1090 - 1100 - 1110 - 1120 - 1130 - 1140 1150 - 1160 - 1170 - 1180

රජරට වික්‍රමබාහු 1 ගජබාහු    II

දක්ඛිණදේශ විජයබාහු 1 මානාභරණ - කිත්තිසිරි මේඝ - පරාක්‍රමබාහු 1

රුහුණ ශ්‍රී වල්ලභ සහ කිත්තිසිරි මේඝ ශ්‍රී වල්ලභ මානාභරණ

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කීර්ති_ශ්‍රී_මේඝ&oldid=517147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ