කෘෂ්ණ

හින්දු දෙවියා, විෂ්ණුගේ අවතාරය
(ක්‍රිෂ්ණ වෙතින් යළි-යොමු කරන ලදි)

කෘෂ්ණ (/ˈkrɪʃnə/; සංස්කෘත: कृष्ण, Kṛṣṇa IAST වලින්, උච්චාරණය [ˈkr̩ʂɳə] ( අසන්න)) යනු විවිධ දෘෂ්ටිකෝණවලින් වන්දනාවට ලක්වන ප්‍රධාන හින්දු දෙවි කෙනෙකි. කෘෂ්ණ ඔහුගේ අයිතියෙන් ස්වයං භගවාන් හෙවත් විෂ්ණු දෙවියන්ගේ පූර්ණ/පරම උත්පත්තියක් ලෙසද ඊශ්වරගේ පූර්ණ ප්‍රතිරූපයක් ලෙසින්ද සලකනු ලබයි. සියලු හින්දු දෙවිවරුන් අතුරින් වඩාත් වන්දනාවට ලක්වන සහ ප්‍රචලිත පරමාත්ම ස්වරූපයක් ලෙස කෘෂ්ණ හැඳින්විය හැක.[2] හින්දු දින දර්ශනය අනුව හින්දූහු කෘෂ්ණගේ උපන් දිනය සෑම වර්ෂයකම ශ්‍රාවණ මාසයේ කෘෂ්ණ පක්ෂයේ (අඳුරු පක්ෂය) අටවන දිනයේ (අෂ්ටමි) සමරති.[3]

කෘෂ්ණ
දිව්‍යත්වය, ආදරය, දැනුම, රූමත්භාවය
කෘෂ්ණ
ශ්‍රී මාරිඅම්මාන් කෝවිලේ ඇති කෘෂ්ණ ප්‍රතිමාවක්, සිංගප්පූරුව
දේවනාගරීकृष्ण
සංස්කෘත පරිවර්තනයKṛṣṇa
අනුබැඳියස්වයං භගවාන්, පරමාත්මන්
වාසභවනයගෝලෝක වෘන්දාවන‍ය, ගෝකුල, ද්වාරකා
ආයුධයසුදර්ශන චක්‍රය
කෞමෝදකී
පෞද්ගලික තොරතුරු
වල්ලභයාරාධා, රුක්මිණී, සත්‍යභාමා, ජම්බාවතී, කාලින්දි, මිත්‍රවින්දා, නග්නජිතී, භද්‍රා, ලක්ෂ්මණා සහ අනෙක් 16,000 හෝ 16,100ක් වූ කනිෂ්ඨ බිසෝවරු[1]
දෙමාපියන්දේවකී සහ වසුදේව, යශෝධා (හදාගත් මව) සහ නන්ද බාබා (හදාගත් පියා)
සොයුරු/සොයුරියන්බලරාම, සුභද්‍ර
වාහනයගරුඩා
පාඨ ග්‍රන්ථමහාභාරතය, භගවද් ගීතාව, විෂ්ණු පුරාණය, භගවත පුරාණය
උත්සවකෘෂ්ණ ජන්මාෂ්ටමි, හෝලි

කෘෂ්ණව ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබයි. ඔහුව නිතරම වෙඬරු කෑමට ප්‍රිය ළදරුවකු; භගවත පුරාණයේ සඳහන් පරිදි වස්දඬු වයන දරුවකු;[4] රාධා සමග සිටින තරුණයකු; ස්ත්‍රීන් පිරිවරා ගත් තරුණයකු; හෝ භගවද් ගීතාවේ දැක්වෙන පරිදි දිශාව සහ මඟපෙන්වීම සිදුකරන වැඩිමහල් පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම සිදුවේ.[5] කෘෂ්ණගේ කථාපුවත හින්දු දර්ශනය සහ සම්ප්‍රදායයන් තුළ පුළුල් විවිධත්වයකින් යුතුව දැකගත හැක.[6] ඔවුහු ක්‍රිෂ්ණව විවිධ දෘෂ්ටිකෝණවලින් නිරූපණය කරති: ළමා දෙවියකු, විසුළුකාරයකු, පරමාදර්ශී ප්‍රේමවන්තයකු, දිව්‍යමය වීරයකු, සහ පරම දේවතාවකු ලෙස දක්වා තිබේ.[7] කෘෂ්ණගේ කථාපුවත විස්තර කෙරෙන ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ ශ්‍රීමද් භගවතම්, මහාභාරතය, හරිවංසය, භගවත පුරාණය, සහ විෂ්ණු පුරාණයයි. කෘෂ්ණ පිළිබඳ වෘත්තාන්ත සහ උපාඛ්‍යාන සාමාන්‍යයෙන් කෘෂ්ණ ලීලා ලෙස හැඳින්වේ.

කෘෂ්ණ දේව වන්දනාව කෘෂ්ණ දෙවියන්ගේ ස්වරූපයෙන් හෝ වාසුදේව, බාල කෘෂ්ණ හෝ ගෝපාල් වැනි ස්වරූපවලින් වන්දනාවට සාක්ෂි ක්‍රි.පූ. 4වන සියවස තරම් මුල් කාලයෙන් හමුවේ.[8][9] ස්වයං භගවාන් ලෙස කෘෂ්ණ වන්දනාව හෝ කෘෂ්ණවාදය ලෙස කෘෂ්ණ පරම දේවතාවකු ලෙස වන්දනාමාන කිරීම මධ්‍යතන යුගයේ සිදුවූ අතර එය භක්ති ව්‍යාපාරය අනුව පෙනේ. ක්‍රි.ව. 10වන සියවසේ දී කෘෂ්ණ අභිවාහ්‍ය කලා සඳහා ජනප්‍රිය තේමාවක් බවට පත්වූ අතර, ප්‍රාදේශික ඇදහිලි සම්ප්‍රදායයන් ද වර්ධනය විය. මෙයට උදාහරණ ලෙස ඕඩිෂාවේ ජගන්නාථ, මහාරාෂ්ට්‍රයේ විථෝබ සහ රාජස්ථානයේ ශ්‍රීනාත්ජී වැනි උදාහරණ දැක්විය හැක. 1960 දශකයේ සිට කෘෂ්ණ වන්දනාව බටහිර ලෝකය සහ අප්‍රිකාව වෙත ව්‍යාප්ත වූයේ ප්‍රධාන වශයෙන්ම කෘෂ්ණ සවිඥානකතාව සඳහා අන්තර්ජාතික සංගමය (ISKCON) දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.[10] ක්‍රිෂ්ණ වන්දනාවේ ප්‍රධාන යෝජකයකු ලෙස ගෞඩියා මැත් සැලකේ.

ඇතැම් ආගමික විද්වතුන් කෘෂ්ණගේ උපන්දිනය ගණනයට උත්සාහ දරා ඇත. "වාසුදේව ගෝවින්ද කෘෂ්ණ ශෞරි" යන නාමයෙන් කෘෂ්ණ වර්තමානයේ ගිලීගොස් ඇති ද්වාරකා දිවයිනේ (ඉන්දියාවේ ගුජරාටයට නුදුරින්) ශූරසේනි සහ වෘෂ්ණි ගෝත්‍ර පාලනය කළේ යැයි විශ්වාස කරන ඇතැම්හු ඔහුගේ උපන්දිනය ක්‍රි.පූ. 3200 සහ 3100 අතර දිනයක් යැයි පවසති.[3]

මේවාත් බලන්න

  • ප්‍රද්‍යුම්න
  • අනිරුද්ධ
  • වජ්‍ර (අනිරුද්ධ රජුගේ පුත්)
  • දශාබතාර
  • චෝබිස් අවතාර්

ආශ්‍රේයයන්

ප්‍රභව

වැඩිදුර කියවීමට

බාහිර සබැඳි

සැකිල්ල:Caitanya sampradaya

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කෘෂ්ණ&oldid=591793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ