උණවටුන මහා විද්‍යාලය

උණවටුන ප්‍රදේශයේ ඇති රජයේ පාසලකි

උණවටුන මහා විද්‍යාලය (ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya, දෙමළ: உனவடுன மகா வித்தியாலயம்) උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රමුඛ රජයේ පාසලකි. වර්ෂ 1887[2]දී උණවටුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස ඇරඹි මෙම පාසල පසුව වර්ෂ 1962 දී උණවටුන මහා විද්‍යාලයය බවට පත්විය.[2]

උණවටුන මහා විද්‍යාලය
ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya
Address
Map
මහරඹ පාර,උණවටුන


ඛණ්ඩාංක06°01′14″N 80°14′58″E / 6.02056°N 80.24944°E / 6.02056; 80.24944 80°14′58″E / 6.02056°N 80.24944°E / 6.02056; 80.24944
තොරතුරු
Former nameඋණවටුන බෞද්ධ මිශ්‍ර පාසල
වර්ගය1AB
ආදර්ශ පාඨය"ආලෝකෝ උදපාදී"
(ආලෝකයෙන් අවිදු අදුර නැසීය)
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේසැප්තැම්බර් 17, 1893 (වසර 130 කට පෙර) (1893-09-17)
ආදිකර්තෘඑච්. ඩබ්ලිව්. අමරසූරිය
විදුහල්පතිහෙලරුවන් පීරිස්
කාර්ය මණ්ඩලය50
ශ්‍රේණි1 සිට අ.පො.ස උසස් පෙළ දක්වා
බාලක/බාලිකාමිශ්‍ර
Enrollment1000[1]
Languageසිංහල
වර්ණ(ය)            
පාසල් ගීතයසැරදේ අප මාතා
වෙබ් අඩවිය"නිල වෙබ් අඩවිය".

ඉතිහාසය

මෙම පාසල 1887 සැප්තැම්බර් 7 වන දින සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 4 දෙනෙකුගෙන් යුතුව උණවටුන සැන්ද්‍රාගේ වත්තේ තාවකාලික පොල් මඩුවක ආරම්භ කරන ලදී. පසුව,හෙන්රි වුඩ්වර්ඩ් අමරසුරිය මහතාගේ අනුග්‍රහය යටතේ, ඔහුගේ නිවස වන වර්තමානයේ උණවටුන ගුරු විද්‍යාලය පවතින ස්ථානයේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස පවත්වාගෙන යනු ලැබුවේ ය. 1962 මාර්තු 15 වන දින උණවටුන මහා විද්‍යාලය ලෙස රජයේ පාසලක් බවට පත්විය.[2]2004 දෙසැම්බර් 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පාසලේ නව ශාලා, පරිගණක විද්‍යාගාර සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අංග ගණනාවක් සෙනෙහස පදනමේ ආධාර මගින් ඉදි කරන ලදී.[3]

විදුහල්පතිවරුන්

පාසල ආරම්භයේ සිටම වසර 125 ක කලාව තුළ විදුහල්පතිවරුන් 21 දෙනෙකු විසින් පරිපාලනය කර ඇත.[4] ඔවුන් පිලිවෙලින්,

  • කේ.වී.පි.ඊ ද සිල්වා
  • ඩී.ඒ ජයතිලක
  • ජේ ද සිල්වා
  • ඩබ්ලිව්.එම් ප්‍රදිනන්දස්
  • එම්.ඩබ්ලිව් ගුණසේකර
  • ඩී.ඒ නාරන්ගොඩ
  • එච්.එම් ප්‍රනාන්දු
  • ආර්.ඩී කරෝලිස්
  • එල්.ජී.එස් වික්‍රමසිංහ
  • ඩබ්.ඒ කරුණාරත්න
  • ඩී.ජී.ජී ද සිල්වා
  • එම්.පී මැන්දිස්
  • ඩබ්ලිව්.කේ ධර්මරත්න
  • ජිනදාස
  • එම්.පී කෝරාල
  • දා.දු.න වීරකෝන්
  • ජයසේන අතපත්තු
  • ගුණසේන
  • නානායක්කාර
  • පී.පී.කේ දයාරත්න අමරසේකර
  • ඊ.ඒ ගාමිණි ශාන්ත කුමාර
  • හෙළරුවන් පීරිස්

පාසල් ගීතය

උණවටුන මහා විද්‍යාලයීය පාසල් ගීතය
ඉංග්‍රීසි: School Song of Unawatuna Maha Vidyalaya

සැරදේ අප මාතා අප විදුහල් මාතා
පිංකෙත වැනි වු සිසු කැල
ජයබිම වෙත ගෙනයන මාතා ...

වීනිතකම් දස්කම් එඩිතරකම් සැමහට නිති සදනා
සමාජසේවය එකමුතුකම් ඈගුණදම් වඩවමිනා ...

ඔබ අපහට නිති ඔවදන් දෙන්නේ ඔබමය අප මාතා
ඉගෙනුම අවසන් කල ඔබ දරු කැල ඔබගුණ නිති සමරා

කිතුගොස පතුරා ජය දද නංවා පෙරටම යමු නිතිනා
දින දින දියුණුව වෙත පා නගලා මවුනි සදා සැරදේ // ... ...

අධ්‍යාපනය

උණවටුන මහා විද්‍යාලයේ මේ වනවිට මෙම විශයයන් උගන්වයි.

අංශයවිෂයයන්
ප්‍රාථමික

(1-5 ශ්‍රේණි)

  • සිංහල
  • ඉංග්‍රිසි
  • දෙමළ
  • පරිසරය
  • ගණිතය
  • ආගම
ද්විතියික

(6-9 ශ්‍රේණි)

  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු තාක්ෂණය
  • ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
  • චිත්‍ර
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සංගීතය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • කෘෂි විද්‍යාව
සාමාන්‍ය පෙළ

(10 - 11 ශ්‍රේණි)

  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • චිත්‍ර කලාව
  • නර්තනය
  • නාට්‍ය හා රංග කලාව
  • සංගීතය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • ගිණුම්කරණය
  • කෘෂි විද්‍යාව
උසස් පෙළ විද්‍යා
උසස් පෙළ වාණිජ
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගණකාධිකරණය
  • ආර්ථික විද්‍යාව
උසස් පෙළ කලා
  • සිංහල
  • ආර්ථික විද්‍යාව
  • චිත්‍ර කලාව
  • දේශපාලන විද්‍යාව
  • බෞද්ධ ශිෂ්ඨාචාරය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • භූගෝල විද්‍යාව

දක්ෂතා

පාසලේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අතර බාලදක්ෂ කණ්ඩායම හා පරිසර නියමු කණ්ඩායම වැදගත් වේ.පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. සංගීත, චිත්‍ර, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන් මෙහි පවතින අතර සමස්ථ ලංකා, පලාත් ඇතුළු ජයග්‍රහණය රැසක් සෞන්දර්ය ඒකකය දිනාගෙන ඇත.[5]

ක්‍රීඩා

නිවාසාන්තර ක්‍රීඩා උලෙල වාර්ෂිකව පහත නිවාස යටතේ පැවැත්වේ.

  • ගැමුණු නිවාසය     
  • තිස්ස නිවාසය     
  • පැරකුම් නිවාස     

දැක්ම සහ මෙහෙවර

දැක්ම

රසඥතාවයෙන් යුකු සංස්කෘතිය පවරා දෙන විනයගරුක සාමකාමී අනාගත පරපුරක් බිහිකිරීම.[2]

මෙහෙවර

දැනුම, කුසලතා,ආකල්පවලින් හෙබි,සදාචාර සම්පන්න, ගුණගරුක, නවලොවට ගැලපෙන, නිර්මාණශීලි, පරිසරයට ආදරය කරන, ඉතිහාසයෙන් වර්තමානය ගොඩනගා ගන්නා පිරිපුන් දරු කැලක් බිහිකිරීම.[2]

ප්‍රසිද්ධ ආදී සිසුන්

මූලාශ්‍ර

මේවාත් බලන්න

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ