පුරාතන ඊජිප්තුවේ රාජවංශයසැකිල්ල:SHORTDESC:පුරාතන ඊජිප්තුවේ රාජවංශය
ඊජිප්තුවේ දෙවන රාජවංශය
|
---|
|
![ඛාසෙඛෙම්විගේ ප්‍රතිමාවක්, ඈෂ්මෝලියානු කෞතුකාගාරය](//upload.wikimedia.org/wikipedia/commons/thumb/3/33/Khasekhemwy_statue_Ashmolean.JPG/250px-Khasekhemwy_statue_Ashmolean.JPG) |
අගනුවර | තිනිස් |
---|
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව |
---|
ආගම | පුරාතන ඊජිප්තු ආගම |
---|
රජය | පරම රාජාණ්ඩුව |
---|
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය |
---|
|
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 2890 පමණ |
---|
• අහෝසි කළේ | ක්‍රි.පූ. 2686 පමණ |
---|
|
පූර්වප්‍රාප්ති වනුයේ | අනුප්‍රාප්ති වනුයේ | | ඊජිප්තුවේ තෙවන රාජවංශය | ![](//upload.wikimedia.org/wikipedia/commons/d/d2/Blank.png) |
|
|
පුරාතන ඊජිප්තුවේ දෙවන රාජවංශය (හෙවත් රාජවංශය II, ක්‍රි.පූ. 2890 පමණ - ක්‍රි.පූ. 2686 පමණ[1]) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පෞරාණික යුගයේ පැවති රාජවංශ ද්විත්වය අතුරින් දෙවැන්නයි. මෙකල රජයේ සිහසුන තිනිස් වටා කේන්ද්‍රගත විණි. මෙහි අවසන් පාලකයා වූ ඛාසෙඛෙම්වි දක්වා කාලය තුළ මෙම යුගය පුරාතන ඊජිප්තු ඉතිහාසයේ අප්‍රකටම කාල පරිච්ඡේදවලින් එකක් ලෙස සැලකේ.
මෙම රාජවංශය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක අල්ප වුව ද, පළමු සහ තෙවන රාජවංශ හා සැසඳීමේ දී, දෙවන රාජවංශ සමය තුළ වැදගත් ආයතනික සහ ආර්ථික සංවර්ධනයන් සිදුව ඇති බව පෙනේ.[2][3]
පාලකයින්
දෙවන රාජවංශයේ සැබෑ පාලකයින්ගේ නම් මතභේදයට තුඩු දී ඇත. මෙහි පළමු පාරාවෝවරුන් පස්දෙනා සඳහා සාක්ෂි මත සාධාරණ එකඟත්වයකට පැමිණ ඇත. ඊජිප්තු ඉතිහාසයේ මෙම රාජවංශයේ හඳුනාගත් පාලකයින් පහත දැක්වේ:
කෙසේනමුත්, අනතුරුව පැමිණි පාලකයින් දෙදෙනා හෝ තිදෙනාගේ අනන්‍යතාව අපැහැදිළි ය. ඇතැම්විට මේ ඔවුන්ගේ හොරස් නාමය හෝ නෙබ්ටි නාමය විය හැකි අතර නැතහොත් ඔවුන්ගේ උපන් නාමයන් විය හැක. මොවුන් වෙන් වෙන් පුද්ගලයින් හෝ ජනප්රවාදගත පාලකයින් ද යන්න පැහැදිළිව නොදනී. පහත වම්පස දැක්වෙන්නේ බොහෝ ඊජිප්තුවේදීන් විසින් මෙම රාජවංශයට අයත් යැයි සලකන පාලකයින් ය. දකුණු පසින් මැනතෝගේ ඊජිප්ටිකා ග්‍රන්ථයේ සඳහන් නම් දැක්වේ:
යෝජිත පාලකයා | මැනතෝගේ ලැයිස්තුව |
---|
සෙත්-පෙරිබ්සෙන් | කායිරෙස් |
| නෙප්හෙර්ඛෙරෙස් |
සෙඛෙමිබ්-පෙරෙන්මාට් | සෙසෝඛ්රිස් |
මෙහි අවසන් පාලකයා පිළිබඳ පහත පරිදි එකඟතාවයකට පැමිණිය හැක:
මැනතෝ විසින් මෙම රාජවංශයේ අගනුවර පළමු රාජවංශයේ අගනුවර වූ තිනිස්ම බව සඳහන් කළ ද, අවම වශයෙන් පළමු රජුන් තිදෙනාව සකාරාහි භූමදානය කොට ඇති හෙයින්, බලය මෙම්ෆිස්හි කේන්ද්‍රගතව තිබූ බව පෙනේ. මේ අනුව, මෙම යුගයේ සිදුවීම පිළිබඳ අල්ප වූ තොරතුරු සංඛ්‍යාවක් පැලර්මෝ පාෂාණයේ වාර්ෂික සටහන් අනුව පැවසිය හැක. මෙහි දැක්වෙන්නේ නෙබ්රාගේ රාජ්‍ය සමයේ අවසන් කාලයත් සහ නයිනෙට්ජෙර්ගේ රාජ්‍ය සමයේ ඇතැම් අවස්ථා පිළිබඳ ය. ඛාසෙඛෙම්වි රාජ්‍ය සමයේ එක් වැදගත් සිදුවීමක් පමණක් සිදුව ඇත. ඊජිප්තුවේදීහු ඔහුගේ නාමය වන ඛාසෙඛෙම්වි යන්න "ද්විත්ව බලයන්ගේ පිබිදීම" ලෙස අරුත් පහදති. මෙමගින් ඇතැම්විට ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඒකාබද්ධභාවය සංකේතවත් වනවා වන්නට හැක.
මූලාශ්‍ර
පූර්වප්‍රාප්තිකයා පළමු රාජවංශය | ඊජිප්තුවේ රාජවංශය ක්‍රි.පූ. 2890 – ක්‍රි.පූ. 2686 පමණ | අනුප්‍රාප්තික තෙවන රාජවංශය |