ඊජිප්තුවෙහි දහඅටවන රාජවංශය

පුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශය (රාජවංශය XVIII)[1] (ක්‍රි.පූ. 1543–1292 පමණ) යනු වඩාත් ප්‍රකටම පුරාතන ඊජිප්තු රාජවංශයයි. මෙම රාජවංශය ඊජිප්කුවේ ප්‍රසිද්ධම පාරාවෝවරුන්ගෙන් සමන්විත වේ. ඒ අතරට 1922 දී හොවාඩ් කාටර් විසින් සොහොන්ගැබ සොයාගනු ලැබූ තුතන්ඛාමුන් ද අයත් වේ. මෙම රාජවංශය තුත්මෝසිස් (ඉංග්‍රීසි:තොත් ඔහුව දරාසිටියේ ය) නැමැති පාරාවෝවරුන් සිව්දෙනකු විසින් රජකම් කළ නිසා තුත්මෝසීය රාජවංශය ලෙස ද හඳුන්වයි.

ඊජිප්තුවේ දහඅටවන රාජවංශය
ක්‍රි.පූ. 1549/1550–ක්‍රි.පූ. 1292
ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ
ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ
අගනුවරතීබ්ස්, අමර්ණ
පොදු භාෂාවන්ඊජිප්තු භාෂාව
ආගම
පුරාතන ඊජිප්තු ආගම
රජයපරම රාජාණ්ඩුව
ඓතිහාසික යුගයලෝකඩ යුගය
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 1549/1550
• අහෝසි කළේ
ක්‍රි.පූ. 1292
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ඊජිප්තුවේ පහළොස්වන රාජවංශය
ඊජිප්තුවේ දාහත්වන රාජවංශය
ඊජිප්තුවේ දහනවවන රාජවංශය

XVIIIවන රාජවංශයේ රාජ්‍ය විචාළ ප්‍රකට පාරාවෝවරුන් අතර, දේශීය රාජවංශයක වැඩිම කාලයක් රජකම් කළ පාරාවෝවරිය වූ හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1479–1458 පමණ), සහ "අන්‍යලබ්ධික පාරාවෝ" අක්නා‍ටෙන් (ක්‍රි.පූ. 1353–1336 පමණ) සහ ඔහුගේ රැජින වූ, නෙෆර්ටිටි ද වේ.

රාජවංශය XVIII, ඊජිප්තු නව රාජධානියේ බිහි වූ රාජවංශ ත්‍රිත්වය අතරින් පළමුවැන්න ද වේ. මෙකල ඊජිප්තුව බලය අතින් එහි උච්චස්ථානයට පත් විය.

කාලනිර්ණය

විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව XVIIIවන රාජවංශය ඇරඹී ඇත්තේ දැනට පිළිගැනෙන දිනය වන ක්‍රි.පූ. 1550ට වර්ෂ කිහිපයකට පෙරයි. විකිරණශීලී කාබන් දිනැයුම අනුව මෙහි ඇරඹුම ක්‍රි.පූ. 1570–1544 අතරට අයත් වන අතර, මෙහි මධ්‍යනය වර්ෂය ක්‍රි.පූ. 1557 ලෙස ගැනේ.[2]

XVIIIවන රාජවංශයේ පාරාවෝවරු

XVIIIවන රාජවංශයේ පාරාවෝවරුන් ආසන්න වශයෙන් වසර දෙසිය පනහක් පමණ (ක්‍රි.පූ. 1550–1298 පමණ) රාජ්‍ය පාලනය කර ඇත. පහත වගුවේ දැක්වෙන කාලයන් සහ නාමයන් ඩොඩ්සන් සහ හිල්ටන්ගෙන් උපුටා ගැනුණකි.[3] බොහොමයක් පාරාවෝවරුන් මළ පසු ඔවුන් තීබ්ස්හි රජුන්ගේ නිම්නයේ (KV ලෙස අංකිත) භූමදාන කොට ඇත. මෙහි සවිස්තරාත්මක තොරතුරු තීබන් සිතියම්කරණ ව්‍යාපෘති වෙබ් අඩවියෙන් ලබාගත හැක.[4] නව රාජධානි සමයේ දී සිදු වූ රාජතාන්ත්‍රික විවාහයන් කිහිපයක් පිළිබඳ වාර්තා වේ. කීලාක්ෂර ලේඛනවල පමණක් සඳහන් වන මෙම තොරතුරු වෙනත් මූලාශ්‍රවල හමු නොවේ. මෙම විවාහ රාජ්‍යයන් අතර යහපත් සබඳතා පවත්වා ගැනීමේ ක්‍රමයක් ලෙස සැලකේ.[5]

XVIIIවන රාජවංශයේ පාරාවෝවරු
පාරාවෝවරයාසිහසුන් නාමයරාජ්‍ය සමය (ක්‍රි.පූ.)භූමදානයවල්ලභ(යන්)
Iවන අහ්මෝස්නෙබ්පෙහ්ටිරේක්‍රි.පූ. 1549–1524අහ්මෝස්-නෙෆටාරි
අහ්මෝස්-හෙනුට්ටමෙහු
අහ්මෝස්-සිට්කාමෝස්
Iවන අමෙන්හොටෙප්ඩ්ජෙසර්කරේක්‍රි.පූ. 1524–1503KV39? හෝ ANB සොහොන්ගැබ?අහ්මෝස්-මෙරිටාමොන්
Iවන තුත්මෝස්අන්ඛෙපර්කරේක්‍රි.පූ. 1503–1493KV20, KV38අහ්මෝස්
මුට්නොෆ්‍රෙට්
IIවන තුත්මෝස්අඛෙපෙරෙ‍න්රේක්‍රි.පූ. 1493–1479KV42?හට්ෂෙප්සුට්
ඉසෙට්
හට්ෂෙප්සුට්මාට්කාරේක්‍රි.පූ. 1479–1458KV20IIවන තුත්මෝස්
IIIවන තුත්මෝස්මෙන්ඛෙපෙර්(එන්)රෙක්‍රි.පූ. 1479–1425KV34සාටියාහ්
මෙරිට්‍රේ-හට්ෂෙප්සුට්
නෙබ්ටු
මෙන්හෙට්, මෙන්වි සහ මෙර්ටි
IIවන අමෙන්හොටෙප්අඛෙපෙරුරේක්‍රි.පූ. 1425–1398KV35ටියා
IVවන තුත්මෝස්මෙන්ඛෙපෙරුරේක්‍රි.පූ. 1398–1388KV43නෙෆටාරි
ඉයාරෙට්
මුටෙම්වියා
මිටානිහි පළමුවන අර්ටටාමාගේ දියණිය
IIIවන අමෙන්හොටෙප්නෙබ්මාර්ට්‍රේක්‍රි.පූ. 1388–1350KV22ටියේ
මිටානිහි ගිලුඛිපා
මිටානිහි ටඩුක්හිපා
සිටාමුන්
ඉසෙට්
බැබිලෝනියාවේ Iවන කුරිගල්සුගේ දියණිය.[5]
බැබිලෝනියාවේ කදාෂ්මන්-එන්ලිල්ගේ දියණිය.[5]
අර්සාවාහි ටාර්හුන්ඩරාඩුගේ දියණිය.[5]
ඇමියාහි පාලකයාගේ දියණිය[5]
IVවන අමෙන්හොටෙප්/අක්නාටෙන්නෙෆර්කෙෆෙරුරේ-වේන්රේක්‍රි.පූ. 1351–1334අක්නාටෙන්ගේ රාජකීය සොහොනනෙෆර්ටිටි
කියා
මිටානිහි ටඩුක්හිපා
එනිසාසිහි පාලකයා වූ සාටියාගේ දියණිය [5]
මෙරිටාටෙන්?
මෙකෙටාටෙන්?
අක්ඛෙසෙනමුන්
බැබිලෝනියාවේ රජු වූ IIවන බුර්නා-බුරියාෂ්ගේ දියණිය[5]
ස්මෙන්ඛ්කරේඅන්ඛ්ඛෙපෙරුරේක්‍රි.පූ. 1335–1334මෙරිටාටෙන්
නෙෆර්නෙෆරුආටෙන්අන්ඛ්ඛෙපෙරුරේක්‍රි.පූ. 1334–1332අක්නාටෙන්?
ස්මෙන්ඛ්කරේ?
තුතන්ඛාමුන්නෙබ්ඛෙපෙරුරේක්‍රි.පූ. 1332–1323KV62අන්ඛෙසෙනමුන්
ආයිඛෙපර්ඛෙපරුරේක්‍රි.පූ. 1323–1319KV23අන්ඛෙසෙනමුන්
ටෙයි
හොරෙම්හෙබ්ඩ්ජෙසෙර්ඛෙපෙරුරේ-සෙටෙපෙන්රේක්‍රි.පූ. 1319–1292KV57මුට්නෙජ්මෙට්
අමේනියා

මුල්කාලීන XVIIIවන රාජවංශය

මුල්කාලීන දහ අටවන රාජවංශයේ රජකුගේ ශීර්ෂ මූර්තියක්, ක්‍රි.පූ. 1539-1493 පමණ,37.38E, බෲක්ලින් කෞතුකාගාරය.

XVIIIවන රාජවංශය පිහිටුවන ලද්දේ, Iවන අහ්මෝස් විසිනි. ඔහු XVIIවන රාජවංශයේ අවසාන පාලකයා වූ කාමොස්ගේ පුත්‍රයා හෝ සොහොයුරකු ලෙස සැලකේ. අහ්මෝස් හික්සොස් පාලකයින්ට එරෙහි යුධ ව්‍යාපාරය අවසන් කළේ ය. ඔහුගේ සමය දෙවන අන්තර්මධ්‍ය යුගයේ සහ නව රාජධානි යුගයේ ආරම්භය ලෙස සැලකේ. අහ්මෝස්ගෙන් පසු ඔහුගේ පුත් Iවන අමෙන්හොටෙප් සිහසුනට පත් වූ අතර, ඔහුගේ සමයේ එතරම් වැදගත් සිදුවීම් වාර්තා නොවේ.[6]

Iවන අමෙන්හොටෙප්ට ඔහුගෙන් පසු සිහසුනට පුරුෂ අනුප්‍රාප්තිකයකු නොවී ය. ඊළඟ පාරාවෝවරයා වූ Iවන තුත්මෝස් විවාහයක් මගින් රාජකීය පවුලට සම්බන්ධ වූවකු යැයි සිතිය හැක. ඔහුගේ රාජ්‍ය සමයේ දී ඊජිප්තු අධිරාජ්‍යයේ දේශ සීමා වඩා පුළුල් වූ අතර, එය උතුරින් යුප්‍රටීස්හි කර්චෙමිෂ් දක්වාත්, දකුණින් සිව්වන මහා ඇල්ලෙන් එහා කුර්ගුස් දක්වාත් ව්‍යාප්ත විය. Iවන තුත්මෝස්ගෙන් පසු IIවන තුත්මෝස් සහ ඔහුගේ බිරිය වූ හට්ෂෙප්සුට් රැජින රාජ්‍යත්වයට පත් විය. ඇය Iවන තුත්මෝස්ගේ දියණිය වූ අතර, ඇය සිට සැමියාගේ මරණින් පසු පාරාවෝවරිය බවට පත්ව සිය සුළුපුත්‍රයා ලාබාල අවධියේ වසර විස්සක් රාජ්‍ය විචාළා ය. ඇගේ සුළු පුත්‍රයා පසුව IIIවන තුත්මෝස් පාරාවෝවරයා බවට පත් විය.

IIIවන තුත්මෝස් මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම රණකාමී පාරාවෝවරයා ලෙස සැලකෙන අතර, ඔහු දිගු කාලයක් රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඔහු සිය මහලු සමයේ දී සිය පුතු වූ IIවන අමෙන්හොටෙප් සමග චෙවන සම-රාජ්‍යාධිකාරී පාලනයක් ගෙනගියේ ය. IIවන අමෙන්හොටෙප්ගෙන් පසු IVවන තුත්මෝස් ද, ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIIවන අමෙන්හොටෙප් ද රාජ්‍ය පාලනය සිදුකළේ ය. IIIවන අමෙන්හොටෙප්‍ගේ සමය මෙම රාජවංශයේ උච්චස්ථානය ලෙස සැලකෙයි. IIIවන අමෙන්හොටෙප් විශාල ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සිදුකළ අතර, ඒවා ප්‍රමාණය අතින් සැසඳිය හැක්කේ දහනවවන රාජවංශයේ IIවන රැම්සෙස් රජුගේ නිර්මාණ සමග පමණි.[7]

අක්නාටෙන්, අමර්ණ යුගය සහ තුතන්ඛාමුන්

IIIවන අමෙන්හොටෙප් වසර 12කට අධික කාලයක් ඔහුගේ පුතු වූ IVවන අමෙන්හොටෙප් (පසුකලෙක අක්නාටෙන් ලෙස සිය නාමය වෙනස් කරගත්) සමග හවුල් පාලනයක් ගෙනයන්නට ඇත. නමුත් මෙම යෝජිත හවුල් පාලනය පිළිබඳ නොයෙකුත් වාද විවාද ඇත. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ එය දීර්ඝ හවුල්-පාලන සමයක් බව වුවත්, සෙස්සෝ එය කෙටිකාලීන පාලනයක් බව පවසති. එසේම මෙවැනි හවුල් පාලනයක් එහි නොපැවති බව පවසන විද්වත්හු ද වෙති.

සිය පහලොස්වන රාජ්‍ය වර්ෂයේ දී IVවන අමෙන්හොටෙප් සිය නාමය අක්නාටෙන් ලෙස වෙනස් කරගත් අතර, සිය අගනුවර අමර්ණ වෙත ගෙනයන ලදී. අක්නාටෙන් රාජ්‍ය සමයේ ආටෙන්—හිරුමඬල—පළමුවරට ප්‍රමුඛ දෙවියා බවට පත් වූ අතර, ක්‍රමයෙන් ආටෙන් එකම දෙවියා ලෙස සැලකිණි.[8] මෙය සත්‍ය ඒක දේවවාදයක් බවට විද්වතුන් අතර වාදවිවාද ඇත. නමුත් ඇතැමුන් පවසන්නේ ඔහු විසින් ප්‍රමුඛ සූර්ය වන්දනාව ප්‍රචලිත කළ බවත්, ඔහු සෙසු සම්ප්‍රදායික දෙවිවරුන් ඇදහීම සම්පූර්ණයෙන් අත්නොහළ බවත් ය.

පසුකාලීන ඊජිප්තුවාසීන් මෙම අමර්ණ යුගය අවාසනාවන්ත මුලාවක් ලෙස හඳුන්වන ලදී. අක්නාටෙන්ගේ මරණින් පසු වූ සිදුවීම් පැහැදිළි නැත. ඉන්පසු රාජ්‍යත්වයට පත් වූයේ යැයි පැවසෙන ස්මෙන්ඛරේ සහ නෙෆර්නෙෆරුආටෙන් නැමැති තනි පුද්ගලයන් දෙදෙනා පිළිබඳ සොයාගෙන ඇති මුත්, ඉතිහාසයේ ඔවුනට හිමි ස්ථානය විවාදයට තුඩු දී ඇත. අනතුරුව තුතන්ඛාමුන් රාජ්‍යත්වයට පත් වූ නමුත්, ඔහු තරුණ වියේදී ම මියගියේ ය.[9]

ආයි සහ හොරෙම්හෙබ්

ආයිගේ ශෛලමය ප්‍රතිමාවක්, ක්‍රි.පූ. 1336-1327 පමණ. 66.174.1, බෲක්ලින් කෞතුකාගාරය.

දහඅටවන රාජවංශයේ අවසාන පාලකයින් දෙදෙනා—ආයි සහ හොරෙම්හෙබ්—රාජමාලිගයේ නිලධාරීන් අතරින් ඉස්මතු වූවන් ය. ඇතැම්විට ආයි බලය ලබාගැනීමට තුතන්ඛාමුන්ගේ වැන්දඹුව විවාහ කරගන්නට ඇත. නමුත් ඇය වැඩිකලක් ජීවත් වී නැත. ආයිගේ පාලන සමය කෙටි ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ හොරෙම්හෙබ් තුතන්ඛාමුන්ගේ සෙන්පතියකු වූ අතර, දරුවන් නොමැති පාරවෝවරයා ඔහුව සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නට ඇත.[9] සමහරවිට කුමන්ත්‍රණයක් මගින් ආයිගෙන් සිහසුන පැහැරගන්නට ඇත. ඔහු ද දරුවන් නොමැතිව මියගිය අතර, ක්‍රි.පූ. 1292දී බලයට පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ Iවන රැම්සෙස්, දහනවවන රාජවංශයේ පළමු පාරාවෝවරයා ලෙස සැලකෙයි.

මෙම දකුණුපසින් දැක්වෙන උදාහරණය අමුන්ගේ දෙවන වක්තෘවරයා ලෙසත්, තීබ්ස්හි මුට් දෙවඟනගේ ප්‍රධාන පූජකවරයා ලෙසත් ආගමික බලතල ඉසිලූ ආයි නැමැති මිනිසකුගේ එකකි. ඔහු තුතන්ඛාමුන් සමයේ ප්‍රතිමාව ඉදිකරන කාලයේ සේවය කොට ඇත. ආයි රජුගේ කාටූෂ් මුදුවල ප්‍රතිමාවේ නිරූපිත තුතන්ඛාමුන්ගේ අනුප්‍රාප්තිකයාගේ රුව කලාශිල්පියකු විසින් ප්‍රතිමාව "නවීකරණයට" ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.[10]

XVIIIවන රාජවංශයේ කාලරේඛාව

හොරෙම්හෙබ්ආයිතුතන්ඛාමුන්නෙෆර්නෙෆරුආටෙන්ස්මෙන්ඛ්කරේඅක්නාටෙන්ටියේIIIවන අමෙන්හොටෙප්IVවන තුත්මෝස්IIවන අමෙන්හොටෙප්IIIවන තුත්මෝස්හට්ෂෙප්සුට්IIවන තුත්මෝස්Iවන තුත්මෝස්Iවන අමෙන්හොටෙප්Iවන අහ්මෝස්

පින්තූර ගැලරිය

මේවාත් බලන්න

මූලාශ්‍ර

ග්‍රන්ථ නාමාවලිය

බාහිර සබැඳි

පූර්වප්‍රාප්තිකයා
දාහත්වන රාජවංශය
ඊජිප්තුවේ රාජවංශය
ක්‍රි.පූ. 1549–1292
අනුප්‍රාප්තික
දහනවවන රාජවංශය
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ