ඉසිපතන විදුහල

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාතික පාසලකි

6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917

ඉසිපතන විද්‍යාලය
Location
Map

තොරතුරු
වර්ගයපොදු - ජනප්‍රිය පාසලකි.
ආදර්ශ පාඨයදළ්හං පග්ගණ්හ විරියං ෴
(අදිටනින් වෙර වඩමු!)
ආරම්භ කලේ1952 පෙබරවාරි 02
ආදිකර්තෘබී.ඒ.කුරුප්පු මයා.
විදුහල්පතිඔෂාර පණ්ඩිතරත්න
ශ්‍රේණි1 - 13 වසර දක්වා
බාලක/බාලිකාපිරිමි
Age6 to 19
වර්ණ(ය)තද කොළ, ලා කොළ            
වෙබ් අඩවියwww.isipathanacollege.lk

ඉසිපතන විදුහල ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරයේ (කොළඹ ) පිහිටි ජනප්‍රිය පාසල් අතරින් එකකි.

ඉසිපතන විදුහල හා එහි ඇරඹුම - ඉතිහාසය

වර්ෂ 1952 දී (Greenlands) (ග්‍රීන්ලන්ඩ්ස්) යන නාමයෙන් ඇරඹි ඉසිපතන විදුහල පසුව "ඉසිපතන විදුහල" ලෙසට වෙනස් කෙරිණ. එමෙන්ම අද වනවිට එය සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන අතළොස්සක් වූ පාසල් අතර කේන්ද්‍රස්තානයකි. බී.ඒ.කුරුප්පු මහතා එහි ආරම්භක විදුහල්පතිවරයා වූ අතර පාසල් ලාංඡනය හ නිවාස ඇති කිරීමද ඔහු අතින් සිදුවිය. හාරදහසකට අධික සිසු කැලකට සිප් සතර ලබදෙන 200 කට ආසන්න ආචර්ය්‍ය මඩුල්ලකින් යුත් පාසලෙහි අධ්‍යපන පසුබිම, ලාංකීය පාසල් අධ්‍යපනයෙහි ඉසිපතන ලකුණ නිරතුරු ඔපවත් කර ඇත.

වර්තමානය

ඉසිපතන යන්න බෞද්ධාගමික පසුබිමකින් බිඳී ආ නාමයකි. "සෘෂි වරුන්ගෙන් ගහණ වූ භූමිය" යන්න එහි අරුතයි. පෙරදවස එය බරණැස් පුර පිහිටි අහිංසක මුව පොව්වන්ගෙන් ගැවසීගත් බිමකි. ශාන්ත පරිසරයකින් හෙබි උයනකි. බුදු රදුන් වැඩ හුන් පුණ්‍ය භූමියකි.

මුලින් සඳහන් කළ පරිදි ඉසිපතනය අද වනවිට දහස් සංඛ්‍යත සිසු දරු කැලකට අධ්‍යපනය ලබදෙන තෝතැන්නකි. අසමසම තක්සලාවකි. පාසල තුල ඔවුහු මුව පැටවුන් සේ ලෝකය පිලිබඳ උගනිති. සිප් සතර හදාරති. පාසලින් පිටස්තර ලෝකයට බිහිකරනුයේ ගුණ-නැණ පිරි මිනිසත්කමින් සපිරි මිනිස් පරපුරකි. ඔවුහු ලෝකයට සැබෑ සෘෂිවරු වෙත්.

නිවාස

කුරුප්පු විදුහල්පතිතුමන්ගේ අදහසක් මත ආරම්භයේ පටන්ම පාසල තුල ක්‍රීඩා නිවාස හතරක් ක්‍රියාත්මක වේ. ලෝ ප්‍රකට කවීන් සතර දෙනෙකුගේ නම් ඒ සඳහා භාවිතා කර ඇත. සියලු ජාතීන් කෙරේ පාසල දක්වන සමානාත්මතාවද ඉන් අදහස් කෙරේ.

රාහුල      කහ
මිල්ටන්      නිල්
තාගෝර්      රතු
ඉක්බාල්      කොළ

ගෞරව සම්මාන

=== ශිෂ්‍යත්ව සහ ත්‍යාග =ඉසිපතන විදුහලෙ ශිශෙත්වය දෙස බ

පාසල් ගීතය

සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා...

බරණැස ඉසිපතනේ මිගදා
මුණිඳුන් දෙසු ඒ දහම් එදා
පෙරදැරි කොට ගුණ-නැණ විහිදා
පෙරමුණ ගනිමූ ලක් පොලවේ

සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... //

විදු පහනින් මොහඳුර දුරලා
අත සිත ගත වත ඔප දමලා
දෙස බස රැස රැකුමට පේවී
වීර පුතුන් වෙමු ලක් පොලවේ

සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... //

සැරදේ.! සැරදේ..!! සැරදේ...!!!

ඉසිපතනය සැරදේ.!

ක්‍රීඩා ඉසව්

ඉසිපතන අහිමානය - රගර්

ඉසිපතනය කී පමණින් රගර් - රගර් කී පමණින් ඉසිපතනය...... එපමණටම ඉසිපතනය හා රගර් යනු එකට බැඳී පවතින්නක්.

රගර් තරම් ඉසිපතන සිසුන්ගේ රුධිරය දක්වා කිඳා බැස අති ක්‍රීඩාවක් ඔවුනට නැති තරම්ය . ඉඳහිටක නොවන්නට දශක ගණනාවක පටන් ඔවුහු පාසල් රගර් කිරුළ සියතින් ගිලිහී යන්නට නොදෙති. ඉසිපතනුවන්ගේ අභිමානය එයයි.

තර්ස්ටන් - ඉසිපතන මහා ක්‍රිකට් තරගය

බොහෝ ජනප්‍රිය පාසල් වල මෙන්ම ඉසිපතන සිසුන්ගේද ප්‍රීතිමත්ම සමය "තර්ස්ටන්-ඉසිපතන" ක්‍රිකට් ගැටුම පවතින සමයයි. තර්ස්ටන් විදුහල සමඟ දෙදින ටෙස්ට් ක්‍රිකට් තරඟයක් එක් දින ඕවර 50 තරඟයක් හා පන්දු වාර 20 20 තරඟයක් මීට අතුලත් වේ. ඉසිපතන මෑණියන් ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට බිහිකළ ක්‍රීඩකයන් ගනනද සුළු පටු නොවේ. (මතකයේ රැඳි සිසුන් කොටස බලන්න.)

සමිති, සංගම් සහ ඒකක

පාසල් සඟරා

ශිෂ්‍ය භට කණ්ඩය

ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩය

විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු

ප්‍රධානාචාර්යවරු

ශිෂ්‍ය නායක ක්‍රියකාරීත්වය

"ශිෂ්‍ය නායක සංසදය" යනු ඉසිපතනය තුල තවත් එක් වඩාත් ක්‍රියාකාරී ඒකකයකි.
ශිෂ්‍ය නායක වගකීම් අතර පහත කරුණු මූලික කර දැක්විය හැක.

1. ප්‍රධාන ලෙසම ශිෂ්‍ය විනය සීමා ආරක්ෂා කිරීම.
2. උදෑසන පාසල තුලට ඇතුල් වන සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම හා නිළ ඇඳුම් ක්‍රමවත්දැයි පිරික්සීම.
3. උදෑසන පාසල තුල සහ පන්ති තුල පිරිසිදු කිරීම් නිරීක්ෂනය.
4. පාසල් ප්‍රධාන රැස්වීම් හා සෙසු රැස්වීම් තුල ශිෂ්‍ය පාලනය.
5. ගුරු රස්වීම් පවතින කාලය තුල පාසල තුල විනයානුකූල නිහඬභාවය රැකීම.
6. ශිෂ්‍යයින්ට විවිධාකර කටයුතු වලදී උපකාර කිරීම.
7. ශිෂ්‍ය පරිපාලනයේදී ආචර්ය්‍ය මණ්ඩලයට සහාය වීම.
8. නිවාසාන්තර ක්‍රීඩා උලෙළ හා අනෙකුත් එවන් කටයුතු වලදී සවිධායක කටයුතු හැසිරවීම.
9. ශිෂ්‍යයින් හා ගුරුවරු අතර සහ සම්බන්ධය ඇතිකිරීම.
10.ශිෂ්‍යයින් තුල නායකත්ව කුසලතා වර්ධනය කිරීම හා පූර්වාදර්ශ සැපයීම.

මේ හැරුණු කොට ශිෂ්‍ය නායකයකු පිරිසිදු ඇඳුම් (සුදු කලිසම හා පාසල් ලාංජනය මසා ඇති සුදු කමිසය ) හැඳ දිස්නයෙන් යුත් පිරිසිදු සපත්තු (කලු වර්ණ ) පැළඳ සෑම විටම ප්‍රසන්න ලෙස තමුනට අදාළ ඕනෑම කටයුත්තකට සූදානමින් සිටිය යුතුය. ශිෂ්‍ය නායකයා සෑම විටම ආදර්ශමත් විය යුතුය.

වටපිටාව

ගැලරිය

සාහිත්‍යය තුළ ඉසිපතන විද්‍යාලය

තොරතුරු

සබැඳි ලිපි

පොත්පත්

ආශ්‍රිත

බාහිර ආශ්‍රිත වෙබ් අඩවි

වෙනත් යොමු සහ මූලාශ්‍ර



"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඉසිපතන_විදුහල&oldid=658647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ