ඇමසෝන් වැසි වනාන්තරය

ඇමසෝනියා හෝ ඇමසෝන් වනය ලෙසින්ද හැඳින්වෙන, ඇමසෝන් වැසි වනාන්තරය [lower-alpha 1] යනු, දකුණු ඇමරිකාවෙහි ඇමසෝන් ද්‍රෝණියෙහි බොහෝ පෙදෙසක් පුරා පැතිර ඇති ඇමසෝන් පරිසර පෙදෙසෙහි පිහිටි තෙත් පළල් පත්‍ර නිවර්තන වැසි වනාන්තරයකි. මෙම ද්‍රෝණිය සමන්විත වන්නේ 7,000,000 km2 (2,700,000 sq mi) සරියකින් වන අතර එයින් 5,500,000 km2 (2,100,000 sq mi) පෙදෙසක් අයත් වන්නේ වැසි වනාන්තරයටය. මෙම පෙදෙසට ජාතීන් නවයකට අයත් බල ප්‍රදේශ අඩංගු වෙයි.

ඇමසෝන් වැසි වනාන්තරය
පෘතුගීසි: ෆ්ලොරෙස්ටා ඇමසෝනිකා

ස්පාඤ්ඤ: සෙල්වා ඇමසෝනික
මනාවුස්, බ්‍රසීලය අසබඩ ඇමසෝන් වැසි වනාන්තරය
Geography
Locationබ්‍රසීලය, පේරූ, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය, ප්‍රංශය (ප්‍රංශ ගයනාව)
Area5,500,000 km2 (2,100,000 sq mi)

වනාන්තරයෙන් වැඩි කොටසක් එනම් වැසි වනාන්තරයෙන් 60%ක් පිහිටන්නේ බ්‍රසීලය තුල වන අතර, ඉන් පසු 13%ක් පේරූ රාජ්‍යය තුලද, 10%ක් කොලොම්බියාව තුලද වන අතර ඉතිරි කුඩා කොටස් වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාමය සහ ප්‍රංශ ගයනාව අතර බෙදී යයි. ජාතීන් හතරක් විසින් ඔවුන්ගේ පළමු-පෙළ පරිපාලන පෙදෙස් හැඳින්වීමට "ඇමසෝනාස්" යන නම භාවිතා කරන අතර ප්‍රංශය විසින් එහි වැසි වනාන්තර ආරක්ෂිත ප්‍රදේශය හැඳින්වීමට "ගයනා ඇමසෝනියන් පාක්" යන නම භාවිතා කරයි.

සටහන් සහ ආශ්‍රිත

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ