ඇපලෝ 10

ඇපලෝ 10 (1969 මැයි 18-26) යනු නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහන යටතේ සිදු කෙරුණු හතරවැනි මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමනයි. එමෙන්ම, එය මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයා වටා කක්ෂගත වූ දෙවැනි අවස්ථාවද වෙයි. ප්‍රථම වරට මිනිසුන් චන්ද්‍රයා මත ගොඩබැසීමට පෙර, ඇපලෝ අභ්‍යවකාශ යානයේ සියලුම සං‍රචක සහ ක්‍රියා පටිපාටීන් පරික්ෂා කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම සිදු කෙරුනි. පෘථිවියෙන් පිටත්වී චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුලු වීමෙන් පසු, අභ්‍යවකාශගාමී ජෝන් යන්ග් අණදෙන සහ සේවා මොඩියුලය (CSM) තුලම රැඳී සිටිද්දී, තෝමස් ස්ටැෆර්ඩ් සහ ජීන් සර්නන් විසින් චන්ද්‍ර මොඩියුලය (LM) සඳේ මතුපිටට කි.මී. 15.6 ක් පමණ ආසන්නයට රැගෙන යන ලදී. එහෙත් ඔවුන් චන්ද්‍රයා මත ගොඩබැසීමක් සිදු නොකරම නැවතත් අණදෙන සහ සේවා මොඩියුලය සමග තටාකගත විය. චන්ද්‍රයා වටා කක්ෂ 31 ක් සම්පූර්ණ කළ ඇපලෝ 10, පිටත්වීමෙන් දින 8 කට පසුව ආරක්ෂිතව නැවතත් පෘථිවිය වෙත ළඟාවිය. ඉන් මාස දෙකකට පමණ පසු සිදු කෙරුනු ඇපලෝ 11 මෙහෙයුම මගින් ප්‍රථම වතාවට චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබසිනු ලැබීය.

ඇපලෝ 10
ඇපලෝ 10 අණදෙන සහ සේවා මොඩියුලය ("චාලි බ්‍රවුන්") සමග තටාකගත වීම සඳහා ඒ වෙත ළඟාවන චන්ද්‍ර මොඩියුලය ("ස්නූපි")
මෙහෙයුම් වර්ගයමිනිසුන් සහිත කක්ෂීය චන්ද්‍ර පියාසැරිය
ක්‍රියාකරුනාසා
COSPAR ID
  • CSM: 1969-043A[1]
  • LM: 1969-043C
SATCAT №
  • CSM: 3941
  • LM: 3948
මෙහෙයුම් පැවතුම් කාලයදින 8, මිනිත්තු 3, තත්පර 23
අභ්‍යාවකාශයානා ගුණාංග
අභ්‍යාවකාශ යානය
  • ඇපලෝ CSM-106
  • LM-4
නිෂ්පාදක
  • CSM: නෝත් ඇමෙරිකන් රොක්වෙල්
  • LM: ග්‍රමන්
දියත් ස්කන්ධය44,576 කිලෝග්‍රෑම් (98,273 lb)
ගොඩබැසීම් ස්කන්ධය4,945 කිලෝග්‍රෑම් (10,901 lb)
යානා පිරිස
යානා පිරිස් ප්‍රමාණය3
සාමාජිකයෝ
  • තෝමස් පී. ස්ටැෆර්ඩ්
  • ජෝන් ඩබ්. යන්ග්
  • ඉයුජීන් ඒ. සර්නන්
ඇමතුම් සන
  • CSM: චාලි බ්‍රවුන්
  • LM: ස්නූපි
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනයමැයි 18, 1969, 16:49:00 (මැයි 18, 1969, 16:49:00) UTC
රොකට්ටුවසැටර්න් V SA-505
අභ්‍යාවකාශගතකිරීම් අඩවියකෙනඩි LC-39B
මෙහෙයුමෙහි අවසානය
ගොඩබැසීම් දිනයමැයි 26, 1969, 16:52:23 (මැයි 26, 1969, 16:52:23) UTC
ගොඩබැසීම් අඩවිය15°2′S 164°39′W / 15.033°S 164.650°W / -15.033; -164.650 (Apollo 10 splashdown)
කක්ෂීය පරාමිතික
සමුද්දේශ පද්ධතියචන්ද්‍ර කේන්ද්‍රීය කක්ෂය
චන්ද්‍ර දූරකය109.6 කිලෝමීටරs (59.2 nmi)
චන්ද්‍ර සමීපකය113.0 කිලෝමීටරs (61.0 nmi)
ආනතියඅංශක 1.2
ආවර්තයපැය 2
චන්ද්‍රයා වටා කක්ෂගත විම
යානයේ කොටසඅණදෙන සහ සේවා මොඩියුලය
කක්ෂයට ඇතුල්වීමමැයි 21, 1969, 20:44:54 UTC
කක්ෂයෙන් පිටත්වීමමැයි 24, 1969, 10:25:38 UTC
සම්පූර්ණ කළ කක්ෂ ගණන31
චන්ද්‍රයා වටා කක්ෂගත විම
යානයේ කොටසචන්ද්‍ර මොඩියුලය
සම්පූර්ණ කළ කක්ෂ ගණන4 (තනිවම)
කක්ෂීය පරාමිති
චන්ද්‍ර සමීපකය14.4 කිලෝමීටරs (7.8 nmi)


වමේ සිට දකුණට: සර්නන්, ස්ටැෆර්ඩ්, යන්ග්


ඇපලෝ වැඩසටහන
← ඇපලෝ 9ඇපලෝ 11

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඇපලෝ_10&oldid=615537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ