අශෝක අධිරාජයා

(අශෝක අධිරාජ්‍යයා වෙතින් යළි-යොමු කරන ලදි)

ධර්මාශෝක ලෙසින් ජනප්‍රිය ලෙසින් හැඳින්වුණු, අශෝක (අසෝක ලෙසින්ද හැඳින්වෙයි; ප. 304 – 232 ක්‍රියුපෙ) යනු, ක්‍රිපූයු ප. 268 සිට 232 දක්වා ඉන්දියානු අර්ධද්වීපයෙහි මගධයෙහි තුන්වන මෞර්ය අධිරාජයා විය. [1] ඉන්දියාවේ මහා අධිරාජයන්ගෙන් එක් අයෙකු වන අශෝක සිය බලපරාක්‍රමය පැතිරවූ බලප්‍රදේශය, ඇෆගනිස්තානයෙහි හින්දු කුෂ් කඳු පන්තියෙහි සිට නැගෙනහිර දිශාවෙන් වර්තමාන බංග්ලාදේශය දක්වා පැතිර පැවතිණි. වර්තමාන තමිල් නාඩු සහ කේරල ප්‍රදේශයන්ගේ කොටස් හැර සමස්ත ඉන්දියානු අර්ධද්වීපයම පාහේ එයට අයත් විය. අධිරාජ්‍යයෙහි අගනගරය වූයේ පාටලීපුත්‍ර ( මගධයෙහි, වර්තමාන බිහාරයෙහි) වූ අතර, තක්ෂිලාව සහ උජ්ජේන් යන නගර, ප්‍රාදේශීය අගනගර වූහ.

අශෝක අධිරාජයා
චක්‍රවර්තී
රාජ්‍ය සමයබු.ව. 273-232
අභිෂේකයබු.ව. 270
පූර්වප්‍රාප්තිකයාබින්දුසාර
අනුප්‍රාප්තිකයාදසරථ මෞර්ය
භූමදානයCremated 232 BC, less than 24 hours after death
Ashes immersed in Ganges River, possibly in Varanasi
භාර්යාවන්
දරුවන්මහේන්ද්‍ර, සංඝමිත්තා,තීවාල, කුණාල, චාරුමතී
සම්පූර්ණ නාමය
අශෝක බින්දුසාර මෞර්ය
වංශයමෞර්ය රාජ වංශය
පියාබින්දුසාර
මවරාණි ධර්මා හෙවත් ශුභද්‍රාංගි
ආගමහින්දු ආගම, පසුව බුද්ධාගම

අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්‍රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ පර්සියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇසෑම් ආදී ඉන්දීය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසූර් ප්‍රාන්තය දක්වාද විහිදුනේය. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්යස්ථානය වූයේ මගධ දේශයයි.(වර්තමානයේ බිහාර් ප්‍රාන්තයයි) දිග් විජය කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාල වැදගත් ස්ථාන වල ස්මාරක පිහිටුවීය. ඔහුගේ නම අශෝකා යන්නෙහි තේරුම ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. ඔහුගේ ආඥාවන්හි ඔහු සඳහන් වන්නේ "දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි" නොහොන් දෙවියන්ට ප්‍රිය වූ සහ සැවොම දැකීමට කැමති තැනැත්තා වශයෙනි. විද්‍යා ප්‍රබන්ධ ලේඛක H.G.වේල්ස් අශෝක ගැන කියන්නේ මෙලෙසිනි.

"ඉතිහාසය තුල දහස් ගණනක් රජවරු සහ අධිරාජයෝ සිටියහ. ඔව්හු 'අති ශ්‍රේෂ්ඨ' "නෛකශ්රීන් විරාජමාන" "උත්කෘෂ්ඨ" යනාදි උපාධානයන්ගෙන් තමන්ම හඳුන්වා ගත්හ. ඔවුන් බැබලුනේ සුලු කාලයක් පමනි. සුලු කලෙකින් මතකයෙන් ගිලිහි ගියේය. එහෙත් අශෝක රජතුමා බැබැලුනේය. නොනවත්වා බැබලුනේය. දීප්තිමත් තරුවක් මෙන් අද දක්වා බබලන්නේය"

ඔහුගේම අඥාවන් සහිත ලියවිලි සමග ඔහුගේ පුරාවෘත්තය දෙවැනි සියවසේ 'අශෝකාවදාන' සහ 'දිව්‍යාවදාන' මෙන්ම සිංහල වංශකථාවක් වූ මහාවංශයේද විස්තරව ඇත. ඔහුගේ අධිරාජ්‍යය තුල තිබී කැණීමකදි මතු වූ සලකුණක් අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වේ.

අශෝක අධිරාජ්‍යය

චරිතාපදානය

අශෝක රජුගේ දිවියේ මුල් අවදිය

මෞර්ය අධිරාජ බින්දුසාර සහ ඔහුගේ සාපේක්ෂ ලෙසින් අඩු මට්ටමක බිරිඳක වූ ධර්මාට (හෝ ධම්මා) දාව අශෝක උපන්නේය. ඔහු, මෞර්ය රාජවංශයෙහි ආරම්භක චන්ද්‍රගුප්ත මෞර්යගේ මුණුපුරා විය. අවාදාන පෙළ කෘතීන් විසින් සඳහන් කරන්නේ, ඔහුගේ මව වූයේ ෂුභාද්රංගි රැජිණ බවයි. අශෝකවාදන ප්‍රකාර, ඇය චම්පා නුවර බ්‍රාහ්මණයෙකුගේ දුවණිය වූවාය. [2][3]:205 මාළිගා කූටෝපායයක් විසින් ඇය අධිරාජයා වෙතින් ඈත් කොට තැබුණද, අත්‍යන්තයෙහිදී එය අවසන් වී ඇය පුතෙකු වැදුවාය. "මම දැන් ශෝක නැත්තෙමි" ලෙසින් ඇය කල ප්‍රකාශය පරිදී, අශෝක ඔහුගේ නම ලැබීය. දිව්‍යවාදන පවසන්නේද සමතුල්‍ය කතාන්තරයක් වන මුත්, රැජිණගේ නම ලෙසින් ජනපදකල්‍යාණි දක්වයි.[4][5]

අශෝකට වැඩිමහල් උරෝජාතයන් කිහිප දෙනෙක් සිටි අතර, ඔවුන් සියළු දෙනාම, බින්දුසාරගේ අනෙකුත් බිරියන්ගෙන් උපන් අඩ-සොහොයුරෝ වූහ. ඉතා අඩු වයසකදී සටනට ඔහුගේ ඇති හැකියාව ප්‍රදර්ශනය කල අතර, ඔහු සඳහා රාජකීය හමුදා පුහුණුව ලබා දෙන ලදි. ඔහු දක්ෂ දඩයක්කාරයෙක් බව දන්නා කරුණක් වූ අතර, එක් කතාන්තරයකට අනුව, ලී දණ්ඩක් පමණක් භාවිතා කරමින් සිංහයෙකු මරා දමා ඇත. බිහිසුණු රණශූරයෙකු සහ අනුකම්පා විරහිත සෙන්පතියෙකු ලෙසින් ඔහුගේ ප්‍රසිද්ධිය නිසාම, මෞර්ය අධිරාජ්‍යයේ අවන්ති පළාතේ කැරළි මැඩ පැවැත්වීමට ඔහු යවන ලදි.[6]

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි


Edicts of Ashoka
(Ruled 269–232 BCE)
Regnal years
of Ashoka
Type of Edict
(and location of the inscriptions)
Geographical location
Year 8End of the Kalinga War and conversion to the "Dharma"
බහපූර්
උදේගෝලම්
නිට්ටූර්
මස්කි
බ්‍රහ්මගිරි
ජතිංගා
රාජුල මණ්ඩගිරි
යෙරාගුඩි
සාසාරාම්
බායිරාට්
භාබෲ
අහ්රෞරා
තක්ෂිලා
(අරමයික)
ලඝ්මාන්
(අරමයික)
අහ්රෞරා
සාසාරාම්
කන්දහාර්
(ග්‍රීක සහ අරමයික)
කන්දහාර්
ගිර්නාර්
ඛල්සී
සොපාරා
ජෞගාදා
ෂාබාස්ගර්හි
මාන්සෙහ්රා
සන්නති
ලුම්බිනී
නිගාලි සාගර්
නිගාලි සාගර්
නන්දන්ගාර්
ටොප්රා
මීරූට්
අරාරාජ්
අරාරාජ්,රාම්පූර්වා
රාම්පූර්වා
අයි ඛානූම්
(ග්‍රීක නගරය)
උජ්ජයින්
සුළු ශිලා ආඥාවල (ආඥා 1, 2 & 3) පිහිටීම
සුළු ශිලා ආඥා ලෙස වර්ග කෙරෙන සෙසු අභිලේඛන.
මහා ශිලා ආඥාවල පිහිටීම.
සුළු ස්තම්භ ආඥාවල පිහිටීම.
මහා ස්තම්භආඥාවල මුල් පිහිටුම.
අගනගර
Year 10[1]Minor Rock EdictsRelated events:
Visit to the Bodhi tree in Bodh Gaya
Construction of the Mahabodhi Temple and Diamond throne in Bodh Gaya
Predication throughout India.
Dissenssions in the Sangha
Third Buddhist Council
In Indian language: Sohgaura inscription
Erection of the Pillars of Ashoka
Kandahar Bilingual Rock Inscription
(in Greek and Aramaic, Kandahar)
Minor Rock Edicts in Aramaic:
Laghman Inscription, Taxila inscription
Year 11 and laterMinor Rock Edicts (n°1, n°2 and n°3)
(Panguraria, Maski, Palkigundu and Gavimath, Bahapur/Srinivaspuri, Bairat, Ahraura, Gujarra, Sasaram, Rajula Mandagiri, Yerragudi, Udegolam, Nittur, Brahmagiri, Siddapur, Jatinga-Rameshwara)
Year 12 and later[1]Barabar Caves inscriptionsMajor Rock Edicts
Minor Pillar EdictsMajor Rock Edicts in Greek: Edicts n°12-13 (Kandahar)

Major Rock Edicts in Indian language:
Edicts No.1 ~ No.14
(in Kharoshthi script: Shahbazgarhi, Mansehra Edicts
(in Brahmi script: Kalsi, Girnar, Sopara, Sannati, Yerragudi, Delhi Edicts)
Major Rock Edicts 1–10, 14, Separate Edicts 1&2:
(Dhauli, Jaugada)
Schism Edict, Queen's Edict
(Sarnath Sanchi Allahabad)
Lumbini inscription, Nigali Sagar inscription
Year 26, 27
and later[1]
Major Pillar Edicts
In Indian language:
Major Pillar Edicts No.1 ~ No.7
(Allahabad pillar Delhi-Meerut Delhi-Topra Rampurva Lauria Nandangarh Lauriya-Araraj Amaravati)

Derived inscriptions in Aramaic, on rock:
Kandahar, Edict No.7[2][3] and Pul-i-Darunteh, Edict No.5 or No.7[3]

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අශෝක_අධිරාජයා&oldid=676120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ